පීපල්ස් ලීසිං සමා­ගමේ නව වෙබ් අඩ­විය විවෘත වෙයි | සිළුමිණ

පීපල්ස් ලීසිං සමා­ගමේ නව වෙබ් අඩ­විය විවෘත වෙයි

පීපල්ස් ලීසිං සමාගමේ පාරිභෝගිකයන්ට වැඩි පහසුව සලසන තාක්ෂණිකව වැඩිදියුණු කළ නව වෙබ් අඩවිය මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා විවෘත විය.

පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතිකකිරීමක් ලෙස භාෂා ති‍රත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මර්සිලින් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ නිල වෙබ් අඩවිය මෙසේ නැවත දියත් කෙරුණේ එම 25වන සංවත්සරය නිමිත්තෙනි.පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය දියත් කරමින් මුදල් රාජය අමාත්‍යවරයා අවධාරණය කළේ පීපල්ස් ලීසිං සමාගම සැමවිටම යමක් වෙනස් ආකාරයට සිදුකිරීමට මූලාරම්භය ලබාදෙන සමාගමක් බවය.

‘ඩිජිටල් ලෝකයෙන් ලැබෙන තාක්ෂණික පහසුකම් නිවැරදිව භාවිතාකරමින් මෙම නව තත්ත්වය හමුවේ සම්ප්‍රදායෙන් පිට පැන පීපලස් ලීසිං සමාගම කටයුතු කරන ආකාරය සෙසු ආයතනවලටත් කදිම ආදර්ශයක් බවද පැවසීය.

Comments