ලෙබනනයට යුරෝ මිලියන 250 ක හදිසි ආධාරයක් | සිළුමිණ

ලෙබනනයට යුරෝ මිලියන 250 ක හදිසි ආධාරයක්

ලෙබනනයේ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැළසීම සඳහා යුරෝ මිලියන 250 කට අධික මුදලක් හදිසි ආධාර ලෙස ලබාදීමට ලෝක නායකයන් එකඟ වී තිබේ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15 ක නායකයන් සමඟ ඊයේ පැවැත්වූ සාකච්ඡාවකදී ඒ සඳහා එකඟතාව පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පුද්ගලයින් 150 කට අධික පිරිසකට මරු කැඳවමින් ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත විය.

ප්‍රංශය පමණක් ලෙබනනයට යුරෝ මිලියන 30ක මුදලක් ලබාදෙන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

 

Comments