රේඛාව අන්ත­ර්ජා­තික සම්මා­න­යට පාත්‍ර කළ ප්‍රංශ නිළිය | Page 2 | සිළුමිණ

රේඛාව අන්ත­ර්ජා­තික සම්මා­න­යට පාත්‍ර කළ ප්‍රංශ නිළිය

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් විලි බ්ලේක් හා ටයි­ටස් තොට­වත්ත හා එක­තුව තැනූ “රේඛාව” මුලින් ම පෙන් වූ දින රීගල් සින­මා­හලේ දී ලැබූ ප්‍රේක්‍ෂක ප්‍රති­චා­රය කුම­ක්දැයි යන්න බොහෝ දෙනෙකු දන්නා දෙයකි.

එනම් චිත්‍ර­ප­ටය නැර­ඹී­මට විය­දම් කළ මුද­ලින්  කපු­ටන්ට ආප්ප කන්න දුන්නා නම් මීට වඩා හොඳ බවය. එහිදී චිත්‍ර­ප­ට­ක­රු­වන්ට අත්වි­ඳි­න්නට ලැබුණු තවත් සිදු­වි­මක් වූයේ එතෙක් රීගල් සිනමා හලේ ඇමෙ­රි­කන් සහ බ්‍රිතාන්‍ය චිත්‍ර­පට නැර­ඹීමේ යෙදුණු ඉංග්‍රිසි උගත් සිංහ­ල­යාට ද මෙය තේරුම් ගත නොහැකි වූ බවයි. චිත්‍ර­ප­ටය ප්‍රර්ශ­නය වෙද්දී ප්‍රේක්‍ෂ­ක­යන් අතර හිඳ සිටි ලෙස්ටර්ට පෙනී ගියේ ඔවුන් සිනා­සෙන්නේ අදාළ සිදු­වීම් වලට නොවන බවය. නමුත් රේඛාව පසුව අන්ත­ර්ජා­තික නියෝ­ජ­න­යට පවා සුදු­සු­කම් ලැබීය. මෙම චිත්‍ර­ප­ටය අන්තර් ජාතික සම්භා­ව­නා­වට පාත්‍ර වූයේ කිසි­සේත් සිංහල කතා කළ නොහැකි ප්‍රංශ ජාතික සිනමා නිළි­යක නිසා ය.

ඇය මාරියා ෂෙල් ය.

ඒ වන විට ශ්‍රි ලංකාවේ සංචා­ර­යක් සඳහා පැමිණ සිටි ඇය නැවතී සිටියේ ගල්කිස්සේ මවුන්ට් ලැවි­නියා හෝට­ලයේ ය. ප්‍රංශ නළු­වෙකු, අධ්‍ය­ක්‍ෂ­ව­ර­යෙකු, තිර නාටක රච­ක­යෙකු හා නිෂ්පා­ද­ක­ව­ර­යෙකු ද වූ මැක්සි­මි­ලන් ෂෙල් නැමැත්තා ඇයගේ සොහො­යු­රෙකු විය. මාරියා ෂෙල් ලංකා­වට පැමිණ සිටියේ ගී ද මෝපා­සංගේ කතා­වක් ඇසු­රින් තැනූ “ONE VIV” චිත්‍ර­ප­ටයේ රඟ­පෑම් අව­සන් කිරී­මෙන් අන­තු­රු­වය.

ඒ වන විට ඇය සුප්‍ර­කට ප්‍රංශ ගත්කරු එමිල් සෝලාගේ නව­ක­තා­වක් ඇසු­රින් නිප­දවූ “GERVAISE” චිත්‍ර­ප­ටයේ රඟපා වෙනිෂ් ජාත්‍ය­න්තර චිත්‍ර­ප­ටයේ සම්මා­න­ය­කට ද,“THE LAST BRIGE“ චිත්‍ර­ප­ටයේ රඟ­පෑම් නිසා ඛාන් ජාත්‍ය­න්තර චිත්‍ර­පට උලෙළේ සම්මා­න­ය­ක­ටද පාත්‍ර වී සිටියා ය.

ලංකාවේ  තිර­ගත වන චිත්‍ර­ප­ට­යක් නැර­ඹී­මට අවශ්‍ය බව මවුන්ට් ලැවි­නි­යාහි නැවතී සිටි­යදී ඇය තම සංචා­රක උප­දේ­ශ­ක­ව­ර­යාට පවසා තිබේ. ඔහු ඒ වන විට “රේඛාව” තිර­ගත වෙමින් පැවති වැල්ල­වත්තේ රොක්සි සින­මා­හල වෙත ඇය කැටුව ගියේ ය. එහිදී “රේඛාව” නැර­ඹී­මෙන් බල­වත් අම­න්දා­න­න්ද­යට පත් වූ ඇය මෙය අනි­වා­ර්ය­යෙන් ම පැරි­සියේ ඛාන් චිත්‍ර­පට උෙල­ළ නියෝ­ජ­නය කළ යුතු නිර්මා­ණ­යක් බව අව­ධා­ර­ණය කළා ය.

1957 දී “ඊවිනිං ඔබ්ස­වර්” පුවත් පතේ වාර්තා­ක­රු­වෙකු සමඟ කළ සාක­ච්ඡා­ව­කදී ඇය තව­දු­ර­ටත් කියා සිටියේ තමා ප්‍රංශ­යට ගොඩ­බට වහාම “රේඛාව” ඛාන් සිනමා උෙල­ළට සහ­භාගි කර­ගන්නා ලෙස එහි සංවි­ධා­ය­ක­යන්ට දන්වා සිටින බවය.

මේ අයු­රින් මාරියා ෂෙල් නැමැති මෙම අපූර්ව නිළිය හේතු කොට ගෙන, “රේඛාව”ට ඛාන් සිනමා උෙල­ළ නියෝ­ජ­නය කිරීමේ අව­ස්ථාව උදා වුවද ප්‍රංශයේ දී පවා ඇයව මුණ­ගැ­සීමේ අව­ස්ථා­වක් ලෙස්ටර්ට උදා වී නැත.

Comments