ASUS නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) දැන් ශ්‍රී ලංකාවේ... | සිළුමිණ

ASUS නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) දැන් ශ්‍රී ලංකාවේ...

full I/O ports සහිත 10th Gen Intel Core CPU මගින් බලගැන්වෙන, edge-to-edge keyboards සහ four-sided NanoEdge displays සහිත අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ ලොව සිහින්ම ලැප් ටොප් පරිගණක සැප්තැම්බර් 13, ශ්‍රී ලංකාව, කොළඹ, ASUS වෙතින් ZenBook Classic මාදිලියේ අතට ඉතාමත් පහසු අඟල් 13.3 සහ 14 ප්‍රමාණයේ නවතම ZenBook 13 (UX325) සහ ZenBook 14 (UX425) ලැප්ටොප් පරිගණක දෙකක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය.

මේ ලැප් ටොප් මාදිලි දෙකම අතිශයින්ම සැහැල්ලු වන අතර ZenBook 13 හි බර 1.07 kg පමණ වේ. ලොව සිහින්ම මේ ලැප් ටොප් පරිගණකයන් විශාල I/O හැකියාවන් ඇතුළු full-size HDMI සහ USB Type-A ports විශේෂාංග වලින් සමන්විතය. ඊට අමතරව Thunderbolt™ 3 USB-C® සහ microSD card reader සඳහා versatile connectivity පහසුකම් වලින් ද සමන්විත වේ.

10th Generation Intel Core processors මගින් ZenBook 13 සහ ZenBook 14 ලැප් ටොප් පරිගණක බල ගැන්වෙන අතර මීට ඉහත නිකුත් කෙරුණු generation වලට වැඩි වේගවත්, සුමට හා ප්‍රතිචාරාත්මක කාර්ය සාධනයක් Core i7 series මගින් ලබා දෙයි. එහිදී එදිනෙදා ජිවිතයේ විවිධ අවශ්‍යතාවයන් සහ විනෝදාස්වාදය සඳහා පරිශීලකයන්ට උසස් අන්දමින් සහය ලබා දීමට 32 GB, high-speed RAM ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇත.

Comments