ඒ නවය මාර්ගයේ රිය අනතුරු වලට හේතු හෙළි වෙයි | සිළුමිණ

ඒ නවය මාර්ගයේ රිය අනතුරු වලට හේතු හෙළි වෙයි

 
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ නාඋල ප්‍රදේශයේ දී සිදුවන බොහෝ රිය අනතුරු නොසැලකිල්ල හේතුවෙන් සිදුවන ඒවා බව නාඋල පොලිසිය ප්‍රකාශ කරයි
 
අළුතින් සංවර්ධනය වෙමින් පවතින මාර්ගයේ නාඋල ප්‍රධාන බුද්ධ මන්දීරය ආසන්නයේ සිට කිලෝමිර් කිහිපයක් එක දිගට පිහිටි පල්ලම් සහිත මාර්ගයේ සලකුණු කර ඇති සුදු ඉරි මගහැර මාර් ගය හරහා මාරැවීමේ දී මෙම අනතුරු වැඩි වශයෙන් සිදුවන බව පොලිසිය සඳහන් කරයි.
 
මෙම තත්ත්වය හේතුවෙන් පසුගිය සමයේ ජීවිත හානි පවා සිදු වූ බව පෙන්වා දෙන පොලිසිය අවධාරණය කරන්නේ මාර්ගය හරහා මාරුවීමේ දී හා පාගමනින් ගමන් ගන්නා අවස්ථාවන් වල දී ඉතා කල්පනා කාරිව ගමන් කල යුතු බවයි.
 
සැමවිටම මාර්ගය හරහා මාරු වන අවස්ථාවන් වලදි සුදු ඉරි සහිත ස්ථාන භාවිත කිරිම මෙන්ම මාර්ගයේ දෙපස පිළිබද වැඩි වමිසිලිමත් භාවය වැදගත් බව ද පොලිසිය අවධාරණය කළේය.
 
අද (17 ) උදෑසන කාලයේ දී නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් කිරිමට උත්සහා කල වැඩිහිටි කාන්තාවක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටි තුවාල ලැබු බව  නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පි.ජි.කේ. රත්නායක පොලිසිය කියා සිටියේය.
 
නිසි අවබෝධයෙන් යුතුව ඒ නවය මාර්ගය භාවිත කරන මෙන් නාඋල රථවාහන පොලිසිය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
 
(නාඋල සමූහ)

Comments