සේවක හිඟ­යෙන් ළමා නඩු ගොඩ ගැසේ | Page 2 | සිළුමිණ

සේවක හිඟ­යෙන් ළමා නඩු ගොඩ ගැසේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ පවතින පුරප්පාඩු මෙන්ම වසර 23ක් ගත වන තෙක් ජාතික දත්ත පද්ධතියක් නොමැතිවීම නිසා දස වසරක් තිස්සේ එම අධිකාරියට ලැබුණු පැමිණිලිවලින් විභාග කිරීමට හැකි වී ඇත්තේ හරි අඩක් පමණි.

 

මේ පිළිබඳව සිළුමිණ කළ විමසීමකදී ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ 2020 වසර වන විට තිබූ පැමිණිලි 18,000න් 14,000ක් අවසන් කිරීමට හැකි වුවත් සේවක හිඟය නිසා දත්ත පද්ධතියට එක් වූයේ පැමිණිලි 2,000ක් පමණක් බවයි. ළමාරක්ෂක අධිකාරියේ වාර්තාවලට අනුව මේ වසරේ ජූනි 30 වන විට ළමයින් සම්බන්ධ ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 5,423කි.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිළුමිණට කියා සිටියේ ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු අවසන් මට්ටමේ පවතින බවයි. එමෙන්ම අධිකරණ අමාත්‍යාංශය සමඟ එකතුව ළමා පැමිණිලි කඩිනමින් විභාග කිරීමට ළමා අධිකරණ 9ක් පිහිටුවන බවද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

Comments