MCC ආධා­ර­යට බිල්ලන් මැවෙන හැටි | සිළුමිණ

MCC ආධා­ර­යට බිල්ලන් මැවෙන හැටි

 

හශ්‍ර අභි­යෝ­ගතා සංස්ථා ප්‍රදා­න­යට (Millenium Challenge Corporation Grant) අදා­ළව ශ්‍රී ලංකා රජය හා ඇමෙ­රිකා රජය අතර අස්සන් කිරී­මට යොජිත ගිවි­සුම මේ වන විට පුළුල් සමාජ කථි­කා­වක් නිර්මා­ණය කර ඇත. එය රටක් වශ­යෙන් වැද­ගත් සාධ­නීය තත්ත්ව­යකි. දේශ­පා­ලන සිඟා­ල­යන් මවන අමූ­ලික විකෘ­තී­න්ගෙන් වියු­ක්තව ඒ සංවා­දය ගොඩ නැඟෙන්නේ නම් එය රටක් වශ­යෙන් වැද­ගත් ප්‍රවේ­ශ­යක් වෙත අප රැගෙන යනු ඇත.

මේ මොහොත වන විට සහශ්‍ර අභි­යෝ­ගතා සංස්ථා ප්‍රදා­නයේ අන්ත­ර්ග­තය ජන­තා­වට විවෘ­තය. ගිවි­සුම අස්සන් කිරීම සඳහා කැබි­නට් අනු­මැ­තිය ලැබී තිබුණ ද එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසු එය පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය. අස්සන් කිරීම සිදු වන්නේ පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­ති­යෙන් පසු­වය. පාර්ලි­මේ­න්තුවේ ඇති වන පුළුල් සංවා­ද­ය­කින් පසු ගිවි­සුම ව්‍යවස්ථා විරෝධී ද, නැතිද, සාධ­නීය බවින් තොරද නැද්ද යන්න පිළි­බඳ සාධා­රණ තක්සේ­රු­ව­කට පැමි­ණී­ම­ටත් අවශ්‍ය නම් අධි­ක­රණ ක්‍රියා මාර්ග­ය­කට ප්‍රවේශ වීම­ටත් ඉඩ ප්‍රස්ථා ඇත. එමෙන් ගිවි­සුමේ පරි­ච්ඡේද අංක 07 සඳ­හන් පරිදි එය අස්සන් කළද ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරී­මට පෙර පාර්ලි­මේන්තු අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කිරීම අනි­වාර්ය වෙයි. පාර්ලි­මේ­න්තුවේ අනු­මැ­ති­ය­කින් තොරව ගිවි­සුම කුමන ආකා­ර­ය­කින් හෝ ක්‍රියා­ත්මක වන්නේ නැත. එතෙක් මේ ගිවි­සුම කුමක් ද, එය රට කෙරෙහි ඇති කරන බල­පෑමේ ස්වරූ­පය කුමක් ද යන්න පිළි­බඳ මැද­හත් අද­හ­සක් ලබා­ගැ­නීම වටී.

 

MCC ආය­ත­නය යනු දිළි­ඳු­කම පිටු­දැ­කීම සඳහා විදේශ ආධාර ලබා­දෙන ඇමෙ­රිකා එක්සත් ජන­ප­දයේ ස්වාධීන රාජ්‍ය ආය­ත­න­යකි. එම ආය­ත­නය හවු­ල්කා­ර­කම් ඇති කර­ගන්නේ ප්‍රජා­තා­න්ත්‍රික සමාජ වට­පි­ටා­වක් තහ­වුරු කරන යහ­පා­ල­නය, ආර්ථික නිද­හස සහ පුර­වැ­සි­යන්ගේ ජීවන තත්වය වර්ධ­නය කිරීම සඳහා කැපවී සිටින සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල් සම­ඟය. අප විසින් MCC ප්‍රදා­නය අපේක්ෂා කළ මුල්ම අව­ස්ථාව මෙය නොවේ. MCC ප්‍රදා­නය සඳහා ලංකාව මින් පෙර දෙව­රක්ම අයැ­දුම් කළේය. ඒ මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා යටතේ ය. එහෙත් එදා එම ඉල්ලීම සලකා බැලෙන්නේ නැත.

