පක්ෂ 3ක ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛන ගැසට් කෙරේ | සිළුමිණ

පක්ෂ 3ක ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛන ගැසට් කෙරේ

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රසයෙන් මෙවර ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනය එලෙස ගැසට් කර තිබේ.

ඒ අනුව, මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 17 කි.

1. මහාචාර්ය ජී. එල්. පීරිස්
2. නීතිඥ සාගර කාරියවසම්
3. අජිත් නිවාඩ් කබ්රාල්
4. මොහොමඩ් අලි සබ්රී
5. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ
6. මංජුලා දිසානායක
7. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර
8. මහාචාර්ය චරිත හේරත්
9. ගෙවිදු කුමාරතුංග
10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල්
11. මහාචාර්ය තිස්ස විතාරණ
12. යදාමිණි ගුණවර්ධන
13. ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
14. ටිරාන් අලස්
15. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල
16. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ
17. මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මීට අමතරව, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තවරාජ කලෙයි අරසන් සහ අහිල ඉලංගෙයි තමිල් අරුසු කොංග්‍රසයෙන් සෙල්වරාජ ගජෙන්තිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර ඇත.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, සෙසු පක්ෂවල ජාතික ලැයිස්තු නාම ලේඛන ලද විගස එම නම් ද ගැසට් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ජාතික ජනබලවේගය ඇතුළු පක්ෂවල ජාතික ලැයිස්තු සභික නම් මෙතෙක් මැතිවරණ කොමිසමට භාර දී නොමැත.

ජාතික මැතිවරණ කොමිසම පැවසුවේ, ලබන 14 වැනි දා තෙක් පමණක් ඊට අවස්ථාව හිමිවන බවයි.

Comments