Home » දේවාකර්ෂණය ලැබෙන මහානුභාවසම්පන්න අභිසම්භිධානේ ජීවම

දේවාකර්ෂණය ලැබෙන මහානුභාවසම්පන්න අභිසම්භිධානේ ජීවම

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

බුද්ධ මන්ත්‍ර ගණයේ ප්‍රබලම බුද්ධ මන්ත්‍රය සහ බුද්ධ ආරක්ෂාව හැටියට සැලකෙන්නේ මේ උතුම් අභිසම්භිධාන පිරිතයි. මෙය පිරිතක් ලෙස භාවිතා කරති. බොහෝ වෙදැදුරන් මෙය අභිසම්භිධාන ජීවම වශයෙන් සලකනු ලබයි.

ඉතාම ශ්‍රද්ධාවෙන් තෙරුවන් කෙරෙහි එසේම ප්‍රතිපත්ති ගරුකව මේ උතුම් අභිසම්භිධාන යන්ත්‍රය එසේ නැතිනම් අභිසම්භිධාන ජීවම සිදුකර ගැනීම තුළ අපමණ ආරක්ෂාවක් ලබාගන්නට පුළුවන්කම තිබේ. මහත් වූ දෙවිවරුන්ගේ ප්‍රසාදය ආරක්‍ෂාව ලබාගැනීමට ඇති හොඳම ශාන්තිය මේ උතුම් අභිසම්භිධාන ජීවමයි. කිළි කුණුවලින් වැළකී සුද්ධ පවිත්‍රව සියලු පුදපූජා තබා සුවඳ ධූප මාලාවක් ජීවම් කර ගැනීම තුළ ස්ථානගත භූමිගත සියලු පහත් පිළි අමනුෂ්‍ය බලවේග දුරු වී මහානුභාව සම්පන්න දෙවිවරුන්ගේ ආකර්ෂණය ලැබීමට මෙම උතුම් අභිසම්භිධාන ජීවම බලවත් වෙයි. ඒ සඳහා පන්සිල් සමාදන් වීමෙන් තෙරුවන් වන්දනා කිරීමෙන් කරණීයමෙත්ත සූත්‍රය හෝ අඩුම තරමින් සජ්ඣායන කර මෙම ජීවම පැවැත්වීම ඉතා බලවත්.

ඔබ මුලින්ම සුදුහඳුන්, රත්හඳුන්, දේවධාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්ටම්, ජටා මාංශ, සැවැන්දරා, විෂ්ණු ක්‍රාන්ති, කවඩි සාම්බ්‍රාණි, පූ සාම්බ්‍රාණි, හඳුන් ලාටු යන මේවා එකට එකතු කර කුඩු කර මේ සුවඳ දූපය සාදා ගැනීම සිදු කළ යුතුයි. ඉන් අනතුරුව කිළිකුණුවලින් වැළකී සුද්ධ පවිත්‍ර වී මෙය ජීවම් කරන ජපකාරකයා ස්නානය කර සුද්ධ පවිත්‍රව තෙරුවන් කෙරෙහි අපමණ විශ්වාසයෙන් අඩුම තරමින් 108 වතාවක් මෙම අභිසම්භිධාන මන්ත්‍රයෙන් මේ උතුම් සුවඳ ධූපය ජීවම් කරගන්න. උදේ සවස මෙම සුවඳ ධූපේ තම ව්‍යාපාරික ස්ථානයේ නිවසේ භූමියේ දැල්වීමෙන්, සුවඳ දුම් පැතිරවීමෙන් අප්‍රමාණ ගුණයක් ඔබට ලැබෙනු ඇත. විශේෂයෙන් බාල දරුවන්ගේ අමනුෂ්‍ය දෝෂවලට දරුවන්ගේ බාලගිරි දෝෂයට මෝහිණි දෝෂය ඇතුළු නපුරු හීන දැකීම වළකාලීමට මෙන්ම අංගම් සූනියම්වලින් ගෙවතු ආරක්ෂාවටද, ඇස් වහ කටවහ ආදී සියලු උපද්‍රා නැතිවීමට සහ ග්‍රහ දෝෂ වළකා ගැනීම පිණිස ද, අමියා අජීර්ණ ආදිය නැසීමටද බාල දරුවන්ගේ වලිප්පුව ආදී විසම රෝග සුව කරගැනීමටද, අලි කොටි වලසුන් ඇති අඩවියේ නිරුපද්‍රිතව විසීමටද වින කරදෙන දෙයින් එන විෂම උපද්‍රව වැළකීමටද මළ ප්‍රේත ගෙවල ප්‍රේත යකුන් නිසා ඇතිවන ආහාර අරුචියටද, නොයෙක් මළ යක්ෂ දෝෂ අමනුෂ්‍ය සහ බහිරව බලපෑම් දුරුකරගෙන ස්ථාන යහපත්ව ආරක්ෂා කර ගැනීමටද මෙම මහානුභාව සම්පන්න අභිසම්භිධාන ජීවම සිදුකර ගැනීම ඉතා බලවත්ය.

බුද්ධ මන්ත්‍ර සූත්‍ර අතර ඇති සුවිශේෂීම බුද්ධ මන්ත්‍රය අභිසම්භිධානයයි. නවග්‍රහයින්ගෙන් වන සියලු ග්‍රහ දෝෂ දුරුකර ගැනීම සඳහා උදේ සවස මෙම පිරිත නිරතුරුව භාවිතා කිරීම තරම් තවත් ආරක්ෂාවක් නැති තරම්ය. එමනිසා ඉතාම ගෞරවයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් මෙම උතුම් අභිසම්භිධාන ජීවම ප්‍රයෝජනයට ගෙන සකල උපද්‍රවයන් දුරුකර සියලු ආරක්ෂාව ලබා ගැනීමට පින්වත් ඔබ කටයුතු කරන්න.

පාඨක පින්වත් ඔබට අපට ලබා දිය හැකි උදාරම දායාදය බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බැන්ද වූ මේ උතුම් අභිසම්භිධාන ජීවමයි.

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)


අභිසම්භිධානේ ජීවම

1. නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම්
ලුහු ලුහු පරමේ ස්වාහා

2. නමො සම්මා සම්බුද්ධෙ යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම්
ලුහු ලුහු පරමේ ස්වාහා

3. නමො පච්චෙක සම්මා සම්බුද්ධෙ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහා

4. නමො ආනන්ද ථෙරො යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම්
ලුහු ලුහු පරමේ ස්වාහා

5. නමො කාස්සප මහා ථෙරො
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහා

6. නමෝ සීවලී මහා ථෙරො යුත්තේ යුත්තේ
පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

7. නමො සාරිපුත්ත මොග්ගල්ලානේ
යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

8. නමෝ අංගුලිමාල මහා ථෙරො මහා වීරෝ මහා කායො මහා බලො යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති
තීහුම් තීහුම් ලුහු ලුහු පරමේ ස්වාහා

9. නමො සත්තිංස බෝධි පක්ඛිකො චත්තාරො සතිපට්ටඨානා, චත්තාරො ඉද්ධිපාදං, චත්තාරො සම්පදානි, චත්තාරො අරිය සච්චානි, පංචෙන්ද්‍රියානි, පංචබලානි, සප්ත බොජ්ඣංගානි, අරියො අට්ඨංගිකෝ මග්ගො බුද්ධ මන්තං මන්තං ච ධමිම්ම මන්තං මන්තං ච සංඝ මන්තං මන්තං ච ඉමං ආතුරස්‍ය සබ්බ රොගං සබ්බදෝසං සබ්බන්තරාය විනස්සන්තු විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division