මැති­ව­ර­ණ­යෙන් මැති­ව­ර­ණ­යට වැඩි වන මනාප ලක්ෂ­ප­තියෝ | සිළුමිණ

මැති­ව­ර­ණ­යෙන් මැති­ව­ර­ණ­යට වැඩි වන මනාප ලක්ෂ­ප­තියෝ

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලි­මේ­න්තු­වට මන්ත්‍රී මණ්ඩ­ලය තෝරා පත් කර ගැනීම සඳහා අගෝස්තු 05 වැනි දින පැවැත්වූ මහ මැති­ව­ර­ණය වාර්තා තැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මුණ ලැබූ අති විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය නිසා පම­ණක් නොවේ. මනාප ඡන්ද සට­නේදී ලක්ෂ­යට වැඩි­යෙන් මනාප ලබා ගනි­මින් ලක්ෂ­ප­ති­යන් 50 දෙනකු මෙවර බිහි වීම ද මැති­ව­රණ ඉති­හා­සයේ සුවි­ශේෂි වාර්තා­වකි. මෙහිදි පන්ලක්ෂ විසි­හත් දහස් තුන්සිය හැට­හ­ත­රක් (5,27,364) ලබා මැති­ව­රණ ඉති­හා­සයේ මෙතෙක් වැඩිම මනාප සංඛ්‍යා­වක් ලබා ගනි­මින් වාර්තා­වක් හිමි කර­ගෙන සිටින්නේ අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාය. මීට පෙර මනාප පන්ල­ක්ෂය ඉක්මවූ අපේ­ක්ෂ­ක­යකු ලෙස වාර්තා­වක් තබා සිටියේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා පමණි. ඒ 2015 පැවති මහ මැති­ව­ර­ණ­යෙනි. එහෙත් ඔහු තැබූ වාර්තාව මෙවර කුඩු පට්ටම් වී ගියේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා මනාප 5,27,364ක් ලබා ගැනී­මත් සම­ඟය. මීට අම­ත­රව මනාප ලක්ෂ 3 ඉක්මවා ලබා ගත් ඡන්ද අපේ­ක්ෂ­කයෝ සිවු­දෙ­නෙක් සිටිති. කොළඹ දිස්ත්‍රි­ක්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණෙන් වැඩිම මනාප ලබා ගත් සරත් වීර­සේ­කර සහ සමගි ජන බල­වේ­ග­යෙන් තරග කළ සජිත් ප්‍රේම­දාස ද ගම්පහ දිස්ත්‍රි­ක්කයේ පොදු­ජන පෙර­මු­ණෙන් වැඩිම මනාප ලැබූ නාලක ගොඩ­හේවා සහ ප්‍රසන්න රණ­තුංග ද තුන් ලක්ෂ­ප­තියෝ වෙති. ගාල්ල දිස්ත්‍රි­ක්කයේ රමේෂ් පති­රණ, රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ පවිත්‍රා වන්නි­ආ­රච්චි සහ කොළඹ දිස්ත්‍රි­ක්කයේ විමල් වීර­වංශ දෙල­ක්ෂය ඉක්මවා මනාප ලැබූ දෙල­ක්ෂ­ප­තියෝ තිදෙ­නාය.

