ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අතහිත | සිළුමිණ

ත්‍රිකුණාමලයේ දිය යට කෞතුකාගාරයට ටෝකියෝ සිමෙන්ති සමාගමේ අතහිත

ටෝකියෝ සිමෙන්ති සමාගමේ දෙවන දිය යට කෞතුකාගාරය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා විසින් ත්‍රිකුණාමලයේ සැන්ඩි බේ මුහුදු තීරයේ දී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිර්මාණ ශිල්පීන් අතින් නිමැවුණු මූර්ති වලින් අලංකාරවත් කරන ලද මේ කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ කර්තව්‍යයට ටෝකියෝ සිමෙන්ති සමූහය විසින් සිය දායකත්වය සැපයීය. මෑතකදී විවෘත කරන ලද ගාල්ලෙ පිහිටි සමුද්‍ර ජීව අභයභූමිය මෙන්ම, දේශීය හා විදේශීය සංචාරකයන්ට සහ සමුද්‍රීය ජෛව විවිධත්වය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට අසමසම කිමිදුම් අත්දැකීමක් ලබාදීමේ අරමුණ ඇතිව ඉදි කරන ලද මෙය, ශ්‍රී ලංකාවේ දෙවැනි දිය යට කෞතුකාගාරයයි.

උද්‍යානය අලංකාරවත් කරන මූර්ති නිර්මාණ සඳහා ලවණතාවට ඔරොත්තු දෙන දියයට ඉදිකිරීම්වලට වඩාත් යෝග්‍ය ටෝකියෝ සුපර් සංයෝග කරන ලද ද්‍රාව්‍ය සිමෙන්ති යොදාගෙන ඇත. වගුරුබිම් ආශ්‍රිතව ඉදිකිරීම් සඳහා නිර්දේශිත TOKYO SUPER BHC සිමෙන්තිය සල්ෆේට් සහ ක්ලෝරීන් ඛාදනය වළක්වාලමින් ඕනෑම ඉදිකිරීමක දිගුකාලීන පැවැත්ම සහතික කරයි. ශ්‍රී ලංකාවේ අඩුම කාබන් දර්ශකය හිමි සිමෙන්තිය ලෙස සිලෝන් ඉන්ස්ටිටියුට් ඔෆ් බිල්ඩර්ස් සහ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය යන ආයතන ද්විත්වයෙන්ම හරිත සම්මාන හිමිකරගෙන ඇති TOKYO SUPER BHC භාවිතයෙන් මුහුදු ජලයට කිසිදු අහිතකර රසායනිකද්‍රව්‍ය එක් වීමද වැළකේ. මෙමගින් මත්ස්‍යයින් සහ කොරල් ඇතුළු මුහුදුජීවින්ගේ පැවැත්මට වඩාත් උචිත පරිසරයක් මෙම සාගර උද්‍යානය තුළ සකස්වනු ඇත.

තම සමාගමේ කොරල්පර ප්‍රතිස්ථාපන වැඩසටහනේ දිගුකාලීන සහකරුවෙකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම දූරදර්ශී උත්සාහයට දායකවීමට හැකිවීම ටෝකියෝ සිමෙන්ති සමාගම ලද අතිමහත් ගෞරවයක් ලෙස සැලකේ.

Comments