සතියක් ‘ලොක්ඩවුන්’ නම් 5,000 සහනාධාරය දෙයි | සිළුමිණ

සතියක් ‘ලොක්ඩවුන්’ නම් 5,000 සහනාධාරය දෙයි

සතියකට වැඩි කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5,000ක සහනාධාර මුදල ලබාදීමට රජය තීරණය කර ඇත. නිවෙස්වල නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති 2 කට සරිලන බඩු මල්ලක් ලබා දීමට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රදානත්වයෙන් පැවැති රැස්වීමකදී තීරණය කෙරුණු අතර එයින් පසුව මේ තීරණය ක්‍රියාවට නංවා තිබේ. එම කටයුත්ත සඳහා දිසාපතිවරුන්, මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් සිදු කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. අවදානමට ලක්විය හැකි වැඩිහිටියන් රැක ගැනීම සඳහා සියලු පියවර ගන්නා ලෙසත් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙන ගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

Comments