SLT-MOBITEL වෙතින් කර­ව­නැල්ල මූලික රෝහ­ලට PCR යන්ත්‍ර | සිළුමිණ

SLT-MOBITEL වෙතින් කර­ව­නැල්ල මූලික රෝහ­ලට PCR යන්ත්‍ර

ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL,මේ වනවිට රටට විශාල අභියෝගයක් වී පවතින COVID-19 රෝගය මර්දනය කිරීමේ සටන ශක්තිමත් කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් රෝහල් වලට Polymerase Chain Reaction (PCR) යන්ත්‍ර ලබාදීමට සැලසුම් කර තිබේ. මේ යටතේ පරිත්‍යාග කරන ලද පළමු යන්ත්‍රය පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල මූලික රෝහල වෙත පරිත්‍යාග කරන ලදී. මෙම යන්ත්‍රයෙහි වටිනාකම රු. මිලියන 5 කට අධික ය.

SLT-MOBITEL නියෝජනය කරමින් SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක විසින් මෙම යන්ත්‍ර කරවනැල්ල මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී මානෙල් විමලරත්න වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කණක හේරත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ පළාතේ සෞඛ්‍ය නිලධාරීන් රැසක් ද, SLT-MOBITEL නියෝජනය කරමින් එහි කාර්යමණ්ඩල සාමාජිකයින් සහ කරවනැල්ල මූලික රෝහලේ කාර්ය මණ්ඩල නියෝජනය කරන පිරිසක් එක්වූහ. රෝහල් වල සහ රජයේ ඉල්ලීම් පරිදි ඉදිරියේදී මොනරාගල මූලික රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ රෝහල යන රෝහල් වෙතද PCR යන්ත්‍ර පරිත්‍යාග කිරීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ.

ඉහත සඳහන් රෝහල් අදාළ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරන නමුත්, COVID-19 රෝගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ උපකරණ හිඟ වීම නිසා එම රෝහල් වලට හා ජනතාවට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇත.

Comments