ඇට්ලස් වෙතින් 5 වසර සිසුන්ට අධ්‍යා­ප­නික අත්වැ­ලක් | සිළුමිණ

ඇට්ලස් වෙතින් 5 වසර සිසුන්ට අධ්‍යා­ප­නික අත්වැ­ලක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වැඩිම ජනාදරයක් දිනාගත් සන්නාමය ලෙස සැලකෙන ඇට්ලස් (Atlas), මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන්‘ඇට්ලස් සිප් උදාන ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව අත්වැල නමින් මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක්’ක්‍රියාවට නංවා තිබේ. 2021 වසරේ නොවැම්බර් මාසයේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන්ට අත්වැලක් වීම මෙහි අරමුණයි. නොමිලේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව, මෙම වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා සෑම ඉරිදා දිනයකම පෙ.ව.8.30 සිට පැවැත්වේ. දැනට රටේ පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ පාසල් වසා දමා ඇති පසුබිමක් තුළ දරුවන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු සිදුකිරීම සඳහා අත්වැලක් වීමට ඇට්ලස් සමාගම දරනඋත්සාහයේතවත්එක්පියවරක් ලෙස මෙය හැඳින්විය හැක.

සිසුන්ටද සක්‍රීය ලෙස දායක විය හැකි ආකාරයට පවත්වනු ලබන මෙම සම්මන්ත්‍රණ මාලාව මෙහෙයවනු ලබන්නේ, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවාවේ සාමාජිකයෙකු වන චමින්ද ලියනාරච්චි විසිනි. ‍සුවිශේෂී ප්‍රවේශයක් තුළින්, සිසු සිසුවියන් සමඟ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පිළිතුරු මෙන්ම පිළිතුරු ලිවීමේ ක්‍රම ආදිය සාකච්ඡා කිරීම මෙම සම්මන්ත්‍රණයේ විශේෂත්වයකි. මීට අමතරව, ප්‍රශ්න විමසමින් තමන්ට ඇති ගැටලු විසඳා ගැනීමට ද සිසු සිසුවියන්ට මෙහිදී අවස්ථාව හිමිවනු ඇත.

Comments