ඒ හැර නාමල් රාජ­පක්ෂ, චානක දිනු­ෂාන්, මහින්ද අම­ර­වීර, ශෂින්ද්‍ර රාජ­පක්ෂ, චමින්ද සම්පත්, මොහාන් ජී. ද සිල්වා, නිපුණ රණ­වක, කරුණා කොඩි­තු­වක්කු, ඩලස් අල­හ­ප්පෙ­රුම, දිලුම් අමු­ණු­ගම, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, ලොහාන් රත්වත්තේ, අනු­රාධ ජය­රත්න, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, වසන්ත යාපා බණ්ඩාර, ජීවන් තොණ්ඩ­මන්, ප්‍රේම­ලාල් ජ‍යසේ­කර, ජානක වක්කු­ඹුර, කනක හේරත්, රංජිත් සිය­ඹ­ලා­පි­ටිය, නිමල් සිරි­පාල ද සිල්වා, මෛත්‍රි­පාල සිරි­සේන, එස්.එම්. චන්ද්‍ර­සේන, චන්න ජය­සු­මන, උද්දික ප්‍රේම­රත්න, ෂෙහාන් සේම­සිංහ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගුණ­පාල රත්න­සේ­කර, දයා­සිරි ජය­සේ­කර, අසංක නව­රත්න, විදුර වික්‍ර­ම­නා­යක, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, සංජීව එදි­රි­මාන්න, පියල් නිශාන්ත, ජයන්ත සම­ර­වීර, ඉන්දික අනු­රුද්ධ, සිසිර ජය­කොඩි, නිමල් ලාන්සා, උදය ගම්ම­න්පිල, විජේ­දාස රාජ­පක්ෂ, බන්දුල ගුණ­ව­ර්ධන සහ සමගි ජන බල­වේගයෙන් තරග වැදුණු සරත් ෆොන්සේකා, රංජන් රාම­නා­යක යන අය මනාප ලක්ෂය ඉක්මවා ලැබූ ලක්ෂ­ප­තියෝ වෙති. මේ අනුව මෙවර මහ මැති­ව­ර­ණ­යෙන් තේරි පත්වූ ලක්ෂ­ප­ති­යන් ගණන 43කි.

මේ සා ලක්ෂ ගණ­නින් මනාප ලබන ඡන්ද අපේ­ක්ෂ­ක­යන් බිහි වූයේ සමා­නු­පා­තික නියෝ­ජන ඡන්ද ක්‍රමය මෙරට ආරම්භ වීමත් සම­ඟිනි. ඊට පෙර මෙරට පැව­තුණේ ආසන මට්ට­මෙන් මන්ත්‍රී­ව­රුන් තෝරා පත් කර ගන්නා කේවල ඡන්ද ක්‍රම­යකි. සමා­නු­පා­තික ඡන්ද ක්‍රම­යට අනුව මෙරට ප්‍රථම වතා­වට මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වූයේ 1988 පළාත් සභා මැති­ව­ර­ණ­යයි. සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය යටතේ මෙරට පැවැත්වූ මහ මැති­ව­ර­ණය ලෙස ඉති­හා­ස­ගත වී තිබෙන්නේ 1989 පෙබ­ර­වාරි 15 වැනිදා පැවැති මහ මැති­ව­ර­ණ­යයි. 1977 මහ මැති­ව­ර­ණයේ, මැති­ව­රණ කොට්ඨාස 168ක් යටතේ පවත්වා මහ­ජන නියෝ­ජි­ත­යන් 168 දෙනකු ‍තෝරා ගත්තද 1978 ව්‍යවස්ථාට අනුව තෝරා ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව 225කි. ඉන් 196 දෙනකු දිස්ත්‍රික් සමා­නු­පා­තික නියෝ­ජන ක්‍රම­යට තෝරා ගැනෙන අතර ඉතිරි 29 දෙනා පත්වන්නේ ජාතික ලැයි­ස්තු­වෙනි. මන්ත්‍රීන් 196 දෙනා සඳහා එක් එක් දිස්ත්‍රි­ක්ක­ව­ලින් තෝරා ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාව ද 1978 ව්‍යව­ස්ථා­වෙන් තීර­ණය විය. 1989 පැවති මහ මැති­ව­ර­ණ­යෙන් ජය ලැබුවේ එවක පාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂ­යයි. මනාප ඡන්ද සටනේ එදා ලක්ෂය ඉක්මවූ මන්ත්‍රීන් සිටියේ 4 දෙනකු පමණි. ඉන් දෙදෙ­නෙක් දෙල­ක්ෂය ඉක්මවා සිටි­යහ. ඒ, කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදුණු ලලිත් ඇතු­ල­ත්මු­දලි සහ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යටතේ තරග කළ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යයි. ලලිත් ඇතු­ල­ත්මු­දලි මහතා ලැබූ මනාප ඡන්ද සංඛ්‍යාව 2,35,447කි. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය ලැබූ මනාප ගණන 2,14,390කි. ඊට අම­ත­රව එක්සත් ජාතික පක්ෂ­යෙන් ජය ලැබූ ජෝශප් මයි­කල් පෙ‍ෙර්රා 1,40,094ක ප්‍රමා­ණ­යක් මනාප ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යෙන් තරග වැදුණු අනුර බණ්ඩා­ර­නා­යක 1,07,171ක මනාප ප්‍රමා­ණ­යක් ලබා ගත්තේය. 1989 මහ මැති­ව­ර­ණයේ දෙදෙ­නකු ලක්ෂ­ප­ති­යන් වී දෙදෙ­නකු දෙල­ක්ෂ­ප­ති­යන් වූයේ ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව වන 9,3,74,164ක් සහ ඡන්ද ප්‍රකාශ කළ ගණන 59,62,031 (63.6%) ක්ව තිබෙන වක­වා­නු­වක බව අප අම­තක නොකළ යුතුය.

