ලංකාවේ පරි­ස­රය සුරැ­කී­මට සම­පෝෂ අත්වැල් බැඳ ගනී | සිළුමිණ

ලංකාවේ පරි­ස­රය සුරැ­කී­මට සම­පෝෂ අත්වැල් බැඳ ගනී

ලාංකේය පාරසරික වටිනාකම් මතු පරපුර වෙනුවෙන් සුරැකිම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන CBL සමපෝෂ අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යාංශය සහ පරිසර අධිකාරිය පසුගියදා නව පියවරක් තබන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන පරිසර හානි අවම කර ගැනිමට නිර්මාණය කරන ලද “සුරැකිමු ගංඟා“ ව්‍යාපෘතියේ ආරම්භක පියවරක් වශයෙන් මෙහිදි නව පරිසර හිතකාමී දිරාපත් වන බෑගයක් හඳුන්වා දුන්නේය. මැණික් ගං ඉවුර අසල රුහුණු කතරගම ඓතිහාසික පුදබිමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් හඳුන්වා දීම සිදු කෙරිණි.

මහජනයා නිතර ගැවසෙන දිවයින පුරා පිහිටි පූජනීය ස්ථාන තුළ දිරාපත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් බෑග් භාවිතය ඵලදායී ලෙස අවම කිරිම මෙහි අරමුණයි. ඒ අනුව මෙම පරිසර හිතකාමී බෑගය පළමුව පූජනීය ස්ථාන වෙත පරිත්‍යාග කිරිමට ද නියමිතයි.

පසුගියදා බොරලැස්ගමුව පූජනීය පිල්ලෑව බෝධිරාජ මහා විහාරයේදි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් මෙම සමපෝෂ පරිසර හිතකාමී බෑගය උත්සවාකාරයෙන් ජනගත කළේය. ඒ අනුව මහින්ද අමරවීර අමාත්‍යවරයාට මෙම පරිසර හිතකාමී බෑගය, CBL සමූහ අධ්‍යක්ෂිකා නිශ්කා වික්‍රමසිංහ, CBL සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරි තිලංක ද සොයිසා සහ CBL සමූහ ව්‍යාපාරයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා විසින් පිරි නමන ලදි.

Comments