Rakuten Viber සහ SLT-MOBITEL වෙතින් අසීමිත ඩේටා පැකේජ | සිළුමිණ

Rakuten Viber සහ SLT-MOBITEL වෙතින් අසීමිත ඩේටා පැකේජ

ශෂික සෙනරත්, මොබිටෙල් (පුද්.) සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සහ ඩේවිඩ් ට්සේ, Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක

Rakuten Viber, SLT-MOBITEL Mobile සමඟ අත්වැල් බැඳගනිමින් පාරිභෝගිකයින් හට ඔවුන් කොතැනක සිටියත් සබඳතා පවත්වා ගැනීමට උපකාරී වන 'Viber Free' ඩේටා පැකේජ පහසුකම පිරිනමයි. SLT-MOBITEL Mobile ජනප්‍රිය ඩේටා සැලසුම් හරහා Viber භාවිතයේ දී ජංගම දුරකථන පාරිභෝගිකයින්ට අසීමිත ඩේටා පහසුකම් භුක්ති විඳීමට මෙම ඒකාබද්ධ උත්සාහය තුළින් හැකි වේ.

SLT-MOBITEL Mobile ජංගම පෙර ගෙවුම් සහ පසු ගෙවුම් පාරිභෝගිකයින්ට දැන් නොමිලේ Viber ඇමතුම් (VoIP calls), කණ්ඩායම් වීඩියෝ (Group Video Chats), ප්‍රජාවන් (Communities), චැට් බොට් (Utilities Chatbots) සහ Viber ආකර්ෂණීය ස්ටිකර් (Attractive Stickers) වැනි අසමසම විශේෂාංග භුක්ති විඳීම සඳහා අසීමිත Viber ඩේටා ලබා ගත හැකි වේ. එමඟින් පාරිභෝගිකයින්ගේ දත්ත පෞද්ගලිකත්වය සුරැකීම සඳහා වැඩි දියුණු කළ ආරක්‍ෂාවක් සපයනු ලබයි. පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල්. 399/-, 499/-, 699/-, 999/-, 1999/- මුදලකට මෙම දීමනාව භුක්ති විඳීමට හැකි වන අතර පසු ගෙවීම් පාරිභෝගිකයින් සඳහා සැලසුම් සහිත ඕනෑම වේලාවක රුපියල් 1290/-, 1690/-, 2090/-, 2990/- සහ 3890/- මුදලකට මෙම නොමිලේ Viber දීමනාව භාවිත කළ හැකිය.

" අද්විතීය අත්දැකීමක් අපගේ ගෞරවනීය පාරිභෝගිකයින්ට ලබා දීම වෙනුවෙන් Viber සමඟ හවුල් වීමට ලැබීම ගැන අප සතුටු වනවා. සියලු ලාංකික පාරිභෝගිකයින් ගේ දත්ත ආරක්‍ෂාව පිළිබඳ අවධානයේ තබා ගැනීමට සහ ක්‍ෂණික පණිවුඩ හුවමාරුව ඉහළ යාම සඳහා මෙම බැඳීම හේතු වනු ඇති. එසේම අපගේ සාමුහික සම්පත්, විශේෂඥතාව හා සුරක්ෂිත ඉහළ පාරිභෝගික අත්දැකීමක් ලබා දෙන ආකාරයේ Rakuten Viber සමඟ ඇති මෙම දිගුකාලීන හවුල්කාරිත්වය ඒකාබද්ධ කිරීමට හැකියි...'' යනුවෙන් Mobitel (Pvt) Ltd.හි ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් පැවසීය.

Comments