ඉන් අන­තු­රුව සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය යටතේ මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වූයේ 1994 දීය. 1994 අගෝස්තු 16 දින පැවැත්වූ මහ මැති­ව­ර­ණ­යෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් අත්කර ගත්තේ පොදු ජන එක්සත් පෙර­මු­ණයි. 1993 දී බස්නා­හිර පළාත් සභා මැති­ව­ර­ණ­යෙන් පොදු ජන එක්සත් පෙර­මු­ණෙන් තරග කර ජය ලබා බස්නා­හිර මහ ඇම­ති­නිය ලෙස පත් වී සිටි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය 1994 මහ මැති­ව­ර­ණ­යේදී හාර ලක්ෂ හැට හතර දහස් පන්සිය අසූ අටක් මනාප ලබා හාර­ල­ක්ෂ­ප­ති­නි­යක වී රටේ අග­මැ­ති­නිය වූවාය. ඈ ලබා ගත් මනාප සංඛ්‍යාව ඓති­හා­සික වාර්තා­වක් ම විය. මෙම වාර්තාව බිඳ වැටුණේ 2015 දී කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළ රනිල් වික්‍ර­ම­සිංහ අතිනි. 2015 දී ඔහු මනාප පන්ලක්ෂ පන්සිය හැට­හ­යක් (5,00,566) ලබා චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය තැබූ මනාප වාර්තාව බිඳ හෙළීය. 1994 මහ මැති­ව­ර­ණ­යෙන් එක්සත් ජාතික පක්ෂ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට තරග කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ 2,91,194ක මනාප සංඛ්‍යා­වක් දිනා ගෙන දෙල­ක්ෂ­ප­ති­යෙක් විය. ඊට අම­ත­රව 1994 මහ මැති­ව­ර­ණය මනාප ලක්ෂ­ප­ති­යන් 11 දෙනකු බිහි කළේය. ශ්‍රීමනි ඇතු­ල­ත්මු­දලි, සී.වී. ගුණ­රත්න, නිමල් සිරි­පාල ද සිල්වා, ජෝන් අම­ර­තුංග, ජෙය­රාජ් ප්‍රනාන්දු පුල්ලේ, ගාමිණි දිසා­නා­යක, දි.මු. ජය­රත්න, අම­ර­සිරි දොඩං­ගොඩ, රිචඩ් පති­රණ, එස්.බී. නාවින්න සහ ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා මෙම ලක්ෂ­ප­තියෝ වූහ. මෙම ලක්ෂ­ප­ති­යන් බිහි වූයේ 1994 වර්ෂයේ ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව වන 1,09,45,065කගෙන් ප්‍රකා­ශිත ඡන්ද සංඛ්‍යාව වූ 83,44,101 කගේ මනා­ප­ව­ලිනි.

