Home » 2024 අලුත් අවුරුද්දේ උපන් නැකතට අනුව පලාපල – ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

2024 අලුත් අවුරුද්දේ උපන් නැකතට අනුව පලාපල – ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ

by sachintha
April 20, 2024 12:44 am 0 comment

දාවූ 2024 වසරේදී තමාගේ කලදසාව කෙසේ වේවිද යන්න බොහෝ දෙනෙකුට ඇති ප්‍රධාන ගැටලුවකි. ඔබ ජන්ම ලාභය ලත් මොහොතේ පවතින ග්‍රහ තත්ත්වයට අනුව එදිනට යෙදෙන නැකතක් තිබේ. එම නැකත ඔබ උපන් නැකතයි. ඒ අනුව ලැබුවා වූ 2024 වසර ඔබට, ඔබගේ නැකතට කෙසේදැයි විමසා බලමු. මෙවර දැනුම්වත් කිරීම ඔබේ උපන් නැකත අනුව 2024 වසරේදී ඔබට ලැබෙන සුබ අසුබ පිළිබඳවයි.

නැකත් 27ටම සුබ අසුබ දැන ගන්න

අස්විද – අනාගත සැලසුම් ක්‍රියාවට

මෙතෙක් පැවති ගැටලු නිරාකරණය කර ගැනීමටත් අනාගත සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති යහපත් වූ වසරකි. ධනය හිඟ නොවේ. වන්දනා කිරීමට හෝ රැකියා කටයුතු සඳහා හෝ දීර්ඝ ගමන් යෙදිය හැකිය. දරුවන් ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණය ලබයි. ගෞරවය රැකෙන පරිදි ජීවිතය පවත්වා ගැනීම වැදගත් වේ. ඒ ඔබට නොගැළපෙන පුද්ගලයන්ගෙන් සිත් රිදීම් සහ කලකිරීම් පැමිණීමට ඉඩ ඇති බැවිණි. එහෙත් දරුවන්ගේ ජයග්‍රහණ නිසා ඔබට සතුටු විය හැකි වසරකි.

බෙරණ –ජයග්‍රහණ රැසක් ලැබෙන කාලයකි

සිකුරුට අයත් බෙරණ නැකතින් උපන් ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඔබට මේ වසරේදී ජයග්‍රහණ රාශියක් අත්කර ගත හැකිය. ඔබ සිතන පතන ආකාරයටම දියුණුවට මාවත සැලසේ. මිශ්‍රපල උදාකර දෙමින් ආරම්භ වන වසර ඔබට, ඔබගේ සහකරුට සහකාරියට සුබ වෙයි. අනාගත සැලසුම් යොදා ගනී. වසර මැද උදාවන මාස කිහිපය විදෙස් ගමනක් යොදා ගනී.

කැති- රැකියා කටයුතුවලට යහපත්

රවිට අයත් කැති නැකතින් උපන් ඔබ නීතියට යුක්තියට සමාදානයට කැමති වසරක් වන අතර, කරන කියන දෙයක් වුවත් එළිපිටම කරන ගතියක් ඇතිවේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වෙන් කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණකට ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය යහපත්ව පවතින අතර සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

වැඩ කටයුතුවලට දක්ෂ වන අතර කරන කියන දේ ඉතා හොඳින් කරයි. රැකියා කටයුතුවලටද යහපත් වේ. ඇස්වල උදරය ආශ්‍රිත පීඩා ඇතිවිය හැකි අතර, ගෘහ ජීවිතයේ යම් යම් කරදරද ඇතිවනු ඇත. ඕනෑම භාරදූර කටයුත්තකට අත ගසන්නට හැකියාව මේ වර්ෂයේදී සැලසේ. විනෝදකාමී බවට වැඩි ප්‍රවණතාවක් ඇතත් දියුණු තත්ත්වයකට පැමිණේ. එයින් ඔබගේ ජීවිතයට ආශීර්වාද රැසක් ලැබේ.

