සමන් දේවාල අවසන් පෙර­හර සඳුදා | Page 2 | සිළුමිණ

සමන් දේවාල අවසන් පෙර­හර සඳුදා

 රත්නපුර මහ සමන් දේවාලයේ වාර්ෂික මහ පෙරහර සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව සැප්තැම්බර් 20 සඳුදා විචිත්‍රවත් ව පැවැත්වීමට නියමිතය. මෙවර මහ පෙරහර 796 වැනි වරට පැවැත්වෙන්නේ ශ්‍රීපාදස්ථානාධිපති, පැල්මඬුල්ල සහ පොත්ගුල් රජමහා විහාරාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමිගේ අනුශාසකත්වය ඇතිව බස්නායක නිලමේ මිගාර ජයසුන්දරගේ මෙහෙයවීමෙනි. මහ පෙරහරට පෙර පැවැත්වෙන වීදී පෙරහරක් ඉකුත් සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ වූ අවස්ථාව මෙහි දැක්වේ. මෙවර පෙරහරේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි. පෙරහර පිළිබඳ විශේෂ ලිපියක් 17 වැනි පිටුවේ පළ වේ.

(ඡායාරූපය - රත්නපුර විශේෂ වාර්තාකරු, එන්. පී. රාජදෝරේ)

Comments