නිවෙස බේරා ගන්න ඉතිරි මුදල් සොයා ගැනීමට රෝගී පියකුගේ ආයාචනයක්
මිනිසුන්ට කරදර එන්නේ කලින් දන්වා නොවේ. ඒ එන කරදරවලට මුහුණ දීමට ඇතැමුන්ට ශක්තිය නැත. මේ කියන්නට යන්නේද දරිද්‍රතාවය මෙන්ම අසනීප නිසා දුකට පත්ව යනඑන මං නැතිව අසරණවූ දරු පවුලක් පිළිබඳය.
ඔහු ජගත් ප්‍රසන්නය. කරවල විකිණීම තම ජීවනෝපාය කරගත් ජගත් සිය දරු දෙදෙනා හා බිරිය ජීවත් කරවුයේ ඒ ලැබෙන මුදලිනි. නමුදු හිටිහැටියේම ජගත් අසනීප වන්නට වූයේය. ඒ පිළිකා රෝගය වැලඳීමෙනි. ජගත් ගේ හා ඔහුගේ පවුලේ අයගේ ජීළුීත වලට කණකොකා හඬන්නට වූයේ ඉන්පසුවය.
“මට පිළිකා රෝගය හැදුණාට පස්සේ තමයි අපි හැමෝගෙම ජීවිත අසරණ වුණේ. නැත්නම් මං හැමදේම පිළිවෙළකට කරගෙන හිටියා. මහරගම අපෙක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ගත්තේ. මගේ බෙල්ලේ තමයි පිළිකාව තියෙන්නේ. ඒ නිසා ශල්‍ය කර්මයකුත් කෙරුවා. මේ ශල්යකරමයෙන් පසුව මගේ බෙල්ල වමට දකුණට හරවන්නවත් බැහැ. මේ නිසා මට ආයේ රැකියාවක් කර ගන්නවත් බැහැ. මගේ දරුවෝ දෙන්නම තවම පාසල් යනවා. අපට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මගේ බිරිය මුරුක්කු හදලා කඩවල්වලට දාන්න ගත්තා. ඒකෙන් ලැබෙන මුදලින් තමයි අපි යාන්තම් බඩගින්න නිවා ගන්නේ. ” ජගත් පවසන්නේ කනගාටුවෙනි.
ජගත්ගේ බිරිය වඩේ සෑදීමට අවශය ද්‍රව්‍ය අසල කඩයකින් දෛනිකව ණයට ලබාගනී. ඉන්පසු මුරුක්කු සාදා කඩවල්වලට දාන්නේය. මේ ලැබෙන මුදලින් කඩේ ණය මුදල ගෙවා දමා ඉතිරිෙයන් දවස ගෙවා ගනී. නමුදු ඇය අතට ලැබෙන මුදල ඔවුන්ට දවස ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. ඒනිසා ඇතැම් දවස් වල දරුවෝද වේලක් දෙකක් බඩ ගින්නේ දවස ගෙවා දමති. මේ සියලු අගහිඟකම් මැද්දේ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔවුහු තමන් පදිංචි වී සිටින නිවෙස උගසට තැබූහ. ඉන් ලද මුදල රුපියල් ලක්ෂ පහළොවකි. ජගත්ගේ රෝගී තත්ත්වයත් ආදායම් මාර්ගයක් නොතිබීමත් නිසා දැන් නිවෙස සහ ඉඩම සින්නවී යාමට නියමිතය .
“ අපි දැන් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. අපට මුදල් දුන්න අය කියනවා පොලිය එපා මුදල විතරක් දීලා ඉඩම බේර ගන්න කියලා. එක එක්කෙනා දීලා දැන් අපි ළඟ රුපියල් ලක්ෂ දෙකක් තියෙනවා. තවත් ලක්ෂ දෙකක් හොයා ගන්න අපිට කවුරු හරි උදව් කරන්න . මේ ගේ බේරගන්න බැරි වුණොත් මමයි මගෙ දරු දෙන්නයි බිරියයි පාරට වැටෙනවා. ”
ජගත් දැන් තම දරු පවුල වෙනුවෙන් ඔබේ ආධාරය පතන්නේය.
ඔහුගේ ගිණුම් අංකය - 8330027439
ආර්.පී. කේ. ජගත් ප්‍රසන්න
කොමර්ෂල් බැංකු ශාඛාව- මිනුවන්ගොඩ.
දුරකථන අංකය. 0776135064
- ඉසවි