ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මුදල් ප්‍රදානයක් | සිළුමිණ

ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ පවුලේ සුබසාධනයට මුදල් ප්‍රදානයක්

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී පසුගිය සිකුරාදා (03) අමානුෂික  ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
 
මේ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාශයේ සේවක සුබසාධක අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රදානය කිරීමට නියමිතය
 
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත්කර තිබුණි.
 

Comments