94 තේරී පත්වූ පාර්ලි­මේ­න්තුව 2000 සැප්තැ­ම්බර් මාස­යෙන් අව­සාන විය. ඉන් අන­තු­රුව පාර්ලි­මේ­න්තුව තෝරා පත් කර ගැනීමේ මහ මැති­ව­ර­ණය 2000 ඔක්තෝ­බර් 10 වැනි දින පැවැ­ත්විණි. මෙම මැති­ව­ර­ණ­යෙන් මනාප සංඛ්‍යාව ලක්ෂ තුනක් ඉක්මවා ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට තරග වැදුණු පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ පමණි. ඔහු ලැබූ මනාප ගණන 3,63,668කි. ඉන්ප­සුව දෙල­ක්ෂ­ප­ති­යකු වූයේ එක්සත් ජාතික පක්ෂ­යෙන් තරග කළ කරූ ජය­සූ­රි­යයි. ඒ හැර රවී කරු­ණා­නා­යක, ජී.ඇල්. පීරිස්, දිනේෂ් ගුණ­ව­ර්ධන, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් ප්‍රේම­ජ­යන්ත, ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ, රත්න­සිරි වික්‍ර­ම­නා­යක, අනු­රුද්ධ රත්වත්ත, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, රිචඩ් පති­රණ, වජිර අ‍ෙබ්ව­ර්ධන, ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා, පවි­ත්‍රා­දේවි වන්නි­ආ­රච්චි හා ගාමිණි අතු­කෝ­රළ යන 14 දෙනා මනාප ලක්ෂය ඉක්මවා ජන වර­මක් හිමි කර ගත් අය වූහ. 2000 වන විට ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව 1,20,71,062ක් වූ අතර ඡන්දය දුන් සංඛ්‍යාව 91,28,823ක් විය. මේ අනුව මැති­ව­ර­ණ­යෙන් මැති­ව­ර­ණ­යට ඡන්ද දාය­ක­යන්ගේ සංඛ්‍යාව ඉහළ යන විට ලක්ෂය ඉක්මවා මනාප ලබා ගන්නා ඡන්ද අපේ­ක්ෂ­ක­යන්ගේ සංඛ්‍යාව ද ඉහළ යන බව දැකිය හැකිය.

2000 මහ මැති­ව­ර­ණ­යෙන් පොදු ජන එක්සත් පෙර­මුණ ජය­ග්‍ර­හ­ණය ලබා රජ­යක් පිහි­ටු­වනු ලැබූ­වත් එම බලය රඳවා තබා ගැනී­මට හැකි වූයේ වස­රක් පමණි. ආණ්ඩු පක්ෂය ඇතු­ළත හට ගත් ගැටුම් හා මත­භේද නිසා ජනා­ධි­ප­ති­නිය චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග ආණ්ඩුව විසු­රුවා හැරි­යාය. 2001 දෙසැ­ම්බර් 05 වැනි දින නැව­තත් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිදු වූයේ එබැ­විනි. මෙම මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළේ එක්සත් ජාතික පෙර­මු­ණය. මෙම මැති­ව­ර­ණ­යෙන් හාර­ල­ක්ෂය ඉක්මවා වැඩිම මනාප සංඛ්‍යා­වක් ලබා ගත්තේ එක්සත් ජාතික පෙර­මුණෙ පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ විසිනි. ඒ 4,15,686කි. ඉන්ප­සුව දෙල­ක්ෂ­ප­ති­යන් වූයේ එම පක්ෂ­යෙන්ම තරග වැදුණු කරූ ජය­සූ­රීය සහ පොදු ජන එක්සත් පෙර­මු­ණෙන් තරග කළ අනුර බණ්ඩා­ර­නා­යක යන දෙප­ළය. ඒ හැර මන්ත්‍රි­වරු 18 දෙනෙක් ලක්ෂය ඉක්මවා මනාප ලබා සිටි­යහ. මිලින්ද මොර­ගොඩ, රවී කරු­ණා­නා­යක, ඒ.එච්.එම්. ෆවුසි, ජය­ලත් ජය­ව­ර්ධන, මහින්ද සම­ර­සිංහ, රාජිත සේනා­රත්න, රත්න­සිරි වික්‍ර­ම­නා­යක, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, අනු­රුද්ධ රත්වත්ත, ආරු­මු­ගම් තොණ්ඩ­මන්, පී. චන්ද්‍ර­සේ­ක­රන්, මුත්තු සිව­ලිං­ගම්, වජිර අබේ­ව­ර්ධන, මංගල සම­ර­වීර, ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි අතු­කෝ­රළ හා සුසන්ත පුංචි නිලමෙ මනාප ලක්ෂ­ප­තියෝ 18 දෙනා වූහ.

