කොරෝනා වෛරසය සහ Fake News | සිළුමිණ

කොරෝනා වෛරසය සහ Fake News

චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ 130 වැඩි පිරිසක් මේ වන විට මරුමුවට පත් වී තිබේ.

6,000 ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙන අතර බ්‍රිතාන්‍යය, හොංකොං, ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් වෛරසය පැතිර යාම වැළැක්වීම පිණිස විවිධ පියවර ගනිමින් සිටිති.

මේ අතර චීනය තුළ සහ වෙනත් රටවල කොරෝනා වෛරසය පැතිර යන වේගයට වඩා ඉහළ වේගයකින් විවිධ ආකාරයේ ව්‍යාජ පුවත් පැතිර යමින් පවතී.

වෛරසය පැතිරයාම වැළැක්වීම පිණිස සියලු පියවර ගෙන තිබෙන බව අවධාරණය කරන ශ්‍රී ආණ්ඩුව, ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments