පුනරුත්ථාපන උපදේශිකාව ගමන් ගත් බස්වල තොරතුරු සොයයි | සිළුමිණ

පුනරුත්ථාපන උපදේශිකාව ගමන් ගත් බස්වල තොරතුරු සොයයි

කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වූ කන්දකාඩු මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාව ගමන් ගත් බස් රථ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඇය කන්දකාඩු සිට හලාවත කොස්වත්ත ප්‍රදේශය දක්වා පැමිණ ඇත්තේ පොදු මගී ප්‍රවාහන සේවා භාවිත කරමිනි.

එම කාන්තාවගේ සමීපතමයින් 42 කු ද ස්වයං නිරෝධායනයට යොමු කළ බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්, කොස්වත්ත කොට්ටාරමුල්ල, කළුගල්ලෑව හා තුම්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 

Comments