එහෙත් එක්සත් ජාතික පෙර­මුණු ආණ්ඩුවේ ආයු කාලය තිබුණේ අවු­රුදු 2යි මාස 4 යි දින 3ක් පමණි.

හිටපු ජනා­ධි­ප­ති­නිය රජය විසු­රුවා හැරීම නිසා මහ මැති­ව­ර­ණ­යක් නියම වී නැව­තත් මනාප පොරය ආරම්භ විය. 2004 අප්‍රේල් 02 වැනි දින පැවැත්වූ මහ මැති­ව­ර­ණ­යෙන් එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ජය­ග්‍ර­හ­ණය කළේය. මෙහි එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය සමඟ ජනතා විමුක්ති පෙර­මුණ එකතු වීම විශේ­ෂ­ත්ව­යකි. මෙම මහ මැති­ව­ර­ණ­යේදී ද ඉහ­ළම මනාප ලබා ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍ර­ම­සිං­හය. ඔහුට හිමි වූ මනාප සංඛ්‍යාව 3,29,524කි. ඉන් අන­තු­රුව දෙල­ක්ෂ­ප­තියෝ තිදෙ­නෙක් සිටි­යහ. විමල් වීර­වංශ, විජිත හේරත්, කරූ ජය­සූ­රිය එකී තිදෙනා වෙති. ලක්ෂය ඉක්මවා මනාප ලැබූ අය ලෙස සුනිල් හඳු­න්නෙත්ති, ලක්ෂ්මන් නිපු­ණ­ආ­රච්චි, සුසිල් ප්‍රේම­ජ­යන්ත, අනුර බණ්ඩා­ර­නා­යක, සිරි­පාල අම­ර­සිංහ, අන්ජාන් උම්මා, නන්දන ගුණ­ති­ලක, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, දිමුතු බණ්ඩාර අබේ­කෝන්, ජී.එච්. අජිත් කුමාර, චන්ද්‍ර­සේන වි‍ෙජ්සිංහ, වජිර අ‍ෙබ්ව­ර්ධන, මංගල සම­ර­වීර, ජින­දාස කිතු­ලේ­ගොඩ, ප්‍රේම­සිරි මානගේ, මහින්ද රාජ­පක්ෂ, සෙල්ව­රාජා ග‍ෙජ්න්ද්‍රන්, අනුර කුමාර දිසා­නා­යක, බිමල් රත්නා­යක, නාමල් කරු­ණා­රත්න, ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කේ.ඩී. ලාල්කාන්ත, රණ­වීර පති­රණ, පවිත්‍රා වන්නි­ආ­රච්චි, තලතා අතු­කෝ­රළ යන 26 දෙනා හැඳි­න්විය හැකිය.

