ලිට්රෝ ගෑස් වෙතින් LPG ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරයක් | සිළුමිණ

ලිට්රෝ ගෑස් වෙතින් LPG ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරයක්

 

LPG ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කරන ලිට්රෝ ගෑස්ලීටර් 18 ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරයක් ලිට්රෝ ගෑස් සමාගම හඳුන්වා දෙයි.

ජාතික LPG සැපයුම්කරු ලෙස වසර 150කට වැඩි උරුමයක් සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය විසඳුම් ලබාදීමට සැමවිටම ක්‍රියා කරන බව එම සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත පවසයි.

වැඩිවෙමින් පවතින පාරිභෝගික ඉල්ලුමට ප්‍රමුඛතාව දෙමින් LPGසඳහා සුවිශේෂී විසඳුමක් ලෙස ලීටර 18කින් සමන්විත ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බවත් මෙම සිලින්ඩරය ගෝලීය පිවිතරයන්ට අනුකූල වන අතර විශිෂ්ට ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින් ශ්‍රී ලංකාවේ LPG ක්ෂේත්‍රයේ නවතම වෙනසක් සිදුකිරිමට බලාපොරොත්තු වන බවත් ඔහුගේ අදහසයි.

රුපියල් 1,395.00ක මිලකට ලබාදෙන ලීටර් 18 ලිට්රෝ ප්‍රිමියම් හයිබ්‍රිඩ් සිලින්ඩරය සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික LPGඅවශ්‍යතාවට සරිලන බව ආයතනය පවසයි.

ගෝඨාභය රාජපක්ෂයන්ගේ මඟ පෙන්වීම හා ”සෞභාග්‍යයේ දැක්ම”රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව LPG මිල ගණන් වසරකට වැඩිකාලයක් ස්ථාවරව පවත්වා ගෙන යෑමෙන් අපගේ පාරිභෝගිකයන්ට විශාල ආර්ථික ප්‍රතිලාභ ලබා දීමට අපට හැකිවූ අතර අපගේ මේ නව නිෂ්පාදනය එම පොරොන්දුවට ඉමහත් වටිනාකමක් එක්කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු යැයි ආයතනය පවසයි.

75% කට වැඩි වෙළඳපොළ කොටසක් හිමිකර ගනිමින් LPG ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ලිට්රෝ ගෑස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කර තිබේ.

Comments