සහශ්‍ර අභි­යෝ­ගතා ප්‍රදා­නය (Millenium Challenge Corporation Grant)

සහශ්‍ර අභි­යෝ­ගතා ප්‍රදා­නය (Millenium Challenge Corporation Grant) මෙතෙක් ලංකා­වට ලැබී ඇති විශා­ල­තම සංයුක්ත ප්‍රදා­නය යි. එය ණය මුද­ලක් නොවේ. ප්‍රදා­න­යකි. වසර පහක් තුළදී ලැබෙන මුළු ප්‍රදා­නය ඇමෙ­රිකා ඩොලර් මිලි­යන 480කි. එම ප්‍රදා­නය අනු­මත වන්නේ පසු­ගිය අප්‍රේල් 25 දාය. එය ලැබෙන්නේ රටේ සංව­ර්ධ­න­යට ප්‍රධාන බාධා­වක් ලෙස ශ්‍රී ලංකා රජය හා MCC ආය­ත­නය විසින් හඳු­නා­ගෙන ඇති ප්‍රවා­හන යටි­තල පහ­සු­කම් වර්ධ­නය කර­ගැ­නී­මට සහ දුර්වල ඉඩම් පරි­පා­ල­නය කාර්ය­ක්ෂම කර­ගැ­නීම යන කාරණා දෙක­ටය.

MCC ආය­ත­නය ගිවි­සු­ම්ගත වීමට රාජ්‍ය­යක් තොරා­ගන්නේ අහ­ම්බ­ය­කින් නොවේ. එය දීර්ඝ තර­ග­කාරී තේරීම් ක්‍රියා­ව­ලි­යක ප්‍රති­ඵ­ල­යකි. MCC ආය­ත­නයේ අධ්‍යක්ෂ මණ්ඩ­ලය විසින් ස්වාධීන සහ විනි­වි­ද­භා­ව­ය­කින් යුතු ප්‍රති­පත්ති දර්ශක 20 ක් මත රටක ක්‍රියා­කා­රී­ත්වය පරීක්ෂා කරයි. ඔවුන් ගිවි­සු­ම්ගත වීමට සුදුසු රාජ්‍යය තොරා ගන්නේ ප්‍රති­පත්ති කාර්ය සාධ­නය මත පද­න­ම්වය. එහිදී තිර­සාර සංව­ර්ධ­න­යක් සහ දරි­ද්‍ර­තාව අවම කිරීම සඳහා එම රාජ්‍යයේ ප්‍රමු­ඛ­තාව හඳු­නා­ගැ­නීම MCC ආය­ත­න­යට අවශ්‍ය වේ. එමෙන්ම අර­මු­දල ප්‍රදා­නය කළ පසු එය ක්‍රියා­ත්මක කිරීමේ සිය­ලුම අංශ කළ­ම­නා­ක­ර­ණය සහ අධී­ක්ෂ­ණය කිරීම සඳහා දේශීය වග­වීමේ ආය­ත­න­යක් පිහි­ටු­වයි. එම ආය­ත­නය පිහි­ටු­වන්නේ ශ්‍රී ලංකා රජය මඟිනි. එහි සේවය කරන්නේ ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් සැදුම් ලත් සේවක මණ්ඩ­ල­යකි. ඔවුන් ව්‍යාපෘ­ති­යට අදාළ කට­යුතු වෙනු­වෙන් අමා­ත්‍යාංශ හා දෙපා­ර්ත­මේන්තු අතර සම්බ­න්ධී­ක­ර­ණය හා අන්තර් සම්බ­න්ධතා පව­ත්වා­ගැ­නීම සිදු කරයි. එම ආය­ත­නය ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ මණ්ඩ­ල­ය­කින් සම­න්වි­තය. එහි සංයු­තිය රාජ්‍ය නිල­ධා­රීන් 08 දෙනෙ­කු­ගෙන්ද, පෞද්ග­ලික අංශය සහ සිවිල් සමා­ජය නියෝ­ජ­නය කරන පුද්ග­ල­යන් 03 දෙනෙ­කු­ගෙන් ද සැක­සෙනු ඇත.

 

ඇමෙ­රි­කානු ඩොලර් 480ක එම ප්‍රදා­නය මෙර­ටට ලැබෙන්නේ මුලින් කී පරිදි ප්‍රවා­හන යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම හා රටේ විධි­මත් ඉඩම් කළ­ම­නා­ක­රණ ව්‍යාපෘ­ති­යක් ස්ථාපිත කිරීම සඳ­හාය. ප්‍රවා­හන ව්‍යාපෘ­තිය වෙනු­වෙන් වෙන් වන මුදල ඩොලර් මිලි­යන 350කි. ඉඩම් ව්‍යාපෘ­තිය වෙනු­වෙන් වෙන් වන මුදල ඩොලර් මිලි­යන 67කි.

