ශ්‍රී ලංකා ආර්ථි­කය දැඩි සත්කාර ඒක­කයේ සිට සාමාන්‍ය වාට්ටු­වට දැන්ම ගෙදර යන්න බෑ | සිළුමිණ

ශ්‍රී ලංකා ආර්ථි­කය දැඩි සත්කාර ඒක­කයේ සිට සාමාන්‍ය වාට්ටු­වට දැන්ම ගෙදර යන්න බෑ

ශ්‍රී ලංකා ඉති­හා­සයේ කිසිම රජ­ය­කට මුහුණ දීමට සිදු නොවූ තරමේ විශාල අභි­යෝග රැස­කට මුහුණ දෙමින් වුවද, රටේ ආර්ථි­කය ස්ථාවර හා ශක්ති­මත් කර ඇතැයි මුදල් ඇමැති මංගල සම­ර­වීර මහතා ප්‍රකාශ කරයි. රට පුරා සෑම මැති­ව­රණ කොට්ඨා­ස­ය­ක­ටම රු. කෝටි 40 ක මුද­ලක් මේ වසර නිමා­වී­මට පෙර ලබා­දෙ­මින් ගම්පෙ­ර­ළිය කඩි­නම් ග්‍රාමීය සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළ සාර්ථ­කව ක්‍රියා­ත්මක කරන බවත්, ව්‍යව­සා­ය­ක­යින් ලක්ෂ­යක් බිහි කිරීමේ අර­මු­ණින් එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය වැඩ­ස­ට­හන ක්‍රියා­වට නංවා ඇතැයි ද ඇමැ­ති­ව­රයා කියයි. ඉකුත් වසරේ අගෝස්තු මාසයේ මොන­රා­ග­ලින් ඇරඹි එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජාතික මහා ප්‍රද­ර්ශ­නය දෙවැනි වර­ටත් ඉකුත් මාසයේ 24 සිට 27 දක්වා ඓති­හා­සික අනු­රා­ධ­පු­රය වලි­සිංහ හරි­ස්චන්ද්‍ර ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වූ බවද එහි තුන්වැනි පිය­වර ලෙස‍ මේ මස 7 වැනිදා සිට 10 වැනිදා දක්වා යාප­නය කොටුවේ පැවැ­ත්වී­මට නිය­මිත බවද මංගල සම­ර­වීර මහතා පව­සයි.

2019 ජන­වාරි 01 වැනිදා සිට මේ වසරේ අගෝස්තු 21 දක්වා කාලය තුළ ග්‍රාමීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම සඳහා ව්‍යාපෘති 99882ක් රු. මිලි­යන 45477 ක මුද­ලක් වැය­කොට ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හන යටතේ සාර්ථ­කව ක්‍රියා­ත්මක කොට ඇත. එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන වැඩ­ස­ට­හන යටතේ මේ වන විට රු. බිලි­යන 92 ක මුද­ලක් ව්‍යව­සා­ය­ක­යින් සහ සහන ඇවැසි රට­වැ­සි­යන් 60,000 කට ආසන්න ප්‍රමා­ණ­ය­කට ණය මුදල් පිරි­නමා ඇතැයි ද ඇමැ­ති­ව­රයා කියයි. මෙතෙක් කිසිම රජ­යක දැඩි අව­ධා­න­යක් යොමු නොවු ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීට් කොට, ගල් අතුරා, වැඩි දියුණු කිරීම සඳහා ගම්පෙ­ර­ළිය යටතේ විශේෂ අව­ධා­න­යක් වත්මන් රජය ලබා දුනි. ඒ අනුව ඈත පිටි­සර ගමේ ජන­තා­වගේ කෘෂි කාර්මික, කාර්මික, සේවා නිපැ­යුම් පහ­සු­කම් සහිත නග­ර­යට පම­ණක් නොව ලෝක වෙළෙඳ පොළ වෙත පවා යොමු කර­ලී­මට හැකි අප­න­යන වැඩි දියුණු ආර්ථි­ක­යක් ගොඩ­නැ­ඟීම රජයේ අර­මුණ වී තිබේ. ඒ අනුව ගමේ නිෂ්පා­දන වැඩි දියු­ණුව සඳහා අවශ්‍ය දේ මෙන්ම රටේ මානව සම්පතේ උන්න­තිය උදෙසා අවශ්‍ය පහ­සු­කම් සියල්ල එක­වර වැඩි දියුණු කිරීම සිදු කෙරේ. වැව් අමුණු, ජල යෝජනා ක්‍රම, විදුලි බලය, ක්‍රීඩා පහ­සු­කම්, ළමා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන, අඩු ආදා­ය­ම්ලාභී ජන­තා­වගේ නිවාස, කෘෂි, ධීවර, ස්වයං රැකියා වැඩි­දි­යුණු කිරීම් යනා­දි­යට ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හ­නින් ප්‍රමු­ඛ­තා­වය ලබාදී තිබේ.

වසර 2018 සැප්තැ­ම්බර් ඇරැඹි ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හන යටතේ එක් මැති­ව­රණ කොට්ඨා­ස­ය­කට රු. කෝටි 20 ක මුද­ලක් ලබා දුනි. එය වැඩි­දි­යුණු කර­මින් තවත් රු. කෝටි 10ක මුද­ලක් ලබා දී ඇත. ඉකුත් සතියේ රැස්වූ ඇමැති මණ්ඩ­ල­යේදී ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හනේ තුන්වැනි පිය­වර ලෙස මෙම මාසයේ සැප්තැ­ම්බර් සිට දෙසැ­ම්බර් දක්වා කාලය තුළ තවත් සංව­ර්ධන ව්‍යාපෘති වේග­වත් කිරී­මට අම­ත­රව රු. කෝටි 1‍0ක මුද­ලක් ලබා­දී­මට රජය තීර­ණය කර ඇත. 2018 ඔක්. 26 වැනිදා ව්‍යවස්ථා විරෝධී කුම­න්ත්‍ර­ණ­ය­කින් බල­යට පත් මහින්ද රාජ­පක්ෂ මහතා පළමු කැබි­නට් පත්‍රි­කාව ලෙස ගම්පෙ­ර­ළිය වැඩ­ස­ට­හන නතර කිරී­මට චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර ඇත. එය අප පිළි­කු­ලෙන් යුතුව හෙළා දැකිය යුතුව ඇත.

