Home » චරිතාංග රංගන ශිල්පියෙක් වීම මගේ ලොකු හීනයක්

චරිතාංග රංගන ශිල්පියෙක් වීම මගේ ලොකු හීනයක්

by thanushika
April 13, 2024 12:30 am 0 comment

පුංචි තිරයේ නිර්මාණ කිහිපයක් තුළින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් නවක රංගන ශිල්පී ධනුෂ්ක ගමගේ දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේය. ඉගෙනීම් කටයුතු කරන අතරේම රංගන කාර්යයේ යෙදෙන ඔහු සමඟයි මේ කතාබහ.

මොනවද මේ දවස්වල වැඩ කටයුතු?

දිව්‍යාංජලී ටෙලි නාට්‍යයේ රඟපෑම් කටයුතු කරනවා. ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයටත් සම්බන්ධ වී සිටිනවා .මීට අමතරව මහේන්ද්‍ර පෙරේරා සර්ගේ පන්තියේ පුහුණුවීම් වැඩකටයුතු සිදු කරනවා

කොහොමද ඔබ කලාවට සම්බන්ධ වෙන්නේ?

සමාජ මාධ්‍ය ඔස්සේ රංගන ශිල්පීන්ව ඉල්ලා පෝස්ට් එකක් පළ කර තිබුණා. එයට මැසේජ් එකක් දාලයි මම මුලින්ම නිර්මාණයකට දායක වුණේ. සරත් ගුණසේකර මහතාගේ සහයෝගයෙන් කළු දළ රළ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන්න එහිදී මට අවස්ථාව ලැබුණා. තවම එම නාට්‍ය ප්‍රදර්ශනය කළේ නැහැ .ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ තිසුල දීප තඹවිටයි. ඉන්පසු සරත් ගුණසේකර මහතාගේම සහයෝගයෙන්” හීනයකි මේ ආදරේ” ටෙලි නාට්‍යයේ රංගන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලැබුණා. ඉන් පස්සේ තමයි දිව්‍යාදරී ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. නීල පබළු, බයෝ වැනි ටෙලි නාට්‍යවලත් රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණා. රඟපෑම් කටයුතු කරන අතරවාරයේ රංගනය හැදෑරිය යුතු යැයි මම තීරණය කළා. ඒ අනුව මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලෙන් පුළුල්ව හැදෑරීම් කටයුතු සිදු කරනවා .

ඔබගේ අරමුණ වෘත්තීය රංගන ශිල්පියෙක් වීමද ?

ඔව්. නමුත් මම මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ඉගෙනුම ලබනවා . උපාධිය සම්පූර්ණ කර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම ආචාර්ය උපාධිය ලබා ගැනීමට මම සැලසුම් කර සිටිනවා .

ඉදිරියේදී කිරීමට කැමති චරිත මොනවාද ?

මං ගොඩක් කැමති දුෂ්ටයාගේ භූමිකාව කරන්නයි. මම හිතනවා ඒ තුළින් මගේ දක්ෂතාවය උපරිමයෙන් පෙන්විය හැකියි කියලා.

දුෂ්ටයාගේ චරිතය තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගන්න අපහසුයි නේද ?

දුෂ්ටයාගේ චරිතය වුණත්, එය කරන විදිහ අනුව ප්‍රේක්ෂක ආදරය වෙනස් වෙනවා. මට චරිතාංග රංගන ශිල්පියෙක් වෙන්න එකී චරිත ගොඩක් උදව් වෙයි කියලා මම හිතනවා .

ඔබගේ පවුලේ විස්තර කොහොමද ?

මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි අක්කල දෙන්නයි ඉන්නවා. අපේ අම්මා මං රඟපානවට ගොඩක් කැමතියි. එයත් මම කලාවට ආදරය කරන්න තවත් එක් හේතුවක් .

ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද

මගේ ව්‍යාපාරය උපරිමින් දියුණු කරන්න වගේම එය ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව හොඳ චරිතාංග රංගන ශිල්පියෙක් වීමත් මගේ ලොකු හීනයක් .

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division