රෙහෙන – ආගමට දහමට වැඩි නැඹුරුව

සඳුට අයත් රෙහෙන නැකතින් උපන් ඔබට මෙම වසර සතුට උපදවන එකක් වනු ඇත. ඔබගේ උත්පත්ති ග්‍රහචාරයට අනුව කරගෙන යන කටයුතුවලට විවිධ බාධා ගෙන දෙන අතර විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. ඥාති වියෝවීමක් පිළිබඳ පුවතක් අසන්නට ලැබෙන අතර දරුවන්ගේ කටයුතුවලටද බාධා ගෙන දේ. පලක් නැති ගමන් බිමන් යෙදෙන කාලයකි. උෂ්ණ රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු වැනි දෙයින් ද වරින් වර පීඩා ඇතිවනු ඇත. නිතර විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට බලන අතර ගෙදර දොර කටයුතුවලටද විවිධ බාධා ගෙන දෙනු ඇත. වියදම් අධික කාලයක් වන අතර ස්නායු හෝ නහර සම්බන්ධ පීඩාකාරි තත්ත්වයන් නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සිදුවනු ඇත. ආගම දහම කෙරෙහි ළැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිතර ගමන් බිමන්ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක්ද ලබනු ඇත.

මුවසිරස – වාසනාවන්ත දරුපල

අඟහරුට අයත් මුවසිරස නැකත ආරම්භ වන මෙම වසර ඔබට ද ශුභා ශුභ මිශ්‍රපල ඇතිකරන වසරක් වන අතර, දැඩි උත්සහයකින් යුතුව තම කටයුතු කරගෙන යාමට සිදුවනු ඇත. දරුවන් බලාපොරොත්තු වන අයට වාසනාවන්ත දරුවන්ද ලැබෙනු ඇත. වරින් වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේසම් විය යුතු කාලයකි. මෙතෙක් තමාගේ කටයුතුවලට පැවති බාධා අවම වීම සිදුවන අතර සිතට සතුටක් ඇතිව කටයුතු කිරීමටද ලැබෙනු ඇත. පදිංචි ස්ථානයේ හෝ රැකියා ස්ථානයේ හෝ නිදා ගන්නා තැනත් වෙනස්වන කාලයකි.

අද- මිල මුදල් ලැබෙන කාලයක්

රාහුට අයත් අද නැකතේ උපන් ඔබට යහපත් කාලයක් වන අතර, මෙම වසර යහපත් වන අතර පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් වැඩි කාලයකි. උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කරගෙන යාමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කිහිපයක්ම සාර්ථක ලෙස කරගෙන යාමටද හැකිවනු ඇත. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයක ට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

පුනාවස – යාන වාහන මැණික් සම්පත්

ගුරු ග්‍රහයාට අයත් පුනාවස නැකතින් උපන් ඔබට මෙම වසර පදිංචි ස්ථානයේ සුබ සිද්ධිය පිණිස වැඩි උනන්දුවක් ඇති වේ. ඔබට යහපත උදාවීමත් සමඟින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමිවනු ඇත. මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණකට ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර, අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතියි. සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇත. ඔබට යහපත උදාවීමත් සමඟින් ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමිවනු ඇත. මෙම කාල සීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණකට ඉවත්වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතියි. සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවනු ඇත. අධ්‍යාපනය ලබන දරුවන්ට ජයග්‍රාහී වසරකි. එහෙත් යම් යම් බාධක, අපල, අසනීප මතුවිය හැකි බැවින් බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජාමය කටයුතුවලට සහභාගි වන්න.

