කොරෝනා බිලි වූවන් සාර්ස් මරණ ඉක්මවයි | සිළුමිණ

කොරෝනා බිලි වූවන් සාර්ස් මරණ ඉක්මවයි

කොරෝනාවෛරසය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2003 වසරේ සාර්ස් වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉක්මවා තිබේ.

නව කොරෝනාවෛරසයේ කේන්ද්‍රය වන චීනයේ පමණක් මේ වන විට මරණ 908 ක් වාර්තා වෙතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

2003 වසරේදී පැතිර ගිය සාර්ස් වසංගතය හේතුවෙන් රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 774 ක් මරණයට පත් වූහ.

නව කොරෝනාවෛරසය අසාදිත සංඛ්‍යාව මේ වන විට 40,100 ඉක්මවන අතර ඉන් අතිබහුතරය වාර්තා වන්නේ, චීනයෙනි.

නව කොරෝනාවෛරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මස කටයුතු කළේය.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments