ෆොන්ටෙරා සමාගම කිරි නිෂ්පාදන සාම්පල එකතුවක් බැසිල් රාජපක්ෂයන් වෙත පිරිනමයි | සිළුමිණ

ෆොන්ටෙරා සමාගම කිරි නිෂ්පාදන සාම්පල එකතුවක් බැසිල් රාජපක්ෂයන් වෙත පිරිනමයි

ෆොන්ටෙරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන විද්‍යා සිවරාජා මහත්මිය විසින්, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂයන් වෙත අපනයන කිරි නිෂ්පාදන සාම්පල කට්ටලයක් පිරිනමන ලද අවස්ථාව

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ දැක්ම හා අරමුණු වලට සමගාමීව, තම අගය එකතු කළ කිරි නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වේගවත් කිරීමට ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම කටයුතු කර තිබේ.

මෙලෙස අපනයනය කරනු ලබන කිරි නිෂ්පාදන ඇතුළත් කට්ටලයක් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂයන් වෙත පසුගියදා ප්‍රදානය කරන ලදී.

මෙහිදී බැසිල් රාජපක්ෂයන් විසින් ෆොන්ටෙරා ආයතනයට කිරි සපයන කිරි ගොවීන් පිරිසකගේ උත්සාහයන් අගයමින්, ඔවුන් වෙත කෘෂි උපකරණ බෙදාදීමද සිදුකරන ලදි.

එමෙන්ම මෙහිදී බැසිල් රාජපක්ෂයන් ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම දේශීය කිරි භාවිතයෙන් කිරි නිෂ්පාදන නිපදවීම සඳහා ජාත්‍යන්තර තලයේ තාක්ෂණය භාවිත කරන ආකාරයද දැකබලා ගත්තේ ය. තමන් සමඟ අත්වැල් බැඳගෙන සිටින දේශීය කිරි ගොවීන් වෙතින් කිරි මිලදීගන්නා ෆොන්ටෙරා සමාගම, එම අතිනවීන තාක්ෂණය භාවිතයෙන් යෝගට්, නැවුම් කිරි, රස කළ කිරි සහ පානීය යෝගට් වැනි නිෂ්පාදන නිපදවයි.

Comments