සින්න­ක්කර ඉඩ­මක අයි­තිය පිළි­බඳ සැබෑවූ සුබ සිහි­නය... | සිළුමිණ

සින්න­ක්කර ඉඩ­මක අයි­තිය පිළි­බඳ සැබෑවූ සුබ සිහි­නය...

කිසි­යම් රටක පුර­වැ­සි­යෙ­කුට ඉඩ­මක නීත්‍ය­නු­කූල අයි­තිය හිමි වීම මානව හිමි­ක­මක් සුරැ­කී­මකි. තම­න්ටම හිමි ඉඩ­මක, නිව­සක හිමි­කම පිළි­බඳ ආසාව අපේ­ක්ෂාව මිනිස් ස්වභා­ව­යකි. එය තමන්ට පම­ණක් නොව මතු පර­ම්ප­රා­වට ද හිමි­වන දේප­ළකි. ආර්ථික සුර­ක්ෂිත භාව­යකි. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අපේ­ක්ෂාව වන්නේ ලක්වැසි සියලු පුර­වැ­සි­යන් වෙත කුඩා හෝ ඉඩ­මක නිව­සක නීති­මය හිමි­කම ලබා­දී­මය. එම චින්ත­නය කෙටි කාලීන දේශ­පා­ල­නික අර­මුණු , ප්‍රති­ලාභ වැනි පටු ඉල­ක්ක­ය­න්ගෙන් තොරය....’

වර්ග කිලෝ මීටර් හැට පන්ද­හස් හය­සිය දහ­යක් වන ශ්‍රී ලංකා ධරණී තල­යෙන් තුනෙන් එකක් පමණ (වර්ග සැතැ­පුම් විසි එක් දහ­ස­කට අධික) ප්‍රමා­ණ­යක් නිර­වුල් හිමි­ක­මක් නැති ඉඩම් බව පැව­සීම නළ­ලත රැලි නංවන පුව­තක් විය හැකිය. ඉඩම් රෙජි­ස්ටාර් දෙපා­ර්ත­මේ­න්තුවේ නිල දත්ත­යන්ට අනුව රටේ නිර­වුල් අයි­තිය ඇති ඉඩම් ඇත්තේ සිය­යට 35 - 40 අතර ප්‍රමා­ණ­යකි. සිය­යට 20ක් පමණ හවුල් ඉඩම් වන අතර සිය­යට 10ක් රජය සතු ඉඩම්ය. නිර­වුල් ඉඩම් හිමි­ක­මක් නැති ඉඩ­ම්ව­ලින් සිය­යට තිහෙන් සිය­යට අනූ අටක්ම හිමි වී තිබෙන්නේ, මේ රටේ අඩු ආදා­ය­ම්ලාභි පවුල් හා පුද්ග­ල­යන් වෙතය. මෙයින් වැඩි ප්‍රති­ශ­ත­යක් ගොවි­යන් හෝ ගොවි පවුල්ය. මේ රට සහ­ලින් හා භව­භෝ­ග­ව­ලින් ස්වයං­පෝ­ෂිත කිරී­මට මේ හිමි­ක­මක් නැති ඉඩ­ම්වල නිර­න්ත­ර­යෙන් හැපෙ­මින්, දහ­දිය කඳුළු වගු­ර­මින් ඔවුහු ශත­වර්ෂ ගණ­නා­වක් දුක් වින්දහ. මේ ඉඩ­ම­කින් කොට­සක් විකුණා ගැනී­මට නොහැ­කිව, බැංකු­ව­කින් හෝ මුල්‍ය ආය­ත­න­ය­කින් ණය මුද­ලක් ලබා­ගැ­නී­මට නොහැ­කිව ඔවුහු ළත­වු­ණහ.

ඓති­හා­සික කඩ ඉමක්...

මේ ලක්ෂ සංඛ්‍යාත ජන­තා­වගේ කඳු­ළක උණු­සුම හා සුසු­මක බර හඳු­නා­ගත් අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉඩ­මක නිර­වුල් අයි­තිය හිමි­කම් ඔප්පු මඟින් ලබා­දීමේ ඓති­හා­සික කාර්ය භාර­යක් මහත් බාධක හා අව­හි­රතා මධ්‍යයේ ආරම්භ කොට ක්‍රියා­ත්මක කර­මින් සිටී.