ග්‍රාමීය යටි­තල පහ­සු­කම් නැංවී­මට ව්‍යාපෘති 98000ක් විශාල මුද­ලක් ඉතා කෙටි කාල­යක් තුළ විය­දම් කර­මින් ග්‍රාමීය යටි­තල පහ­සු­කම් දියුණු කළේ වත්මන් රජ­යයි.

රජය ගම්පෙ­ර­ළිය ග්‍රාමීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධන වැඩ­ස­ට­හන ආරම්භ කළේ 2018 සැප්තැ­ම්බර් මාස­යේ­දියි. එය පේදු­රු­තු­ඩුවේ සිට දෙවු­න්ද­ර­තු­ඩුව දක්වා වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක විය. දින 52න් පසු ව්‍යස්ථා­නු­කූ­ලව බලය ලබා­ගෙන ගම්පෙ­ර­ළිය වේග­වත් කළේය. මේ වන විට ව්‍යාපෘති අනූ අට­ද­හ­සක් ක්‍රියා­ත්ම­කයි. සෑම මැති­ව­රණ කොට්ඨා­ස­ය­කම රුපි­යල් මිලි­යන 300 බැගින් ලබා දි ඇත. ගම්පෙ­ර­ළි­යෙන් වැව් හා අමුණු 1340 ක් ප්‍රති­සං­ස්ක­ර­ණය වී ඇති අතර ඒ සඳහා රුපි­යල් මිලි­යන 1328ක මුද­ලක් වැය වී ඇත. ග්‍රාමීය මාර්ග, කුඩා පාලම් 38333ක් ඉදි­කර ඇති අතර මේ සඳහා රුපි­යල් මිලි­යන 29783ක් වැය කොට තිබේ.

පාසල් 1463 කට වැසි­කිලි පහ­සු­කම් ලබා දී ඇති අතර ඒ සඳහා රුපි­යල් මිලි­යන 686.2 ක් වැය කර ඇත. ගමේ ක්‍රීඩා සමා­ජ­ව­ලට රුපි­යල් මිලි­යන 2312 ක මුද­ලක් ලබා දී ඇති අතර පන්සල්, පල්ලි, කෝවිල් , දේවාල 10343 ක් නවී­ක­ර­ණය කර ඇත. ආග­මික සිද්ධ­ස්ථාන 963 ක සූර්ය බල­යෙන් විදු­ලිය ලබා ගන්න පහ­සු­කම් ලබා දී ඇති අතර වහ­ල­වල් නැති පුංචි ගෙව­ල්ව­ලට වහ­ලය සාදා ගැනී­මට රුපි­යල් මිලි­යන 4189.5 ක මුද­ලක් විය­දම් කර ඇත. නිවාස 30576 වැඩ අව­සන්ව ඇති අතර මේ වසරේ ගම්පෙ­ර­ළිය තුන්වන අදි­යර සඳහා ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබා ගෙන ඇත. මේ වැඩ­පි­ළි­වෙළ ලෝක බැංකුවේ හා ජාත්‍ය­න්තර ආය­තන කිහි­ප­යක ඇගැ­යී­මට ලක් වී ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම දිස්ත්‍රි­ක්කය ලෙස සිය­යට 87ක ප්‍රති­ශ­ත­ය­කින් වැඩ කට­යුතු කළ මාතලේ පත් වී ඇති අතර මහ­නු­වර සිය­යට 73ක්ද, කිළි­නො­ච්චිය සීය­යට 77ක්ද, මඩ­ක­ල­පුව සිය­යට 58ක්ද, ත්‍රිකු­ණා­ම­ලයේ සිය­යට 65 ක්ද, වව්නි­යාවේ සිය­යට 55 ක්ද, අම්පාර සිය­යට 44 ක්ද, බදුල්ල සිය­යට 34ක්ද, ගාල්ල සිය­යට 29ක්ද, හම්බ­න්තොට සිය­යට 35ක්ද වෙයි.

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට සොඳුරු පියස, ගොවි නවෝදා, රිය ශක්ති, රිවි­සවි බල, ජය ඉසුරු, දිරි සවිය, මාධ්‍ය අරුණ, හරිත ණය, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් සඳහා කාරක ප්‍රාග්ධන ණය ඇතුළු ණය යෝජනා ක්‍රම 17ක් ක්‍රියා­ත්මක කෙරේ. ඊට අම­ත­රව ණය ලබා­ගැ­නී­මේදී ජන­තා­වට සහය වීම සඳහා ඇප සුරැ­කුම් ණය ක්‍රම­වේ­ද­යක්, විදේ­ශීය මූල්‍යා­ධාර සහිත ආපසු නොගෙ­වන දිරි දීමේ සහන යෝජනා ක්‍රම ජන­තාව වෙනු­වෙන් ක්‍රියා­ත්ම­කය.

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා තුන්වැනි ජාතික මහා ප්‍රද­ර්ශ­නය සැප්තැ­ම්බර් 07 වැනිදා ජනා­ධි­පති - අග­මැති ප්‍රධා­න­ත්ව­යෙන් යාප­න­යේදී විවෘත කෙරේ.

Comments