ප්‍රවා­හන ව්‍යාපෘ­තිය බස්නා­හිර, මධ්‍යම, සබ­ර­ග­මුව හා ඌව පළා­ත්වල නාග­රික හා ග්‍රාමීය ප්‍රදේ­ශ­වල ප්‍රවා­හන පහ­සු­කම් දෙයා­කා­ර­ය­කින් වැඩි දියුණු කිරීම ඉලක්ක කර­ගෙන ක්‍රියා­ත්මක වේ. ඒ සඳහා ඇස්ත­මේන්තු කර ඇති ඩොලර් මිලි­යන 350ක ආයෝ­ජ­න­යෙන් ඉදිරි වසර 20 දී ප්‍රමා­ණිත ආර්ථික ප්‍රති­ලාභ අනු­පා­තය සිය­යට 19ක් වනු ඇත.

මෙහි පළමු අදි­යර කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශ­වල මාර්ග තද­බ­දය අඩු කිරීම ය. දෙව­නුව මධ්‍යම පළාත සහ බස්නා­හිර පළාතේ වරා­යත් වෙළෙ­ඳ­ප­ළත් අතර සම්බ­න්ධතා වැඩි දියුණු කරන මාර්ග පද්ධ­තිය සංව­ර්ධ­නය කිරී­මය.

ප්‍රවා­හන යටි­තල පහ­සු­කම් වර්ධ­නය කිරීම ප්‍රධාන කොටස් තුනක් යටතේ ක්‍රියා­ත්මක වේ.

ප්‍රවා­හන ව්‍යාපෘ­තිය - 1 වැනි පිය­වර

ඩොලර් මිලි­යන 350න් ඩොලර් මිලි­යන 160ක් නවීන රථ­වා­හන කළ­ම­නා­ක­රණ පද්ධ­ති­යක් වෙනු­වෙන් වෙන් වේ. මේ යටතේ කොළඹ හා තදා­සන්න ප්‍රදේශ සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග 8ක ප්‍රවා­හන කාර්ය­ක්ෂ­ම­තාව උප­රිම තල­යට ගෙන ඒම සඳහා දැනට පව­තින මාර්ග ජාලය භෞති­කව හා තාක්ෂ­ණි­කව වැඩි දියුණු කිරීම සිදු කරයි. ධාව­නය වන රථ­වා­හන පිළි­බඳ එම අව­ස්ථා­වේ­දීම දත්ත රැස් කිරීම හා විශ්ලේ­ෂ­ණය කළ හැකි සේ පද්ධ­ති­යක් ස්ථාපිත කර වැඩි දියුණු කිරීම, බස් ප්‍රමුඛ මංතීරු සඳහා නවීණ තාක්ෂ­ණය හඳුන්වා දීම, අන්තර් සම්බ­න්ධිත රථ­වා­හන ආලෝක සංඥා පද්ධ­තිය ක්‍රියා­ත්මක කිරීම, කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශයේ කිලෝ­මී­ටර 205 ක දුරක් විහිදී ඇති මංසන්ධි 132ක් වැඩි දියුණු කිරීම සහ නවී­ක­ර­ණය කිරීම, පදික මාරු ස්ථාන පුළුල් කිරීම හා පදික වේදිකා වැඩි­දි­යුණු කිරීම සිදු වේ. රථ­වා­හන කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යක් ස්ථාපිත කිරී­මෙන් ඵල­දායී රථ­වා­හන කළ­ම­නා­ක­රණ ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කිරීම ද මින් අපේක්ෂා කෙරේ.

