පඨක රෝපන විද්‍යාගාරයක් නිර්මාණය කල හිමිවරයා | සිළුමිණ

පඨක රෝපන විද්‍යාගාරයක් නිර්මාණය කල හිමිවරයා

හිරු බලයෙන් ධාවනය වන රථයක් නිපදවා පේට්න්ට් බලපත්‍රය හිමිකරගත් බණ්ඩාරවෙල ,කිතල් ඇල්ල , රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ , පූජ්‍ය මඩවල උපාලි හිමියෝ දිවයිනේ කුඩාම පඨක රෝපන විද්‍යාගාරය නිර්මාණය කර ඇත .

ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේම උන්වහන්සේගේ කුටිය අසළ සියලු අංගෝපාංගයන් සහිතව මෙම විද්‍යාගාරය ඉදිකර තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි පඨක විද්‍යාගාර ඉදිකිරීම විශාල ඉඩකඩ ප්‍රමාණය සිදුකරන නමුත් කුඩා ඉඩ කඩක පවා විධිමත් ලෙස සියළු අංග සහිතව මෙය නිර්මාණයකර ඇත.

මෙම විද්‍යාගාරයේ ප්‍රමාණය අඩි 10 X12 කි .

ගිහි කාලයේ පාසැල් විද්‍යා ගුරවරයෙක් හා විශ්ව විද්‍යාල විද්‍යා කථිකාර්යවරයෙක් සිටි උන්වහන්සේ පැවිදි වීමෙන් පසු ද විද්‍යාත්මක පර්යේෂණ වල නියැලෙමින් විශාල සේවවාක් සිදු කරති .

LIFE SCIENCE QUQN TUM MECHANICS OF LIFE THINGS යනුවෙන් මෙම විද්‍යාගාරයේ සටහන කර තිබේ.

සෛල කීපයක් එකම කාරණය කරන කොට පඨකයක් නිපදවිය හැකි බවත් එය ගසක් දක්වා රෝපණය කළ හැකිබවත් උන්වහන්සේ පවසති.

එකවර ලක්ෂයක් පමණ නිරෝගී පැල මෙම ක්‍රමයට සකස් කරගති හැකි බැවින් මල් හා විසිතුරු පැළ ව්‍යාපාර සදහා එය මහෝපාකාර විය හැකි බව ද මඩවල හිමියෝ අවධාරණය කරති.

 

Comments