පුෂ – අලුතින් අරඹන කටයුතුවලට සුබයි

ලැබීම් අතින් සතුටු විය හැකි මට්ටමක් පවතියි. ඔබගේ ග්‍රහචාර අනුව යහපත් ප්‍රතිඵල දෙන වසරකි. වසර මැද පදිංචි ස්ථානයේ දියුණුවකට

කරුණු යෙදෙන අතර ස්ථාන වෙනසක්ද ඇතිවනු ඇත. නිතර වැඩකටයුතුවල යෙදී සිටීමට කැමැත්තක් දක්වන අතර විදේශගතවීම්වලට ද යොමුවනු ඇත. ඉගෙනීමේ කටයුතුවල නිරත වන අයට ඒ සඳහා බාධා ගෙන දෙනු ඇත. උත්සාහයෙන් කටයුතු කරගෙන යාමටද ලැබෙන අතර අන් අයගේ වචනයට ඇහුම්කන් දී කටයුතු කිරීමෙන් යම් දියුණුවකට පැමිණීමටද හැකිවනු ඇත. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවකින් යුතුව කටයුතු කරන අතර ක්‍රමානුකූලව වැඩ කරගෙන යාමෙන් ජයග්‍රහණයක් අත්කර ගැනීමටද හැකිවනු ඇත. ඔබගේ මෙම වසර තරමක් දුරට ශුභපල අත්කර දෙන වසරක් බව පෙනේ. අලුතින් කටයුතු ආරම්භ කර කරගෙන යාමට හැකිවන අතර විදේශගතවීම්වලට ද කරුණු යෙදෙනු ඇත. අන් අය අතර හොඳ හිත දිනාගනිමින් කටයුතු කිරීමට හැකිවන අතර පලක් නොමැති දෙයට කාලය මිඩංගු කරයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. තදබල රෝගයක් නැත. උත්සාහයෙන් යුතුවම සෑම දෙයක්ම කරගෙන යාමට සිදුවන අතර පැවති උත්සාහය, උනන්දුව අඩුව යනු ඇත. නොකළ වැරදිවලට පවා චෝදනා එල්ලවන කාලයක් බැවින් කරන කියන කටයුතුවලදී බොහෝ ප්‍රවේසම් විය යුතුය. හදිසි අනතුරු, තුවාල කැඩුම් බිඳුම් වැනි දෙයට ලක් වීමට ඉඩ තිබේ. පිනට දහමට වැඩි නැඹුරුවක් ඇත.

අස්ලිස- බුද්ධිය මෙහෙයවීමෙන් ජයග්‍රහණ

මෙම වසර ඥානය ගෙන දෙන වසරක් වන අතර ඉගෙනීමේ කටයුතුවල යෙදෙන අයට සුබපල අත්කර ගැනීමටද හැකිවන කාලයක් වනු ඇත. පොතට පතට ලිවීමට කියවීමට ආශාවක් දක්වන අතර ගුප්ත ශාස්ත්‍ර වැනි දැ ඉගෙනීමටද යහපත් වේ. සමේ රෝග ලේවලින් පිටවිය යුතු විෂ හරියාකාරව පිට නොවීමෙන් සෑදෙන රෝග සෑදීමටද ඉඩ තිබේ. දරුපල ප්‍රමාද වීමෙන් කනස්සල්ලෙන් සිටි අයගේ පැතුම් ඉටුවෙන වසරකි. හැකිතාක් දැහැමිව කටයුතු කරන්න. රැකියා, ව්‍යාපාර කටයුතු සඳහා මහත් කැපකිරීමක් කිරීමට සිදුවේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වූ ග්‍රහබල ශක්තීන් මතු කෙරෙන කාලයකි. රැකියා කටයුතුවලට යහපත් වන අතර විශේෂයෙන් බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවලින් ජය ලැබීමට හැකිවනු ඇත. නිදහසට තදින්ම ගරු කරන කාලයක් වන අතර ඉක්මන්වී කලබලකාරි ලෙස කටයුතු කරන අවස්ථාවන්ද ඇතිවේ. අදහස් පතළ කිරීමේ ශක්තියද ලැබෙනු ඇත.

