Home » යූනියන් බැංකුවෙන් ‘ඩිජිටල් කලාප’

යූනියන් බැංකුවෙන් ‘ඩිජිටල් කලාප’

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

කොළඹ 3 යුනියන් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ අලුතෙන් පිහිටවූ යුනියන් බැංකුවේ ප්‍රථම ‘ඩිජිටල් බැංකුකරණ කලාපය’ මගින් සතියේ දින 7 දීම පැය 24 පුරා ‘ස්මාර්ට් බැංකුකරණ සේවා’ ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදාවී ඇත.

යුනියන් බැංකුව ඩිජිටල්කරණ කිරීමේ ව්‍යාපෘතියේ තවත් ඉදිරි පියවරක් වන මෙය ගනුදෙනුකරුවන්ට ඉතා පහසු, අවහිරතා නැති සේවාවක් ලෙස තවදුරටත් ව්‍යාප්ත කරමින්, මෙම වසර තුළ තවත් ප්‍රමුඛ ශාඛා කිහිපයක ‘ඩිජිටල් බැංකුකරණ කලාප’ පිහිටුවීමට දැනටමත් සැලසුම් කර ඇත.

මෙම ‘ඩිජිටල් බැංකුකරණ කලාප’, ස්වයංක්‍රිය ටෙලර් යන්ත‍්‍ර (ATM), මුදල් ප්‍රතික්‍රීයකරණ යන්ත්‍ර (CRM) සහ චෙක්පත් තැන්පතු, උපයෝගිතා බිල්පත් ගෙවීම් හා තවත් සේවා සඳහා අති නවීන ස්වයංක්‍රිය පහසුකම්වලින් සමන්විත ය. මේ මඟින්, දවසේ පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, කාඩ් රහිත තැන්පතු, යූනියන් බැංකු ගිණුම්වලට අරමුදල් මාරු කිරීම, යූනියන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීම් සහ ගිණුම් ශේෂ විස්තර ලබා ගැනීම ආදී බැංකු සේවා රැසක් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division