කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවයට පූර්ණ රාජ්‍ය ගෞරව | Page 2 | සිළුමිණ

කුසලධම්ම නාහිමි ආදාහන පූජෝත්සවයට පූර්ණ රාජ්‍ය ගෞරව

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති මහෝපාද්‍යාය ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට පියවර ගැනේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත එම කටයුතු සංවිධාන කෙරෙන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.
 
ආදාහන පූජෝත්සවය සිදු කරන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

Comments