SLT-MOBITEL නව තේමාවක් යටතේ ඉදිරියට | සිළුමිණ

SLT-MOBITEL නව තේමාවක් යටතේ ඉදිරියට

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big' නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදුකරන ලදි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී එම හඳුන්වා දීම සිදුකෙරිණි.

මෙම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT අධ්‍යක්ෂ ජනාධිපති නීතීඥ මොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, සහ SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆනෑන්ඩස් ප්‍රමුඛව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.

SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Big'යන්න පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, වැඩි වැඩියෙන් ජනතාව වෙත සමීප වෙමින් ඔවුන්ගේ හදවත් දිනා ගැනීම ය. උත්සවයේදී අදහස් දැක්වූ SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු සමාගම කෙරෙහි කාර්ය මණ්ඩලය දැක්වූ ළැදියාව හා කැපවීම වෙනුවෙන් තම කෘතඥතාව පළකළ අතර, 2022 වසරේදී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන ප්‍රධාන පෙළේ වැඩසටහන් පිළිබඳ තොරතුරුද අනාවරණය කළේ ය.

Comments