සින්න­ක්කර ඉඩම් හිමි­ක­මක් නැති ජන­තා­වගේ කඳුළු කතාව වසර දෙද­හස් පන්සී­යක පමණ ඉති­හා­ස­යක් කරා දිව යයි. මේ රටේ ඉඩ­ම්වල පූර්ණ අයි­තිය වසර දහස් ගණ­නක් තිස්සේ හිමිව තිබුණේ රටේ රජ­තු­මාට ය. රජ­වරු තම ඉඩම් පරි­පා­ල­නය රද­ල­ව­රුන්ට පැව­රූහ. රද­ල­ව­රුන් යටතේ ඒ ඉඩ­ම්වල වගා කට­යුතු කළ ගොවි­යන්ට හිමි වූයේ කුඩ­ම්මාගේ සැල­කි­ල්ලකි. ඉඩමේ අයි­තිය තබා දහ­දිය, කඳුළු වපු­ර­මින් නෙළූ අස්වැන්නේ අයි­තිය පවා ඔවුන්ට ලැබුණේ නැත. ලැබුණේ ජීවත් වීමට සරි­ලන වී, ධාන්‍ය හෝ භව­බෝග කොට­සක් පමණි.

උඩ­රට ප්‍රභූ­ව­රුන් 1815 වසරේ අත්සන් කළ උඩ­රට ගිවි­සුම මඟින් වසර 2357ක් පුරා පැවැති රාජා­ව­ලිය නිමා කර­මින් මේ භූමියේ පාල­නය ඉංග්‍රීසි ජාති­ක­යන්ට පැව­රු­වත් ඒ කඳුළු කතාව ඉදි­රි­ය­ටත් එලෙ­සම ඇදී ගියේය. මෙරට මුල්ම ඉඩම් ලියා­ප­දිං­චිය සිදු කරනු ලැබුවේ 1863 වසරේ අංක 8 දරන පනත යටතේ ය.

එක­සිය තිස්තුන් වස­ර­කට පසුව 1948 වසරේ අප්‍රේල් 4 වැනිදා බ්‍රිතා­න්‍ය­ය­න්ගෙන් අපට නිද­හස හිමි වුවද, නැති බැරි ජන­තා­වට හා ගොවි ජන­තා­වට නිද­හසේ අරු­ණලු පතිත වූයේ නැත. මුඩු බිම් පනත යටතේ වගා නොකළ ඉඩම් සහ හිමි­කම් ඔප්පු නැති ඉඩම් රජ­යට පවරා ගැනීම නිසා මේ පිරිස කබ­ලෙන් ළිපට වැටු­ණහ.

නිද­හ­සෙන් පසුව ද සුළු පිරි­ස­කට හෝ ඉඩම් අයි­තිය හිමි වුණේ එව­කට රාජ්‍ය සභාවේ කෘෂි­කර්ම ඇම­ති­ව­රයා වූ ඩී.එස්. සේනා­නා­යක මහතා ආරම්භ කළ ගල්ඔය ව්‍යාපා­රය මඟිනි.

එව­කට ඩී.එස්. සේනා­නා­යක මහ­තාගේ ප්‍රධාන උප­දේ­ශ­කයා බවට පත්ව සිටියේ අනු­රා­ධ­පුර දිසා­පති ධුරය දර­මින් සිටි අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ පියාගේ පියා (සීයා) වන සී.එල්. වික්‍ර­ම­සිංහ මහ­තාය. ශ්‍රී ලංකා සිවිල් සේවයේ පළමු උප දිසා­ප­ති­ව­රයා (1912) ලෙස මෙරට පරි­පා­ලන ක්ෂේත්‍රයේ නොබි‍ඳෙන වාර්තා­වක් තැබු­වේද එතු­මාය. එම ව්‍යාපා­රය මඟින් නව ගොවි ජන­පද ශිෂ්ටා­චා­ර­යක් ද බිහි විය.

