කොළඹ වරාය නග­රයේ විශේෂ ආර්ථික කලා­ප­යක් | සිළුමිණ

කොළඹ වරාය නග­රයේ විශේෂ ආර්ථික කලා­ප­යක්

කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන සී.එච්.ඊ.සීපෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි. මෙය ශ්‍රී ලංකාවට වැඩි සෘජු විදේශ ආයෝජන රැගෙන එන පියවරක් වනු ඇති බවට විශ්වාසය පළ කරන එම සමාගම, මෙම විශේෂ ආර්ථික කලාපය, විශේෂයෙන් යටිතල පහසුකම් ඉලක්ක කරගත් ජාත්‍යන්තර ව්‍යාපාර හා සේවා කේන්ද්‍රයක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

'කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත' මඟින් වරාය නගරය තුළ බලපාන මූලික නීතිමය රාමුව සකස් වනු ඇති අතරම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා හිතකර හා තරගකාරී පසුබිමක් සකස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Comments