ප්‍රවා­හන ව්‍යාපෘ­තිය - 2 වැනි පිය­වර

තවත් ඩොලර් මිලි­යන 50ක් වෙන් වන්නේ බස් ප්‍රවා­හන සේවය නවී­ක­ර­ණය කිරී­ම­ටය. ස්වයං­ක්‍රීය ගාස්තු ගෙවීමේ පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම, පොදු ධාවන කාල සට­හන් ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරීම, GPS තාක්ෂ­ණය මඟින් බස්රථ අධී­ක්ෂ­ණය කිරීම, කාන්තා­වන්, අබා­ධිත වූවන්, වැඩි­හි­ටි­යන් සහ අනෙ­කුත් අන­තු­රු­ව­ලට භාජ­නය විය හැකි කණ්ඩා­යම් සඳහා ආර­ක්ෂාව සහ බස් ප්‍රවේ­ශය වැඩි දියුණු කිරී­මට එම මුද­ලින් කොට­සක් වෙන් වේ. අනෙක් කොටස වෙන් වන්නේ ලංගම සහ පෞද්ග­ලික බස්රථ මෙහෙ­යු­ම්ක­රු­වන්ට නවීන බස් රථ මිලදී ගැනීම සඳහා අවශ්‍ය සහන මූල්‍ය ප්‍රති­පා­දන සහාය ලබා­දීම සඳහා ය. වඩා විශ්වා­ස­දායී හා සුව පහසු පොදු ප්‍රවා­හන සේවා­වක් ලබා­දීම ඉන් අපේක්ෂා කෙරේ.

ප්‍රවා­හන ව්‍යාපෘ­තිය - 3 වැනි පිය­වර

ඉතිරි ඩොලර් මිලි­යන 140 විය­දම් කරන්නේ මධ්‍යම වට­ර­වුම් මාර්ග ජාල ව්‍යාපෘ­තිය වෙනු­වෙනි. ඒ යටතේ ජාතික මහා මාර්ග පද්ධ­තියේ කිලෝ මීටර 131ක් නවී­ක­ර­ණය කෙරේ. සබ­ර­ග­මුව, ඌව, උතුරු මැද සහ මධ්‍යම පළාත් ආව­ර­ණය කරන එම මාර්ග ජාලය රටේ මධ්‍ය කලා­පයේ ආර්ථික කට­යුතු බස්නා­හිර පළාතේ වරාය සහ වෙළෙ­ඳ­පළ සමඟ සම්බන්ධ කිරී­මට අදාළ පහ­සු­කම් තීව්‍ර කරයි. මාර්ග නඩ­ත්තුව හා ධාරි­තාව ශක්ති­මත් කිරීම, මාර්ග නඩත්තු අර­මු­දල සඳහා නව මූල්‍ය යාන්ත්‍ර­ණ­යක් ඇති කිරීම, මාර්ග ආර­ක්ෂණ පිය­වර හඳුන්වා දීමත් ඊට සම­ගා­මීව සිදු වේ. දරි­ද්‍ර­තා­වයේ පතුලේ ජීවත් වන මේ රටේ පුර­වැ­සි­යන් අති මහත් බහු­ත­රය ජීවත් වෙන්නේ රටේ අභ්‍ය­න්ත­ර­යේය. ඔවුන්ගේ නිෂ්පා­දන නව ලෝකය වෙත රැගෙන යන එම ව්‍යාපෘ­ති­යෙන් විපුල ප්‍රයෝ­ජන ලබන්නෝ ඔවු­හුය.

 

ඉඩම් ව්‍යාපෘ­තිය වෙනු­වෙන් වෙන් වන මුදල ඇම­රි­කානු ඩොලර් මිලි­යන 67කි. මේ ආයෝ­ජ­න­යෙන් ඉදිරි වසර 20 තුළදී සිය­යට 30කට වඩා වැඩි ආර්ථික ප්‍රති­ලාභ අනු­පා­ත­යක් රජය අපේක්ෂා කරයි. මේ ප්‍රදා­නය යෙද­වෙන්නේ ශ්‍රී ලංකා රජය ආරම්භ කර ඇති ඉඩම් පිළි­බඳ අව­කා­ශීය දත්ත හා ඉඩම් හිමි­කම් පිළි­බඳ වැඩ­ස­ට­හන (බිම් සවිය) පුළුල් කර වැඩි දියුණු කිරී­ම­ටය.

