විපක්ෂයත් හරියට කොටි ප්ලේන් එකක් වගේ | සිළුමිණ

විපක්ෂයත් හරියට කොටි ප්ලේන් එකක් වගේ

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා වැඩ­ස­ට­හ­නින් රටේ ජන­තා­වට ලැබෙන ප්‍රති­ලභ මොන­වාද?

ප්‍රති­ලාභ ගණ­නා­වක් ලැබෙ­නවා. එකක් ලංකාවේ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ව­ලට වේග­වත් පුන­රු­ද­යක් ඇති­වෙ­නවා වගේම ඒත­රම් නැති වුණත් මහා පරි­මාණ කර්මා­න්ත­ව­ල­ටත් යම්කිසි ශක්ති­යක් හිමි වෙනවා. එම­ඟින් ගමේ ජන­තා­වට ඍජුව සහ වක්‍රව රැකියා නිර්මා­ණය වීම ප්‍රධාන ප්‍රති­ලා­භ­යක්. මෙම වැඩ­ස­ට­හනේ පර­මා­ර්ථය සර­ලව කිව්වොත්, මනු­ෂ්‍ය­යෙ­කුට ජීවත් වීම සඳහා මාළු කූරි­යෙක් ලබා­දෙ­නවා වෙනු­වට මාළු බාන්න බිලි­පි­ත්තක් ලබා­දී­මයි.

මේ නිසා එක පැත්ත­කින් ඍජු සහ වක්‍ර රැකියා ජනිත වෙනවා. අනෙක් පැත්තෙන් එම­ගින් ගමේ ආර්ථි­ක­යට මුදල් වේග­යෙන් ගලා­යෑ­මක් සිද්ධ වෙනවා. තවත් විදි­ය­කින් නවෝ­ත්පා­දන ව්‍යාපෘ­ති­ව­ලට ශක්ති­යක් ලැබෙ­නවා. ඒව­ගේම අප­න­යන අභි­මුඛ කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධ­න­යක් අපේක්ෂා කර­නවා. එම­ගින් අපිට වැඩි වැඩි­යෙන් විදේශ විනි­මය ලැබීමේ ධනා­ත්මක ප්‍රවේ­ශ­ය­කට ප්‍රවිෂ්ට වීමේ හැකි­යාව ලැබෙ­නවා.

ඔබ කර්මාන්ත හා වාණිජ කට­යුතු නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා. මේ සඳහා ඔබේ අමා­ත්‍යං­ශය මඟින් දෙන දායකත්වය මොකක්ද?

ජනා­ධි­ප­ති­තු­මාගේ සහ අග­මැ­ති­තු­මාගේ දාය­ක­ත්ව­යෙන් මේ රටේ තරුණ තරු­ණි­යන්ට නව රැකියා ජනිත කරන පුළුල් වැඩ­පි­ළි­වෙළ යටතේ මගේ විෂ­ය­භාර ඇම­ති­තුමා එක්ක එකතු වෙලා නව කර්මාන්ත පුර ඇති කිරීමේ කට­යුතු මේ වන විට ආරම්භ කර තිබෙ­නවා. මේ කර්මාන්ත පුර ගොඩ­නැ­ඟීම සඳහා ආයෝ­ජ­ක­යන් රැගෙන ඒම, එම කර්මාන්ත පුර­ව­ර­වල කට­යුතු කරන ජන­තා­වගේ ප්‍රශ්න විස­ඳීම කියන භාර­දූර කාර්ය මට පැවරී තිබෙ­නවා. මේ තන­තු­රට මා පත් කරලා සති හයක් වගේ පොඩි කාල­යක් තුළ පළාත් තුනක කර­මා­න්ත­ක­රු­වන්ට පැන­නැඟී තිබෙන ගැටලු විස­ඳීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා. ඒ අනුව බස්නා­හිර පළාත, මධ්‍යම පළාත සහ සබ­ර­ග­මව කියන පළත් තුනේ ගැට­ලු­ව­ලට විස­ඳුම් ලබා­දී­මට කට­යුතු ආරම්භ කළා. මගේ ඉල­ක්කය වෙන්නෙ ඔක්තෝ­බර් මාසය වන විට පළාත් නව­යෙම මේ කට­යුතු අව­සන් කිරී­මයි.

අපි මේ ගැටලු නිරා­ක­ර­ණය කර­ගෙන මේ ගමනේ ප්‍රශස්ථ ඉදි­රි­යක් දකින්න තමයි බලා­පො­රො­ත්තුව. මෙහිදී හස්ත කර්මාන්ත කරු­වන්න්ට වගේම ස්ව්‍යං රැකි­යා­වල නිර­ත­ව­න්නන්ට ප්‍රති­ලාභ අත්කර දෙන වේග­වත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර­නවා.

