සුවධරණි ජාත්‍යන්තර ආයුර්වේද සඟරාවට Bio Extracts Baraka පූර්ණ අනුග්‍රහය | සිළුමිණ

සුවධරණි ජාත්‍යන්තර ආයුර්වේද සඟරාවට Bio Extracts Baraka පූර්ණ අනුග්‍රහය

 

 

ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශිෂ්ටත්වය ලෝකයට පවසන සුවධරණි ජාත්‍යන්තර සඟරාව පසුගියදා අරලියගහ මන්දිරයේදී එළිදැක්විණි. එම අවස්ථාවට අමාත්‍ය නාමල්රාජපක්ෂ, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ ඊ Bio Extracts ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීහුද සහභාගි වූහ. සුවධරණි සඟරාවට පූර්ණ අනුග්‍රහය දැක්වූයේ Baraka සන්නාමයෙන් වෙළෙඳපොළට ආයුර්වේද නිෂ්පාදන සපයන Bio Extracts ආයතනයයි.

දේශීය ආයුර්වේදයේ සහ හෙළවෙදකමේ විස්මිත සුවපත්කිරීමේ බලය ලෝකයට පවසන මාධ්‍යයක් ලෙස සුවධරණි ජාත්‍යන්තර සඟරාව හඳුන්වා දුන්නේ දේශීය ආයුර්වේද, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගේ සංකල්පයක් අනුවය. එම සඟරාව සඳහා මූල්‍ය සහ නිර්මාණ දායකත්වය දැක්වූයේ Bio Extracts ආයතනයයි. සුවධරණි සඟරාවේ දේශීය වෙදකම, ආයුර්වේදය සහ ස්වභාවික ශාකසාරයන්ගේ ඖෂධීය ගුණ පිළිබඳ වටිනා ලිපි, අදහස් සහ පර්යේෂණ තොරතුරු රැසක් අන්තර්ගතය.

Comments