ඉන් අන­තු­රුව මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වූයේ 2010 අප්‍රේල් 08 වැනි­දාය. මෙම මැති­ව­ර­ණය වන විට ලියා­ප­දිංචි ඡන්ද සංඛ්‍යාව 1,40,88,500 ක් වන අතර ඡන්දය ප්‍රකාශ කළ ගණන 86,30,689ක් විය. 2010 මහ මැති­ව­ර­ණ­යෙන් ඉහ­ළම මනාප සංඛ්‍යා­වක් දිනා ගත්තේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් තරග කළ බැසිල් රාජ­ප­ක්ෂය. ඔහුට හිමි වූ මනාප සංඛ්‍යාව හාර­ලක්ෂ විසි­ප­න්ද­හස් අට­සිය හැට­එ­කකි (4,25,861). මෙම මැති­ව­ර­ණ­යෙන් දෙල­ක්ෂ­ප­ති­යන් බිහි වූයේ දෙදෙ­නකු පමණි. ඔවුන් දෙදෙනා වන්නේ එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට තරග කළ විමල් වීර­වංශ සහ එම දිස්ත්‍රි­ක්ක­ය­ටම එක්සත් ජාතික පක්ෂ­යෙන් තරග කළ පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ ය. විමල් වීර­වංශ මනාප 2,80,672ක් දිනා ගත්තේය. රනිල් වික්‍ර­ම­සිං­හට හිමි වූයේ 2,32,957කි. ඒ හැර මනාප ලක්ෂය ඉක්මවා ලබා ගත් ලක්ෂ­ප­තියෝ 22 දෙනෙක් වූහ. දුමින්ද සිල්වා, පාඨලි චම්පික රණ­වක, දි‍ෙන්ෂ් ගුණ­ව­ර්ධන, සුද­ර්ශනි ප්‍රනා­න්දු­පුල්ලෙ, මර්වින් සිල්වා, අතු­ර­ලියේ රතන හිමි, කුමාර වෙල්ගම, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, එස්.බී. දිසා­නා­යක, නිශාන්ත මුතු­හෙ­ට්ටි­ගම, නාමල් රාජ­පක්ෂ, මහින්ද අම­ර­වීර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ටී.බී. ඒක­නා­යක, දයා­සිරි ජය­සේ­කර, එස්.එම්. චන්ද්‍ර­සේන, දුමින්ද දිසා­නා­යක, නිමල් සිරි­පාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙ­වි­රත්න, පවිත්‍රා වන්නි­ආ­රච්චි සහ රංජිත් සිය­ඹ­ලා­පි­ටිය මෙම 22 දෙනාය.

2010 පත්වූ පාර්ලි­මේ­න්තුවේ වසර 5ක කාලය ඉක්ම වූ පසු නැව­තත් පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට අවශ්‍ය විය. ඒ අනුව 2015 අගෝස්තු 17 වැනි දින මහ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සියලු කට­යුතු පිළි­යෙල කෙරිණි. මෙම මැති­ව­ර­ණ­යෙන් වැඩිම මනාප සංඛ්‍යා­වක් හිමි කර ගත්තේ කොළඹ දිස්ත්‍රි­ක්කය සඳහා එක්සත් ජාතික පෙර­මු­ණෙන් තරග කළ, පක්ෂ නායක රනිල් වික්‍ර­ම­සිංහ ය. ඔහු මනාප 5,00,566ක් ලබා ගනි­මින් 1994 චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග තබා තිබූ වාර්තාව බිඳ හෙළු­වේය. ඉන් අන­තු­රුව වැඩිම මනාප සංඛ්‍යා­වක් ලබා ගත්තේ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යෙන් එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට තරග කළ මහින්ද රාජ­පක්ෂ මහ­තාය. ඔහු ලැබූ මනාප සංඛ්‍යාව හාර­ලක්ෂ විසි­තු­න්ද­හස් පන්සිය විසි නව­යකි. (4,23,529). එවර මනාප ලක්ෂ තුන ඉක්මවා ලබා­ගත් දෙදෙ­නෙක් වූහ. කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට තරග වැදුණු විමල් වීර­වංශ (මනාප 3,13,801) සහ එම පක්ෂ­යෙන්ම ගම්පහ දිස්ත්‍රි­ක්ක­යට තරග වැදුණු ප්‍රසන්න රණ­තුංග (මනාප 3,84,448) එම දෙදෙ­නාය. මනාප ලක්ෂ 2 ඉක්මවා ලබා ගත් සිව්දෙ­නෙකි. රන්ජන් රාම­නා­යක, කුමාර වෙල්ගම, අකිල විරාජ් කාරි­ය­ව­සම් සහ හරීන් ප්‍රනාන්දු එම දෙල­ක්ෂ­ප­තියෝ සිවු­දෙනා වෙති.

