දුම්රි­යට ඇම­රි­කානු සහාය | Page 2 | සිළුමිණ

දුම්රි­යට ඇම­රි­කානු සහාය

මෙරට දුම්රිය සේවාව සංවර්ධනය කිරීම පිණිස ඇමරිකාවේ සහාය ලබා ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙරට දුම්රිය ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සහාය ලබා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් හා ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ අතර මූලික සාකච්ඡාවෙන් පසුගිය 30 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී පවත්වන ලදී.

එහිදී ඇමරිකාවේ ප්‍රමිතියෙන් ඉහළ මට්ටමක සිටින ‘ෆෝර්චූන් 500‘ ශ්‍රේණිගත කිරීමේ සමාගම්වල ඇගැයීම යොදා ගැනීමටද ඇමරිකාව තීරණය කර තිබේ.

ඒ යටතේ මෙරට දුම්රිය මාර්ග මෙන්ම දුම්රිය එන්ජින් මැදිරි ආදියේ තාක්ෂණය වැඩි දියුණු කර මඟී සේවාව වෙනුවෙන් කළ හැකි සේවාවන් කෙරෙහි අවධානය යොම කර තිබේ. එමෙන්ම ඇමරිකාවෙන් දුම්රිය මැදිරි හා එන්ජින් ආනයනයටද කටයුතු කෙරෙනු ඇත.

ඇමරිකාවෙන් 1954 වසරේ ආනයනය කරන ලද ජෙනරල් මෝටර්ස් සමාගමේ දුම්රිය එන්ජින් අදත් ඉතා හොඳ තත්ත්වයෙන් දුර සේවාවන් සඳහාද භාවිත කෙරේ.

Comments