මෙහිදී අනා­ග­තය ලෝකය එක්ක ඉදි­රි­යට යන්න පුළු­වන් ලාභ ඉප­යිය හැකි හඳුනා ගත්ත විශේෂ කර්මාන්ත තියෙ­න­වාද? තියෙ­නව නම් ඒ මොන­වද?

ලාභය ඉලක්ක කර ගන්නවා වගේම දේශීය වෙළෙ­ඳ­ප­ළට අත්‍ය­වශ්‍ය කර්මාන්ත අපි නඩත්තු කර­මින් පව­ත්වා­ගෙන යන්න ඕන. අපි ගත්තොත් ලාක්ෂා කර්මා­න්තය, බීරළු රේන්ද කර්මා­න්තය, ලී කැට­යම්, වෙස් මුහුණු, පොල්කටු ආශ්‍ර­යෙන් කරන නිර්මාණ, පන් ආශ්‍රිත නිමැ­වුම්, වේවැල් කර්මා­න්තය...ආදී දේශීය අමු­ද්‍රව්‍ය යොදා­ගෙන කරන කර්මාන්ත දියුණු කරන්න ඕක. ඒව­යින් අපට විශාල ලාභ­යක් අත් නොවෙන්න පුළු­වන්. නමුත් ඒවා පව­ත්වා­ගෙන යෑම අනි­වා­ර්යයි.

මේ දේව­ල්ව­ලට විදේශ රට­වල හොඳ ඉල්ලු­මක් තියෙ­නවා. ඒව­ගේම ලාබ ලබන ‍ක්ෂේත්‍ර ගත්තොත් පොල්, කුරුඳු, ගම්මි­රිස් වගේ දේව­ල්ව­ලට නව අග­යන් එකතු කර­මින් දැනට ලැබෙන ලාභ­යට වඩා වැඩි ලාභ­යක් උප­යා­ගන්න වැඩ­පි­ළි­වෙ­ළක් අපිට තියෙ­නවා.

කෙනෙක් අහන්න පුළු­වන් මේ අග­යන් එකතු කර­නවා කියන්නෙ මොකක්ද කියලා.

උදා­හ­ර­ණ­ය­කට පොල් ගමු මේක ගෙඩි විදි­යට යව­න­වට වැඩිය කැබලි විදි­යට හරි, පිටි කරල හරි යවන එක වඩා ලාභ දාය­කයි. කුරුඳු ගමු. අපිට පුළු­වන් කුරුඳු තේ විදි­යට පිට­රට යවන්න. මොකද කොලෙ­ස­ට­රොල් අවම කළ හැකි ගුණ­යක් කුරු­ඳු­වල තියෙ­නවා. ඒ නිසා හෘද රෝග තියෙන අය ඒ කෙරෙහි වැඩි නැඹු­රු­වක් දක්ව­නවා. මේ විදි­යට ඒවාට නව අග­යන් එකතු කිරී­මට අපි බලා­පො­රොත්තු වෙනවා.

අද සුළු හා මධ්‍ය පරි­මාණ නිෂ්පා­ද­කයා අත­ර­මැ­දි­යාගේ දැවැන්ත සූරා­කෑ­ම­කට ලක්වෙ­නවා. මේ නිසා නිෂ්පා­ද­ක­ය­ටත් පාරි­භෝ­ගි­ක­යා­ටත් විශාල අවා­සි­යක් සිද්ධ වෙනවා. ඒකට විස­ඳුම් දෙන්න වැඩ­පි­ළි­වෙ­ළක් තියෙ­න­වාද?

ඔව්, කෙනෙක් විසි­තුරු භාණ්ඩ හද­නවා. තව­කෙ­නෙක් බතික් නිර්මාණ කර­නවා. බතික් ෂර්ට් එකක් රුපි­යල් දාහයි කියල අපි හිතමු, අලි කැට­ය­මක් රුපි­යල් 1500යි කියල හිතමු. මෙතෙන්ට ටුව­රිස් ගයිඩ්ලා විදේ­ශි­ක­යෙක් එක්ක­ගෙන එනවා. ඇවිල්ල කිය­නවා. අලි­කැ­ට­යම තුන්දා­හයි කියන්න. නැත්තම් බතික් ෂර්ට් එක දෙද­හයි කියන්න කියලා. දැන් මොකද වෙන්නේ. නිෂ්පා­ද­කයා විශාල විය­ද­මක් දරල උප­යන මුදල, අතර මැදි­යෙක් නිකන් ඉඳල හොය­නවා. එකට විරුද්ද වුණොත් මිනිහ ටුව­රිස්ලා අරන් එන්නෙ නැහැ. මේකට මොකක්ද දෙන්න පුළු­වන් විස­ඳුම, ඒ තමයි ඒ අයට නව තාක්ෂ­ණය ලබා­දීම.

