මුළු දිල්ලි­ය­ටම ඇහෙන්න ආගම හඬ නඟා කියූ කුතුබ් මිනාර් | සිළුමිණ

මුළු දිල්ලි­ය­ටම ඇහෙන්න ආගම හඬ නඟා කියූ කුතුබ් මිනාර්

දිල්ලි නග­රයේ සිටින සංචා­ර­ක­ය­කුට අග්‍රාහි පිහිටි ටජ් මහල් සංකී­ර්ණය නැර­ඹී­මට යාම තර­මක් අප­හසු කට­යු­ත්තකි. ඒ වෙනු­වෙන්ම දිනක්ම වැය­වන බැවිනි. නමුත් දිල්ලියේ සංචා­රය කර­න්නන්ට දිල්ලි නග­ර­යේ­දීම නැරැ­ඹී­මට ටජ් මහ­ලක් ඇත්තේය. ඒ දිල්ලියේ පිහිටි හුමා­යුන් සොහොන් ගැබය.

මුම්බායි නුව­රට පිවි­සෙන මහ මුහුද මතින් ඉදි­වුණු දැවැන්ත පාලම අපට නැව­තත් දිස්වූයේ මුම්බායි නුවර සිට ගුවන් තොටු­ප­ළට යන ගම­නේ­දිය. මුම්බායි හි ගත­කළ දින කිහි­පය අම­තක කර­න්නට නොහැකි තර­මට ඒ මතක හද­ව­තට සමී­පව ඇත. මුම්බායි ගම­නින් අන­තු­රුව අප පිට­ත්වූයේ බෞද්ධ­යින් වන අපට බොහෝ සෙයින් වැද­ගත් වන ගයා හි පිහිටි බුද්ධ­ග­යාව වැඳ පුදා ගැනී­ම­ටය. ශ්‍රී ලංකාවේ ඉන්දි­යානු මහ කොම­සා­රිස් කාර්යා­ලය එම ගමන සංවි­ධා­නය කර තිබිණි. මේ ගම­නට අප හා එක්ව සිටි දෙමළ පුව­ත්පත් මාධ්‍ය­වේ­දීන් කිහි­ප­දෙ­නාට ද එම ගමන විශේ­ෂ­ත්ව­යක් වූවාට සැක නැත.

මුම්බායි ගුවන් තොටු­ප­ළෙන් ගයා දක්වා සෘජු අභ්‍ය­න්තර ගුවන් ගමන් යෙදී තිබු­ණද අපට යම් විශේ­ෂ­ත්ව­යක් ලබා දෙන්න­ටදෝ අපේ බුද්ධ­ගයා ගමන සංවි­ධා­නය වී තිබුණේ මුම්බායි ගුවන් තොටු­පළේ සිට දිල්ලි ගුව­න්තොට දක්වාත් එතැ­නින් පැට්නා ගුව­න්තොට දක්වාත් වූ අභ්‍ය­න්තර ගුවන් ගමන් දෙක­කින්ය. දකුණු ඉන්දි­යාවේ සිට උතු­රට යන ගමන තර­මක් දිගු ගම­නකි. පැය දෙක­හ­මා­රක පමණ දහ­වලේ යෙදුණු මුම්බායි දිල්ලි ගුවන් ගමන අති­ශ­යින්ම විනෝද ජන­කය. එයාර් ඉන්දියා ගුවන් යානයේ සංග්‍රහ සත්කා­රද සිත් පින­ව­න­ සු­ලුය. අප දිල්ලි ගුවන් තොටු­ප­ළින් බැස්සේ හැකි ඉක්ම­නින් පැට්නා යන එයාර් ඉන්දියා ගුවන් යාන­යට ගොඩ වීමේ අටි­යෙනි. මුම්බායි සිට පැමිණි ගුවන් යානය අපේ­ක්ෂිත කාල­යට වඩා තර­මක් ප්‍රමාද වූයෙන් පැට්නා යන ගුවන් යානය ඒ වන විටත් දිල්ලි ගුවන් තොටේ සූදා­නම්ව පැවැ­තියේ අප එන තෙක්ය. දිල්ලි පැට්නා ගමන පැය එක­හ­මා­රක පමණ කෙටි ගුවන් ගම­නකි. මුම්බායි හා දිල්ලි ගුවන් තොටු­පළ මෙන් පැට්නා ගුවන් තොට කාර්ය බහුල නැත. බොහෝ ගුවන් මගීන් මෙහි පැමි­ණෙන්නේ බුද්ධ­ගයා වන්දනා මාන කිරී­මට යාමේ අටි­යෙනි.

