‘සුඛිත පුර­වර’ 263ක් | Page 3 | සිළුමිණ

‘සුඛිත පුර­වර’ 263ක්

 

මෙරට සියලු පළාත් සඳහා සුඛිත පුර­වර වැඩ­ස­ට­හන යටතේ 2016-19 වස­ර­ව­ලදි අලුත් සුඛිත පුර­වර ව්‍යාපෘති 263ක් රුපි­යල් දස­ලක්ෂ 25250ක විය­ද­මින් ක්‍රියා­වට නංවා ඇතැයි නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් සුමේධ රත්නා­යක මහතා පව­සයි.

මේ සියලු නාග­රික සංව­ර්ධන ප්‍රදේ­ශ­වල බස්නැ­ව­තු­ම්පළ, නාග­රික වෙළෙ­ඳ­පොළ, ඇවි­දින මං තීරු, නාග­රික උද්‍යාන ආදිය ඇතු­ළත්ව සියලු නාග­රික යටි­තල පහ­සු­කම් ඉදි­කි­රීම තිබෙන යටි­තල පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම මේ සුඛිත පුර­වර වැඩ­ස­ට­හන යටතේ සිදු­ක­රනු ලැබේ. බස්නා­හිර හා මහ­න­ගර සංව­ර්ධන ඇමැති පාඨලි චම්පික රණ­වක හා අමා­ත්‍යාංශ ලේකම් ඉංජි­නේරු නිහාල් රූප­සිංහ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක වේ. මේ යටතේ දැන­ට­මත් නව ව්‍යාපෘති 132ක් රුපි­යල් මිලි­යන 10830 විය­ද­මින් අව­සන් කර ඇති බවත්, තවත් ව්‍යාපෘති 131ක් රුපි­යල් මිලි­යන 14450 විය­ද­මින් ක්‍රියා­ත්මක කරන බවත් සුමේධ රත්නා­යක මහතා පව­සයි. දැනට බස්නා­හිර පළාතේ සුඛිත පුර­වර ව්‍යාපෘති 70ක්ද දකුණු පළාතේ ව්‍යාපෘති 12ක්ද මධ්‍යම පළාතේ නව ව්‍යාපෘති 14ක්ද උතු­රු­මැද ව්‍යාපෘති 11ක්ද අව­සන් කර ඇත. ඒ සම­ඟම බස්නා­හිර පළාතේ සුඛිත පුර­වර ව්‍යාපෘති 49ක්ද දකුණු පළාතේ ව්‍යාපෘති 9ක්ද මධ්‍යම පළාතේ ව්‍යාපෘති 30ක්ද ඌව පළාතේ නව ව්‍යාපෘති 11ක්ද ක්‍රියා­වට නංව­මින් තිබේ.

Comments