ලංගම කම්ක­රු­වන්ට තාක්ෂ­ණික උස­ස්වීම් | සිළුමිණ

ලංගම කම්ක­රු­වන්ට තාක්ෂ­ණික උස­ස්වීම්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කම්කරුවන් ලෙස බඳවා ගත් සේවකයන් දහසකට ආසන්න පිරිසකට NVQ සහතික ලබා දී ඔවුන් තාක්ෂණික ශිල්පීන් ලෙස උසස් කිරීමට කටයුතු යොදා ඇතැයි ලංගම සභාපති නීතිඥ කිංස්ලි රණවක සිළුමිණට කීය. ලංගම ඉතිහාසයේ කම්කරුවන්ට මෙලෙස පිළිගත් අයුරින් තාක්ෂණ ශිල්පීන් ලෙස උසස්වීම් සිදු කරන්නේ ප්‍රථමවරටය.

පසුගිය රජය සමයේ කම්කරුවන් ලෙස බඳවාගෙන ඇති මේ පිරිස් ලංගම ඩිපෝවල දීර්ඝ කාලයක් සේවය කර ඇත්තේ බස් රථවල කාර්මික කටයුතු සහාය සඳහා වන බවත් ඔවුන්ට ඇති දැනුම අනුව ඔවුන් කම්කරුවන් ලෙස නොව කාර්මික ශිල්පීන් ලෙස උසස් කිරීමට අදාළ පියවර ගෙන ඇතැයිද ඔහු පැවසුවේය.

Comments