මහ­ජන බැංකුව යළිත් වරක් ‘ද බෑන්කර්’ විශි­ෂ්ට­තම බැංකු 1,000 අත­රට එක් වෙයි | සිළුමිණ

මහ­ජන බැංකුව යළිත් වරක් ‘ද බෑන්කර්’ විශි­ෂ්ට­තම බැංකු 1,000 අත­රට එක් වෙයි

අඛණ්ඩව සිවු වැනි වරටත් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් සඟරාව’ විසින් මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවත් වරක් එක් කරනු ලැබ තිබේ. එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ද බෑන්කර් සඟරාව, සිය Tier 1 capital කාණ්ඩය යටතේ මූලික වශයෙන් බැංකුි ශ්‍රේණිගත කරනු ලබයි. මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් පළ කළ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ කියා සිටියේ ‘කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ මෙවැනි ජයක් හිමි කරගැනීමට හැකි වීම තුළින් සැබැවින්ම ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක් හමුවේ නොසැලී සිටීමට ඇති හැකියාව මනාව පිළිබිඹු වන බවයි. ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම ගනුදෙනුකරුවන්ටත් කොටස් කරුවන්ටත් හෘදයාංගමව ස්තුතිවන්ත වන බවද කීය‍. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු මෙසේ පැවසීය.

‘අඛණ්ඩව 4 වැනි වරටත් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමේ අවස්ථාව අපට හිමි වීම පිළිබඳව ඉතාමත් සතුටටත්, ආඩම්බරයටත් පත් වෙනවා. අපගේ ජාතියත්, ජනතාවත් කෙරෙහි ඇති වගකීම මනාව ඉටු කරන බවට මෙය කදිම නිදසුනක්. තව තවත් ශක්තිමත් වෙමින් මින් ඉදිරියටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.’

Comments