වඩාත් ඵල­දායී ලෙස යෙද­විය හැකි රජයේ ඉඩම් හඳු­නා­ගැ­නීම, සහ රජය විසින් බදු පද­නම මත ලබා දී ඇති ඉඩ­ම්වල නිශ්චිත ආදා­යම ලබා­ගැ­නීම එම වැඩ­ස­ට­හනේ ප්‍රමුඛ අර­මු­ණකි. එම­ඟින් ඔප්පු වාර්තා ඩිජි­ටල් කරනු ලැබේ. ඉන් ඉඩ­ම්වල සුර­ක්ෂි­ත­භා­වය තහ­වුරු කෙරේ. කුඩා වතු හිමි­යන් , කාන්තා­වන් සහ සමා­ගම් සඳහා ඉඩම් ගනු­දෙනු කිරීමේ හැකි­යාව වැඩි දියුණු කරනු ලැබේ. එම­ගින් ඔප්පු ක්‍රමයේ සිට හිමි­කම් ලියා­ප­දිංචි කිරීමේ පද්ධ­ති­යට වන හානි, සොර­කම්, අලාභ, අස්ථා­න­ගත වීම් නිසා සිදු වන හානි අව­දා­නම අවම වේ. ඉඩම් ව්‍යාපෘ­තිය යටතේ ප්‍රමු­ඛව පෙළ ගැසෙන ක්‍රියා­කා­ර­කම් පහකි.

1 රජයේ ඉඩම් ලේඛ­න­ගත කිරීම

ව්‍යාපෘ­තිය මධ්‍යම, වයඹ, උතුරු මැද, හා නැඟෙ­න­හිර පළා­ත්වල දිස්ත්‍රික්ක අටක් පුරා ක්‍රියා­ත්මක වේ. ඉඩම් කැබලි පිළි­බඳ මූලික සිති­ය­මක් (Parcel fabric map) නිර්මා­ණය කිරීම, එනම් ඉඩම් කැබලි පිළි­බඳ මූලික කැඩැ­ත්තර සිති­ය­මක් සකස් කිරීම සහ රජයේ ඉඩම් තොර­තුරු කළ­ම­නා­ක­රණ පද්ධ­ත­යට එය ඇතු­ළත් කිරීම (e-State Land Information Management System – eSLMS) සිදු වේ. ඒ සඳහා ඩොලර් මිලි­යන 23.4 වෙන් වේ.

රජයේ ඉඩම් තොර­තුරු කළ­ම­නා­ක­රණ පද්ධ­තිය ( eSLMS) යනු තොර­තුරු තාක්ෂණ පද්ධ­ති­යකි. එහි විවිධ රජයේ ආය­තන වෙත පවරා දී ඇති රජයේ ඉඩ­ම්වල සිති­යම් සහ තොර­තුරු ඇතු­ළත් වේ. එම පද්ධ­තිය මඟින් ඉඩම් කැබලි සඳහා වන අයැ­දු­ම්පත් සහ රජය විසින් දැන­ට­මත් බදු පද­නම යටතේ ලබාදී ඇති රජයේ ඉඩම් පිළි­බඳ තොර­තුරු ලබා­ගත හැකිය.

2 රජයේ තක්සේරු දෙපා­ර්ත­මේ­න්තුවේ ධාරි­තාව වැඩි දියුණු කිරීම

පරි­ග­ණක තක්සේ­රු­ක­රණ පද්ධ­ති­යක් හඳුන්වා දීමෙන් රාජ්‍ය හා පෞද්ග­ලික ඉඩ­ම්වල තක්සේරු කට­යුතු කාර්ය­ක්ෂම කිරීම සඳහා වෙන් කරන මුදල ඩොලර් මිලි­යන 6.5කි. රජයේ තක්සේරු දෙපා­ර්ත­මේ­න්තුව ශක්ති­මත් කිරීම සඳහා රජය ගන්නා උත්සා­හ­යට ඉන් විශිෂ්ට ප්‍රායෝ­ගික පද­න­මක් නිර්මා­ණය වේ.

3 ඉඩම් වාර්තා ඩිජි­ට­ල්ගත කිරීම

රෙජි­ස්ටාර් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුවේ පව­තින ඉඩම් හිමි­කම් වාර්තා ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම හා ඒවා රජයේ ඉඩම් තොර­තුරු කළ­ම­නා­ක­රණ පද්ධ­තිය (eSLIMS) සමඟ සම්බන්ධ කිරී­මෙන් ඉඩම් සිදු වේ. ව්‍යාපෘ­ති­යට ඇස්ත­මේ­න්තු­ගත මුදල ඩොලර් මිලි­යන 11.4 ලබා දේ.

