ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී | සිළුමිණ

ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ඡායාරූප විස්තරය- 1. ඇග්‍රොමැක්ස් හි මෙහෙයුම් කළමණාකරු ජගත් මාරසිංහ, ඇග්‍රොමැක්ස් ආයතනයේ අලෙවි කළමණාකරු සමීර බණ්ඩාර, ඇග්‍රොමැක්ස් හි සභාපති රිහිමි රෙයාල්, ඇග්‍රොමැක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සදාත් මොහොමඩ් හා අබාන්ස් ආයතනයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී බුද්ධික ධර්මවර්ධන, අබාන්ස් ආයතනයේ සන්නාම කළමනාකරු ඇන්ජලෝ ප්‍රනාන්දු යන අය ගිවිසුම් හුවමාරු කර ගනිමින්

 Agromax අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්, දිවයින පුරා පිහිටි අබාන්ස් ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ තවදුරටත් ස්වකීය පාරිභෝගිකයන් වෙත ළඟා වීමට Agromax වෙත හැකියාව ලැබේ.

මෙලෙස රටපුරා වන අබාන්ස් ප්‍රදර්ශනාගර ජාලය ඔස්සේ, පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කෙරෙන ඇග්‍රොමැක්ස් ජල පොම්ප, සෑම තරාතිරමකම මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ ජල අවශ්‍යතා සපුරාලනු පිණිස, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කළ නිෂ්පාදන ලෙසින් පාරිභෝගිකයන් අතට පත් වෙයි. එමෙන්ම, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ජල අවශ්‍යතා සපුරාලීම හා පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සියලු දෙනා වෙත හිමි කරදීමේ දැක්මට අනුව කටයුතු කරන Agromax, මේ වන විටත් ගෘහස්ථ, කර්මාන්ත හා කෘෂිකාර්මික වශයෙන් පුළුල් පරාසයක ජල අවශ්‍යතා විසඳුම් ගණනාවක් ශ්‍රී ලාංකිකයින් වෙත ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, පවතින අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවත්, දේශීය පාරිභෝගික ඉල්ලුම සපුරාලමින් Agromax ජල පොම්ප දීප ව්‍යාප්ත වශයෙන් බෙදාහැරීම මෙන්ම, අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක් සැපයීමද එමගින් සිදු කෙරේ.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් හට ඉහළම තත්ත්වයේ ජල පොම්ප ඉදිරිපත් කිරීමට අමතරව, ඉතා විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක් පිරි නැමීමටද Agromax කටයුතු කරයි. දිවයින පුරා ව්‍යාප්ත එහි අලෙවියෙන් පසු සේවාව ජාලය මගින් පාරිභෝගිකයන්ගේ නිවෙස් වෙත ගොස් ජල පොම්ප අලුත්වැඩියා කටයුතු කර දෙමින් ඔවුන්ගේ ජල ගැටලු වලට කඩිනමින් විසඳුම් සපයා දීමේ හැකියාවද Agromax සතුව පවතී.

Comments