ධීවර දෙපාර්තුමේන්තුවෙන් ධීවරයන්ට දැනුවත් කීරීමක් | සිළුමිණ

ධීවර දෙපාර්තුමේන්තුවෙන් ධීවරයන්ට දැනුවත් කීරීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් ඉවත් වන ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබාදී ඇත
 
ධීවර දෙපාර්තුමේන්තුවේ  සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කරන පරිදි බහුදින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව වාර්තා වෙයි
 
ඊට අමතරව නිරිත, දකුණ සහ ගිණිකොන දිග ප්‍රදේශවලින් මුහුදු යන එක්දින සහ කුඩා ධීවර යාත්‍රා ද මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත්වන්නැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
 
 
පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.
 

Comments