1977 වස­රෙන් පසුව බල­යට පැමිණි එක්සත් ජාතික පක්ෂ රජය යටතේ විදේශ ආධාර ද සහි­තව ‍යෝධ මහ­වැලි ව්‍යාපා­රය ආරම්භ වීමද, එම­ඟින් නව ගොවි ජන­පද බිහි වීමද මෙරට ඉඩම් අයි­තිය හා කෘෂි­කර්ම ඉති­හා­සයේ නව පෙරැ­ළි­යක් බවට පත් විය. ගාමිණි දිසා­නා­යක ඇම­ති­ව­ර­යාගේ බල­වත් පරි­ශ්‍ර­මය ඒ විප්ල­වීය වෙන­සට හේතු පාදක වූ අතර, එව­කට වෙළෙඳ ඇමති ලලිත් ඇතු­ල­ත්මු­දලි මහතා විසින් අප­න­යන ගම්මාන ඇති කරන ලදී. පැල්වත්ත, හිඟු­රාන වැනි දැවැන්ත දේශීය සමා­ගම් බිහි­වෙ­මින් දේශීය නිෂ්පා­දන ක්ෂේත්‍ර­යට නව උන්න­ති­යක් ළඟා කර දුන් අතර, බහු ජාතික සමා­ගම් මේ නිෂ්පා­දන මිලට ගැනී­මත් සමඟ ගොවි ආර්ථි­කය සරු­සාර බවට පත් විය.

1977 වසරේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ රජය බල­යට පත්වී­මත් සමඟ ආරම්භ කළ ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ පනත අනුව අක්කර පන­හක උප­රි­ම­ය­කට යටත්ව පෞද්ග­ලික අංශ­යට හිමිව තිබූ වතු හා ඉඩම් රජ­යට පවරා ගන්නා ලදී. මේ අතර තිබූ සරු­සාර වතු, ජනතා වතු සංව­ර්ධන මණ්ඩ­ල­ය­ටත්, රාජ්‍ය වැවිලි සංස්ථා­ව­ටත් පවරා ගත් අතර, ඉතිරි ඉඩම් ප්‍රති­සං­ස්ක­රණ කොමි­ෂන් සභාව වෙත පවරා ගැනිණි. මෙහිදී සිදු­වූයේ ද අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්වල පුද්ග­ල­යන්ට ඉඩම් හිමි­කර දීම වෙනු­වට ඔවුන් එලෙ­සම පව­තිද්දී, සුළු ඉඩම් හිමි­යන් හා ධන­පති ඉඩම් හිමි­යන්ගේ ඉඩම් ද රජ­යට පවරා ගැනී­මයි. මෙයින් තේ නිෂ්පා­ද­නය, රබර් නිෂ්පා­ද­නය වැනි විදේශ විනි­මය උල්ප­ත්ව­ලට සිදු වූයේ මහත් හානි­යකි.

බාධක, අව­හි­රතා...

1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බල­යට පත්වී­මත් සමඟ කුඩා තේ වතු සංව­ර්ධන අධි­කා­රිය පිහි­ටු­වී­මත් සමඟ කුඩා පරි­මාණ තේ වගා­ක­රු­වන් රැසක් බිහි වූ අතර, තේ වගා­වට මුල්‍ය ආධාර සැප­යීම ද සිදු කෙරිණි. රජය මුල්වී තේ කර්මා­න්ත­ශාලා කිහි­ප­යක්ම පිහි­ටු­වනු ලැබීය. කුඩා තේවතු සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති ලෙස එහි ස්වර්ණ­මය යුගය සනි­ටු­හන් කරන ලද්දේ එව­කට ළාබාල තරු­ණ­යකු වූ වර්ත­මා­නයේ සින්න­ක්කර ඉඩම් අයි­තිය ජන­තා­වට ප්‍රදා­නය කිරීමේ කාර්ය­භා­රයේ කාර්ය­ක්ෂ­මව නියැළී සිටින ඉඩම් හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමති ගයන්ත කරු­ණා­ති­ලක මහතා වීම දෛවෝ­ප­ගත සිද්ධි­යකි.