2015 මහ මැති­ව­ර­ණ­යෙන් මනාප ලක්ෂය ඉක්මවා දිනා ගත් ලක්ෂ­ප­තියෝ 40 කි. සුජීව සේන­සිංහ, හර්ෂ ද සිල්වා, රවී කරු­ණා­නා­යක, පාඨලි චම්පික රණ­වක, උදය ගම්ම­න්පිල, සුසිල් ප්‍රේම­ජ­යන්ත, දිනේෂ් ගුණ­ව­ර්ධන, අර්ජුන රණ­තුංග, රුවන් වි‍ෙජ්ව­ර්ධන, හර්ෂණ රාජ­ක­රුණා, අජිත් මාන්න­ප්පෙ­රුම, ප්‍රසන්න රණ­වීර, රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන, ජයන්ත සම­ර­වීර, රාජිත සේනා­රත්න, අජිත් පෙරේරා, පාලිත තෙව­ර­ප්පෙ­රුම, ලක්ෂ්මන් කිරි­ඇල්ල, මයන්ත දිසා­නා­යක, ඒ.එච්.ඒ. හලීම්, රාවුෆ් හකීම්, ලොහාන් රත්වත්ත, මහි­න්දා­නන්ද අලු­ත්ග­මගේ, දිලුම් අමු­ණු­ගම, පී. දිග­ම්බ­රම්, චන්දිම වීර­ක්කොඩි, රමේෂ් පති­රණ, ගයන්ත කරු­ණා­ති­ලක, වජිර අබේ­ව­ර්ධන, ඩලස් අල­හ­ප‍්පෙ­රුම, නාමල් රාජ­පක්ෂ, සජිත් ප්‍රේම­දාස, දයා­සිරි ජය­සේ­කර, ජේ.සී. අල­ව­තු­වල, එස්.එම්. චන්ද්‍ර­සේන, පී. හැරි­සන්, නිමල් සිරි­පාල ද සිල්වා, ප්‍රේම­ලාල් ජය­සේ­කර, තලතා අතු­කෝ­රළ සහ කබීර් හෂීම් මෙම ලක්ෂ­ප­තියෝ 40 දෙනා වෙති.

2020 මහ මැති­ව­ර­ණය වන විට ලක්ෂ ගණ­නින් මනාප ලබා ගත් සම­හ­රුන්ගේ මනාප අඩු වී පහ­තට වැටී තිබේ. තවත් මන්ත්‍රී­වරු දේශ­පා­ල­න­යෙන් ඉවත් වී සිටිති. පෙර පැවැත්වූ මැති­ව­ර­ණ­වල මනාප අඩු වූ මන්ත්‍රී­වරු මෙවර වැඩි මනාප ලබා පෙර­මුණ ගෙන සිටිති. ඒ අත­ර­වා­ර­යේදී සරත් වීරසේකර, නාලක ගොඩ­හේවා වැනි අලුත් අය මනාප ලක්ෂ ගණ­නින් දිනා සිටිති. සමා­නු­පා­තික නියෝ­ජන ක්‍රමය පව­තින තාක් කල් මනාප සටන මේ ආකා­ර­ය­ටම දැක ගත හැකි වන්නේය.

Comments