4 දේපළ ඔප්පු හිමි­කම් සහ­තික බවට පරි­ව­ර්ත­නය කිරීම

ඔප්පු ක්‍රමයේ සිට හිමි­කම් ලියා­ප­දිංචි කිරීමේ ක්‍රම­යට දේපළ හැර­වීමේ ක්‍රියා­ව­ලි­යේදී රජයේ බිම්ස­විය වැඩ­ස­ට­හන පුළුල් කිරී­මට සහාය ලබා­දී­මෙන් සිය­ලුම ඉඩම් හිමි­යන්ගේ දේපළ අයි­තිය තහ­වුරු කිරීමේ ක්‍රියා­ව­ලිය කාර්ය­ක්ෂම කිරී­මට කට­යුතු කෙරේ. ඒ සඳහා වෙන් කරන මුදල ඩොලර් මිලි­යන 19.3 කි.

රජයේ ඉඩම් පරි­පා­ලන කට­යුතු වැඩි­දි­යුණු කිරීමේ පිය­වර සඳහා, එනම් ඉඩම් ප්‍රති­පත්ති, පරි­සර සහ නෛතික රාමුව වැඩි­දි­යුණු කිරීම සඳහා පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට සහාය දැක්වීම මේ ආය­ත­න­යෙන් සිදු වේ. වෙන් කරන මුදල ඩොලර් මියන 6.7කි.

බදු සහ වෙනත් අර­මුණු සඳහා දේපළ තක්සේරු කිරීම වේග­වත් කරන ඉඩම් තක්සේරු කිරීමේ ක්‍රියා­ව­ලිය රජය මේ වන විට සකස් කර­මින් සිටී. දේපළ හිමි­ක­රු­වන් සහ ගැනු­ම්ක­රු­වන් විසින් ඉඩම් ගනු­දෙනු සම්පූර්ණ කිරීම වඩාත් සරල කිරීම සහ වඩාත් සුර­ක්ෂිත කිරී­මට ඩිජි­ටල් කරන ලද ඉඩම් තොර­තුරු රජයේ ඉඩම් තොර­තුරු පද්ධ­තියේ (eLand) ඇතු­ළත් වේ. බිම්ස­විය වැඩ­ස­ට­හන මඟින් පෞද්ග­ලික ඉඩම් වඩාත් සුර­ක්ෂිත හිමි­කම් ලියා­ප­දිංචි කිරීමේ පද්ධ­ති­යක් බවට පත් කරයි. එසේ නමුත් මූල්‍ය සම්පත් හා තාක්ෂ­ණික සම්පත් ප්‍රමා­ණ­වත් නොවීම නිසා එම සියලු උත්සා­හ­යන් වරින් වර හා නිසි සම්බ­න්ධී­ක­ර­ණ­ය­කින් තොරව ක්‍රියා­ත්මක විය. එම ව්‍යාපෘ­තිය විධි­මත්ව ප්‍රායෝ­ගික කිරීම සඳහා දැන් විශිෂ්ට අව­කා­ශ­යක් නිර්මා­ණය වී ඇත.

උක්ත ව්‍යාපෘති දෙකෙන් මේ රටේ ජන­ග­හ­න­යෙන් සිය­යට 54ක් ඍජු ප්‍රති­ලාභ ලබති. සංවා­ද­යට ලක් කර වෙනස් කර­ගත යුතු කරුණු වේ නම් ඒ ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීමේ ක්‍රම­වේ­දය පිළි­බ­ඳය. ඒ සඳහා ඕනෑ­ව­ටත් වඩා ප්‍රජා­තා­න්ත්‍රික අව­කා­ශ­යක් නිර්මා­ණය වී ඇත. මෙවන් ව්‍යාපෘ­ති­යක විපු­ල­ත්වය පිළි­බඳ දැනු­වත්, එහි ප්‍රති­ලාභ අපේක්ෂා කළ දේශ­පා­ල­ක­යෙකු ලෙස මහින්ද රාජ­පක්ෂ විපක්ෂ නාය­ක­ව­රයා මේ වන තුරුත් මේ ගිවි­සු­මට එරෙහි වී නැත. ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ව­රුන් අත­රින් ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය පිළි­බඳ අති­ශය සංවේදී අපේ­ක්ෂ­කයා වන ගෝඨා­භය රාජ­පක්ෂ සිය මැති­ව­ර­ණයේ මේ පිළි­බඳ ඍජු සංවා­ද­යක් ගොඩ නැඟුවේ නැත.

Comments