රාජ්‍ය සේව­ය­ට අලුත් වැටුප් ක්‍රම­යක් | Page 2 | සිළුමිණ

රාජ්‍ය සේව­ය­ට අලුත් වැටුප් ක්‍රම­යක්

රාජ්‍ය සේවයේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ජාතික වැටුප් කොමිසන් සභාවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට සමගාමීව අලුත් වැටුප් වැඩි කිරීම් සිදු කිරීමට යෝජිත බවද විශේෂයෙන් රජයේ වෘත්තීයවේදීන්ට විශේෂ වැටුප් වැඩි කිරීමක් සමඟ අලුත් වැටුප් පරිමාණයක් ඉදිරියේදී සකස් කෙරෙනු ඇත.

ඒ සමඟම වයස 65 ට වැඩි නමුත් විශ්‍රාම වැටුපක් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමටද රජය ඉදිරියේදී කටයුතු කිරීමට අපේක්ෂිතය.

Comments