රනිල් වික්‍ර­ම­සිංහ අග­මැ­ති­තු­මන් මේ වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කරන තුරු, බොහෝ ඉඩ­ම්වල අයි­තිය ලබාදී තිබුණේ රජයේ බල­පත්‍ර යට­තේය. බල­ප­ත්‍ර­යක් සින්න­ක්කර ඉඩ­ම­කත් වෙනස නම් රජයේ බල­ප­ත්‍ර­යක් සහිත ඉඩ­මක් සින්න­ක්කර ඔප්පු සහිත ඉඩ­මක් මෙන් අවශ්‍ය විටෙක අලෙවි කිරී­මට හෝ එය ඇප­යට තබා බැංකු­ව­කින් හෝ වෙනත් මුල්‍ය ආය­ත­න­ය­කින් ණය මුද­ලක් ලබා ගැනී­මට නොහැකි වීමයි. සින්න­ක්කර ඉඩම් ඔප්පු ඉඩම් අයි­තිය නැති ජන­තා­වට ප්‍රදා­නය කිරීම 2001 වසරේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැති තන­තු­රට පත් වීමත් සමඟ ආරම්භ කරනු ලැබූ­වත් එව­කට ජනා­ධි­ප­තිව සිටි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මැති­නිය එ.ජා.ප රජයේ අමා­ත්‍යාංශ තමන් වෙත පවරා ගැනී­මත් සමඟ එම රජය බිඳ වැටී­මෙන් මේ වැඩ­ස­ට­හන ඉදි­රි­යට ගෙන යෑමට නොහැකි විය.

විප්ල­වීය පෙරැ­ළිය...

සින්න­ක්කර ඉඩම් අයි­තිය ලබා­දීම 2015 මැති­ව­ර­ණයේ පොරො­න්දු­වක් වුවද, එය ක්‍රියා­ත්මක කිරී­මට නොයෙ­කුත් බාධක පැමි­ණි­යේය. එම යෝජ­නා­වට කැබි­නට් අනු­මැ­තිය ලැබී එය ක්‍රියා­ත්මක කිරී­මට අව­ස්ථාව උදා වූයේ එක්සත් ජාතික පක්ෂ රජයේ කැබි­නට් මණ්ඩ­ල­යක් යටතේ ය.

ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු ලබා­දීමේ අග­මැ­ති­තු­මන්ගේ වැඩ­පි­ළි­වෙළ වසර දෙද­හස් පන්සී­යක ඉති­හා­ස­යක් තුළ මින් පෙර සිදු නොවූ විප්ල­වීය පෙර­ළි­යකි. එහෙත් ඇතැම් පිරිස් සාමාන්‍ය ජන­තා­වට සිදු­වන මේ අති දැවැන්ත සහ­න­යට එරෙ­හිව විවිධ අද­හස් ප්‍රකාශ කරති. බිල්ලන් මවති. ඉන් එක් බිල්ලකු මතු­වන්නේ සුපු­රුදු පරිදි ඇම­රි­කා­වෙනි. ඇම­රි­කාව සමඟ අත්සන් කිරී­මට නිය­මි­තව ඇති ‘මිලේ­නි­යම් චැලේන්ජ් කෝප­රේ­ෂන්’ (MCC) ගිවි­සුම මඟින් විදේ­ශි­ක­යන්ට මේ ඉඩම් පැව­රී­මට යන බව ඒ අසත්‍ය චෝද­නා­වයි. මිලේ­නි­යම් චැලේන්ජ් ගිවි­සුම යනු ශ්‍රී ලංකාව යන ඇමෙ­රි­කාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවි­සු­මක් පම­ණකි. එම ගිවි­සු­මට අනුව ඇමෙ­රි­කාව ඇම­රි­කන් ඩොලර් මිලි­යන 480ක ප්‍රදා­න­යක් කරනු ලබයි.

එයින් ඩොලර් මිලි­යන 130ක් වෙන් වන්නේ ඉහත විස්තර කළ ඉඩම් සංව­ර්ධන ව්‍යාපෘ­තිය සඳ­හාය. ඉඩම් ලේඛ­න­ගත කිරීම ඉඩම් තොර­තුරු ඩිජි­ටල් ගත­කි­රීම, ‍දේපළ ඔප්පු හිමි­කම් සහ­තික බවට පරි­ව­ර්ත­නය කිරීම, ඉඩම් ප්‍රති­පත්ති ලේකම් කාර්යා­ල­යක් ඇති කිරීම යන කට­යුතු සඳහා ඒ මුදල් වැය කිරී­මට නිය­මි­තය.

ඡායා­රූප - හිරන්ත ගුණ­ති­ලක

Comments