අපිට තියෙන අභි­යෝ­ගය තමයි සම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ක­රු­වන්ට මේ තොර­තුරු තාක්ෂ­ණය හුරු කිරීම. මොකද ඔවුන්ට ස්මාට් පොන් ගැන ලැප්ටොප් ගැන ලොකු අව­බෝ­ධ­යක් නැහැ. ඒව­ගේම අලෙ­වි­ක­රණ ක්‍රියා­දා­මය පිළි­බ­ඳව, ප්‍රචා­ර­ණය පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් නැහැ. මේ නිසා අපි කල්පනා කලා ජාතික චින්තන සභා­වත් කාර්මික මණ්ඩ­ල­යත් ඒ අයගේ දරු­වන්ට නැත්නම් දරු­වන්ගෙ දරු­වන්ට ඒ දැනුම ලබා­දෙන්න. ඒ සඳහා පුහුණු වැඩ­ස­ට­හන් දැන් ආරම්භ කර තිබෙ­නවා. නමුත් ඒවයේ ප්‍රචා­ර­ණය ගැන අව­බෝ­ධ­යක් ලබා­දෙන්නේ නැහැ. මම යෝජනා කළා මහුණු පොත යොදා­ගෙන ඒ කට­යුතු කරන හැටි ඔවුන්ට උග­න්වන්න

නමුත් ආණ්ඩුවේ වෙළෙඳ ගිවි­සුම් ප්‍රති­ප­ත්තිය නිසා අවා­සි­දා­යක තත්ත්ව­යක් උදා වී අති බවට චෝද­නා­වක් නැඟෙ­නවා.

හොඳ දෙයක් කළත්, නව නිර්මා­ණ­යක් කළත්, පව­තින ක්‍රමයේ වෙන­සක් කරන්න උත්සාහ කළත් විප­ක්ෂ­යට මොකක් හරි චෝද­නා­වක් එල්ල කරන්න ඕන. මොකද නැත්තම් ඒ අයට පැවැ­ත්මක් නැතිව යනවා. විප­ක්ෂය හරි­යට කොටි ප්ලේන් එකක් වගේ. කොටි ප්ලේනුත් උඩ ගිහිල්ලා උඩ ගිහිල්ලා ගුවන් හමු­දාවේ ප්‍රති­ප්‍ර­හාර වලින් කුඩු වෙලා බිම පතිත වුණානේ. ඒවගේ විප­ක්ෂ­යත් ආණ්ඩුවේ දැවැන්ත සංව­ර්ධ­නය හමුවේ කුඩු පට්ට­ම්වෙලා හොට බිම ඇන­ගෙන ඉන්නේ. බාල සටන් පාඨ උස්සන් එන්නේ ආයි නැඟි­ටින්න විදි­යක් නැති නිසා

නමුත් ආණ්ඩුව ගෙදර යවන්න විශාල සෙන­ඟක් අරන් පොහොට්ටු පක්ෂය කොළ­ඹට එනවා කිය­නවා. මොකක් වේවිද ආණ්ඩුව ගෙදර යාවිද?

මට තියෙන ප්‍රශ්නය මේකයි. ගාලු­මු­ව­දො­රට හොර නඩ­යක් ආවම ජනතා පර­මා­ධි­ප­ත්‍ය­යෙන් බල­යට ආපු අණ්ඩු­වක් ගෙදර යන්න ඕනද කියන එකයි. ඒක හරි­යට 1987-88 කාලේ දකුණේ ලෑලි කඩේක 'දේශ­ද්‍රො­හීන් රටින් පිට­වෙනු' කියලා අල­වල තිබුණ පොස්ට­රය වගේ. මේ කඩේ හිටපු මුද­ලාලි දන්න සිංහ­ලෙ­න්හො­ෆ්සීට් කොළේක ලියල තිබුණා 'මේ කඩේ නම් දේශ­ද්‍රේ­හීන් නොමැත‘ කියලා. ඒවගේ මට තේරෙන්නෑ මේ උද්ඝෝ­ෂ­ණයේ ආණ්ඩුව ගෙදර යන්නේ කොහො­මද කියලා. ආණ්ඩුව ගෙදර යන­වද නැද්ද කියල තීන්දු කරන්නේ ජන­තා­වයි.

සංවා­දය - රසික කොටු­දු­රගේ

Comments