vivo V20 නව විශේෂාංග සමගින් ළඟදීම වෙළඳපොළට | සිළුමිණ

vivo V20 නව විශේෂාංග සමගින් ළඟදීම වෙළඳපොළට

vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය.

සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප ලෝලීන් විශාල වශයෙන් ආකර්ෂණය කර ගනිමින් vivo V20, නවෝත්පාදනය කරන ලද camera සහ ස්මාර්ට් ජංගම දුරකථන නිර්මාණාත්මක සැලසුම් කෙරෙහි නව මානයක් විදහා දැක්වීමට අපේක්ෂා කෙරේ.

නවතම camera විශේෂාංග වලින් සමන්විතව වෙළඳ පොළට පැමිණීමට නියමිත vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය ඔබට Eye Autofocus විශේෂාංගය හඳුන්වා දෙයි. මේ පිළිබඳව වැඩි දුර අවධානය යොමු කිරීමේදී V20 ස්මාර්ට් ජංගම දුරකථනය smart photography ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.

Intelligent Eye Autofocus විශේෂාංගය මගින් ඔබේ ඇස් කොතැනට ගියත්, කුමන හැඟීමක් ප්‍රකාශ කළත් ඒවා නිරීක්ෂණය කළ හැකිය. වර්ණයන්ගෙන් සහ සුපැහැදිලි බවින් පොහොසත්ව වඩාත් දුරස්ථ ඡායාරූප හෝ වීඩියෝ ග්‍රහණය කර ගැනීමට මෙමගින් පරිශීලකයින්ට හැකි වේ. සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථන වල fixed focus විශේෂාංගයක් ඇති නමුත්, vivo හි Intelligent Eye Autofocus විශේෂාංගය ඡායාරූපකරණයේ නව මානයක් විවර කරයි. ඒ අනුව දැන් බොඳ වූ සෙල්ෆි, ඡායා රූප සහ වීඩියෝ පසෙක තැබීමට කාලය පැමිණ ඇත. ප්‍රබල හා බුද්ධිමත් Eye Autofocus විශේෂාංගය හඳුන්වා දීමත් සමඟ V20 තරුණ නිර්මාණකරුවන් සහ වෘත්තිකයන් වෙනුවෙන් ඡායාරූපකරණය නැවත නිර්වචනය කරමින් ‘Be the Focus’ අවස්ථාවක් ලබා දී ඇත.

Comments