Home » අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

by Mahesh Lakehouse
April 13, 2024 12:39 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය 10 වෙනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් සිදු කෙරුණු අවස්ථාව. චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව එසේ පිළිගැන්වීම සිදු කරන ලදී. මේ අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division