MCC සමාලෝචන වාර්තාව ප්‍රකාශයට | සිළුමිණ

MCC සමාලෝචන වාර්තාව ප්‍රකාශයට

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කර තිබේ.

එම වාර්තාව වෙබ් අඩවි 3ක් ඔස්සේ කියවීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එම වෙබ් අඩවි වන්නේ,

www.president.gov.lk

Link 1: https://www.president.gov.lk/si/ජනපතිට-භාරදුන්-mcc-සමාලෝචන-අ
Link2: https://www.president.gov.lk/wp-content/uploads/2020/06/අවසන්-වාර්තාව.pdf

www.presidentsoffice.lk

Link 1: https://www.presidentsoffice.gov.lk/index.php/2020/06/25/mcc-review-final-report-presented-to-president-2/?lang=si

www.pmdnews.lk

Link 1: http://www.pmdnews.lk/si/mcc-review-final-report-presented-to-president/

MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැන ගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපතිවරයා තම ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

Comments