රාත්‍රියේ පැට්නා ගුවන් තොටින් බට අප කැටුව යෑමට සංචා­රක බස­යක් තිබිණ. අපේ මඟ පෙන්ව­න්නන් වූ රාජු හැරුණු කොට අහ­මද් අපේ සංචා­ර­යට දිග­ටම එක්ව සිටි­යේය. පැට්නා සිට බුද්ධ­ග­යාව කරා ඇති දුර කිලෝ­මී­ටර් 130 ක් පමණ වේ. ඉන්දි­යාවේ දුෂ්කර ප්‍රාන්ත හරහා යන ඒ ගමන සිතු­වාට වඩා බෙහෙ­වින් දුෂ්කර විය. අවට කිසිත් නොපෙ­නෙන රාත්‍රියේ බිහාර් ප්‍රාන්තය හරහා වේග­යෙන් බසය දිව යන්නේ අඩ නින්දේ සිටි අප වරින් වර අවදි කර­ව­මිනි. බිහාර් ප්‍රාන්තය බොහෝ කර්ක­ශය. දුගී දුප්ප­ත්කම උප­රි­ම­යෙන් රජ කරයි. රාත්‍රියේ වුව ඉන්දි­යාවේ පෙර නග­ර­වල පැවැති සුන්ද­ර­ත්වය මෙහි කිසිදු අයු­ර­කින් දක්නට නැති තරම්ය. ඉන්දි­යානු සමා­ජයේ ඇති නැති පර­ත­රය හොඳින් පෙන්නුම් කිරී­මට බිහාර් ප්‍රාන්තය මෙන්ම බුද්ධ­ග­යාව හොඳ­ටම ප්‍රමා­ණ­වත් යැයි මට සිතිණි.

මීට වසර අට නව­ය­කට පෙර දුටු බුද්ධ­ගයා අවට පරි­ස­ර­යට වඩා මෙවර එම පරි­ස­රයේ වෙනස් හා මන­රම් බවක් මම දුටු­වෙමි. කෘත්‍රිම තණ පල­සින් අලං­කාර වූ බුද්ධ­ගයා භූමිය වටා ආර­ක්ෂා­වද පෙරට වඩා තර­කර ඇත්තේය. ථෙර­වාදී බුදු දහ­මට වඩා මහා­යාන බුදු දහම අද­හ­න්නන්ගේ ආග­මික වත්පි­ළි­වෙත් බුද්ධ­ග­යාවේ වැඩි­පුර දක්නට ලැබිණ. බුද්ධ­ග­යාවේ සිට දිල්ලි­යට ආපසු පැමිණ ගත කළ කාලය මේ සිය­ල්ල­ටම වඩා වෙනස් ය. එව­රද අප නවා­තැන වූයේ ටජ් මහල් ටවර් හෝටල් සමූ­හ­යට අයත් සුපිරි හෝට­ල­යකි. පරි­ස­රය හා අත්දැ­කීම් පම­ණක් නොව දිල්ලි ජන ජිවි­ත­යද අපට වෙනස්ම අත්දැ­කී­මක් ගෙන දුන්නේය.

හර්යානා ප්‍රාන්තයේ වු මෙඩන්ටා නම් වු ඉන්දි­යාවේ දැවැ­න්තම රෝහල නරඹා අන­තු­රුව සිදුවූ දිල්ලි නගර සංචා­ර­යද අපට ගෙන දුන්නේ අමු­තුම අත්දැ­කී­මකි.

