ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 රාත්‍රියෙන් අවසන් | සිළුමිණ

ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 රාත්‍රියෙන් අවසන්

මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 මධ්‍මේන්තු මැතිවරණයට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අගෝස්තු 02 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් කළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් එස්. රත්නායක සඳහන් කළේ, ඉන් පසුව මැතිවරණය පැවැත්වෙන දින දක්වා නිහඬ කාලයක් තිබෙන බවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 12,985ක පැවැත්වීමට නියමිතය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන 71 ක් ස්ථාපිත ය.

ගණන් කිරීමේ ශාලා 2820ක් ස්ථාපිත කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ ය.

මෙවර මැතිවරණය සඳහා පොලීසිය ඇතුළුව රාජ්‍ය සේවකයින් ලක්ෂ තුනහමාරක් පමණ යෙදවීමට නියමිතව තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන අගෝස්තු 05 පැවැත්වීමට නියමිතය.

Comments