HCL Technologies ශ්‍රී ලංකාවේ පළමු මෙහෙයුම් වසර සම­රයි | සිළුමිණ

HCL Technologies ශ්‍රී ලංකාවේ පළමු මෙහෙයුම් වසර සම­රයි

ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෙෂ්ත්‍රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමඟ එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සනිටුහන් කරන ලදි.

ලෝකයේ විශාලතම සමාගම් කිහිපයක් වෙනුවෙන් තාක්ෂණික වැඩසටහන්/ක්‍රමවේදයන් සම්පාදනය කරමින් මෙරට සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ අරමුණින් 2020 දී ශ්‍රී ලංකාවට සේන්දු විය. සමාගම දැන් සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය කොළඹ Orion City හී ස්ථාපනය කර ඇති අතර, එතැනින් ෙනානැවතී තවදුරටත් ව්‍යාප්ත වෙමින් සිය නවීන තම පන්නයේ කාර්යාලයක් කොළඹ නගරයේ Cinnamon Life හීද ස්ථාපනය කිරීමට යෙදී තිබේ.

මෙරට තුළ සිය වසරක මෙහෙයුම් අතරතුර, නව හැකියාවන් ඔප් නැංවීමට සහ ආකර්ෂණය පිණිස HCL විසින් වැඩසටහන් කිහිපයක් ම ක්‍රියාත්මක කරන ලදි. තාක්ෂණික මෙන්ම, තාක්ෂණික නොවන විෂයධාරා ඔස්සේ වසර 3ක හෝ වසර 4ක අධ්‍යයන කාලයන් නිමකළ තරුණ උපාධිධාරීන් වෙත HCL Sri Lanka විසින් මෘදුකාංග ඉංජිනේරුවන් හෝ තොරතුරු තාක්ෂණික විශ්ලේෂකයන් ලෙසින් තමන් හා එක්වීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය.

මෙම වසර මුල, සමාගම විසින් එහි මුල් වෘත්තීය වැඩසටහන වන HCL TechBee හඳුන්වා දුන්අතර, උසස් පෙළ සිසුන්හට සියවෘත්තීය ගමන්මඟ සකසා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන හොරයිසන් කැම්පස් වෙතින් උසස් අධ්‍යාපනය හිමිකර ගැනීමට එමඟින් අවස්ථාව සලසා දෙයි

Comments