කුතුබ් මිනාර් (Qutub Minar) කුලුන ඇතුළු ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය මේ ගම­නේදි අප දුටු සුවි­ශේෂි සංචා­රක ආක­ර්ෂ­ණ­යක් දිනා­ගත් ස්ථාන­යකි. දිල්ලියේ මෙහ්ර­යුලි ප්‍රදේ­ශයේ පිහිටා ඇති මෙම අති අලං­කාර ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය යුනෙස්කෝ ලෝක උරුම අත­රින් එකකි. උස අඩි මීටර් 72.5 කින් යුතු ලොව ගඩො­ලින් තැනූ උසම මිනා­රය ලෙස ඉති­හා­ස­ගත වන මෙම කුතුබ් මිනාර් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය දිල්ලියේ සංචා­රය කර­න්නෙකු නැර­ඹිය යුතුම වූ ස්ථාන­යකි. 1192 වස­රේදි දිල්ලියේ අව­සන් හින්දු රාජ­ධානි අව­දියේ කුතුබ් - අල් - දින් - අයි­බක් යටතේ ඉදි­වූ­ව­කැයි සැල­කෙන මෙම මිනාර් සංකී­ර්ණය අවස්ථා ගණ­නා­ව­ක­දිම විනාශ වී තවත් අවස්ථා ගණ­නා­ව­ක­දිම ප්‍රති­සං­ස්ක­ර­ණ­යට ලක්කර ඇත්තේය. සන්නි­වේ­දන පහ­සු­කම් අඩු යුග­යක ඉස්ලා­මීය පූජ­ක­යින් දිල්ලි නගර වැසි­යන්ට ඇසෙ­න්නට සිය ආගම හඬ නඟා කියා ඇත්තේ මෙම මිනා­රයේ සිට යැයි වාර්තා­වෙයි. මිල ගෙවා ඇතුළු වීමේ ප්‍රවේශ පත්‍ර­යක් ගත යුතු වුවද මුදල ගැන නොතකා දිල්ලියේ සංචා­රය කරන බොහෝ විදේ­ශි­ක­යන් මෙහි පැමි­ණෙන්නේ ඉස්ලා­මීය ගෘහ නිර්මාණ ශිල්ප­යන්ට අනු­ග­තව තැනූ මෙම අති අලං­කාර නට­ඹුන් නැර­ඹී­ම­ටය.

දිල්ලි නග­රයේ සිටින සංචා­ර­ක­ය­කුට අග්‍රාහි පිහිටි ටජ් මහල් සංකී­ර්ණය නැර­ඹී­මට යාම තර­මක් අප­හසු කට­යු­ත්තකි. ඒ වෙනු­වෙන්ම දිනක්ම වැය­වන බැවිනි. නමුත් දිල්ලියේ සංචා­රය කර­න්නන්ට දිල්ලි නග­ර­යේ­දීම නැරැ­ඹී­මට ටජ් මහ­ලක් ඇත්තේය. ඒ දිල්ලියේ පිහිටි හුමා­යුන් සොහොන් ගැබය. ( Humayun's Tomb) 1565 දි මෙහි ඉදි­කි­රීම් ආරම්භ කර ඇත්තේ ඉන්දි­යාවේ දෙවැනි මෝගල් අධි­රා­ජ්‍යයා සිහි­වීම පිණි­සය. මීටර් 47 ක උස­කින් යුතු මේ ගොඩ­නැ­ගිල්ල ටජ් මහල් හා සමාන අනු­රු­ව­කින් යුතුය. මේ ගොඩ­නැ­ගිල්ල තනි­ක­රම රතු වැලි­ව­ලින් මෝගල් ගෘහ නිර්මාණ ශිල්ප­යට අනුව නිර්මා­ණය කරන ලද්දකි. දිල්ලියේ සංචා­රය කරන විදේ­ශි­කයෝ පම­ණක් නොව දේශි­ක­යෝද මේ අනගි නිර්මා­ණය දැක බලා ගැනී­මට පැමි­ණෙති. මන­බ­ඳින ආකා­ර­යෙන් නිර්මිත වූ මේ මහල් සංකී­ර්ණය මෙන්ම දිල්ලියේ පිහිටි කෞතු­කා­ගා­ර­යද අති­ශ­යින්ම නව අත්දැ­කීම් ගොන්නක් එක් කර­න්නකි. විශේ­ෂ­යෙන් දිල්ලි කෞතු­කා­ගා­රයේ තැන්ප­ත්කර ඇති බුදු රජා­ණන් වහ­න්සේගේ සර්වඥ ධාතූන් වැඳ පුදා­ගැ­නී­මට බොහෝ ශ්‍රි ලාංකි­ක­යන් පැමි­ණෙන්නේ ඔවුන්ට ලැබෙන දුර්ලභ අව­ස්ථා­වක් වන නිසාය‍.

ශ්‍රි ලංකාවේ ඉන්දිය මහ කොම­සා­රිස් කාර්යා­ලය මගින් සංවි­ධා­නය කළ මෙම ඉන්දීය සංචා­රය මාධ්‍ය­වේදි අපට බොහෝ අත්දැ­කීම් එක්ක­ර­න්නට විය. ඉති­හා­සයේ පුරා­වට මේ දක්වා පැවැති ඉන්දීය ශ්‍රී ලංකා සම්බ­න්ධ­තාව මේ ගම­නේදි අපි නොඅ­ඩුව අත් වින්දෙමු. ඉන් දෙරට අතර සුහ­ද­ත්වය මිතු­දම මෙන්ම එකි­නෙකා වටහා ගැනී­මද වර්ධ­නය වනු නොඅ­නු­මා­නය.

(මුම්බායි හා දිල්ලි සංචා­ර­ය­කින් පසු)

Comments