මා – උසස් අධ්‍යාපනයට විදෙස්ගත වීමේ භාග්‍යය

කේතුට අයත් මා නැකතේ උපන් ඔබට මෙම වසර කලා කටයුතුවල නියැළීමට හා පොත පතේ දැනුම වැඩිදියුණු වන වසරකි. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටි අයට සුබපල අත්වන බවක් දක්නට ලැබෙයි. ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැඛීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපල ඇත. දරුවන්ගේ ජයග්‍රහණ දැක සතුටු වෙයි. මංගල යෝග උදාවන කාලයක් බැවින් විවාහ වීමට බලාපොරොත්තුවන අයගේ අපේක්ෂාවන් මල්පල ගන්වන කාලයකි. අධ්‍යාපනයට බර වූ වසරකි. නිතර නිතර උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වීමට අවස්ථාව සැලසේ. නව ඉදිකිරීම්, නිවාස ඇස්තමේන්තුගත කිරීම් වැනි ක්ෂේත්‍රයන්හි රැකියා ලාභ තමාට හිමිවෙයි.

පුවපල් – තරග විභාග ජය

අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක වන වසරකි. තරග විභාග ජය, විදෙස් ශිෂ්‍යත්ව ලාභ ලැබෙන කාලයකි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ. මැණික් ලාභ මතු කරන වසරකි. රජයේ දීමනා වරප්‍රසාද හිමිවෙයි. පෙම් සබඳතා සාර්ථක වන වසරකි. දරුවන්ගේ කටයුතු පිළිබඳව ප්‍රගතියක් ඇති කරන වසරකි. නි‌ෙවසට අවශ්‍ය දෑ නිතර නිතර ලැබෙන කාලයකි. වාසනාව, ප්‍රීතිය නිරතුරුවම සතුට ඇති කරන හේතු කාරණා යෙදේ. අලුත් වස්ත්‍ර, දේපළ ලාභ හිමිකර දෙයි. ඖෂධ නිෂ්පාදන කටයුතු සම්බන්ධව විශේෂ පුහුණුවක් ලැබෙයි. ගණිත, මිනිත සම්බන්ධව නව නිපැයුම් සිදු කළ හැකි වසරක් වෙනු ඇත. වසර අවසානය නිවාස ලාභ හිමිකම් තමාට ඇතිවේ. වැඩිහිටියන්ගේ වගකීම් පිළිබඳව වැඩි කාලයක් යොදවන්න.

උත්‍රපල්- මනා සැලසුමකින් ජීවිතය ගෙවයි

රවි ග්‍රහයාට අයත් උත්‍රපල් නැකත හිමි ඔබට මෙම වසර ඇසුරු කරන්නට ලැබෙන බුද්ධිමත් ඥානවන්ත අයගෙන් ලැබෙන ගුරුහරුකම් ජීවිතයට සාර්ථක කර ගැනීමට උපකාරයකි. ජීවිතය මනා සැලැසුමක් ඇතිව පවත්වාගෙන යෑමට ඉඩ සැලසෙන අතර අසීරුතා ද මගහැරී යයි. ජයග්‍රහණ ලබයි. අසනීප, අපල පවතින බැවින් ඒවාට පිළිවෙත් කරගන්න. මේ වසර තුළ ඔබට අන්‍යයන්ගේ ගැටලුවලට උදවු උපකාර කරන්නට වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. මුදල් හදල් ලැබීම් අතින් ශක්තිමත්ය. වචනය ප්‍රියමනාපව හසුරුවා ගැනීමට සමත් වේ. ඒ නිසා මිතුරු සංගමය ද වැඩිවේ. අධ්‍යාපනික කටයුතු සඳහා තරමක බාධා මතුවන බැවින් වත් පිළිවෙත්වලට යොමු වීම වැදගත්ය.

හත- අපේක්ෂා අරමුණු ඉටුවන කාලයක්

ඔබගේ නැකත් අධිපති සඳු ග්‍රහයා ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වසර පසුගිය වසරේ ඔබේ සිත තුළ පැවැති අපේක්ෂා සහ අරමුණු ඉටුකර ගැනීමට බාධා පැමිණියේ නම් මේ නව වසර තුළ ඒවා ඉෂ්ට සිද්ධකර ගැනීමට හැකියාව ලැබේ. අන්‍යයන්ට කරදරයක් නොවී තම දියුණුව සලසා ගැනීමට උනන්දු වේ. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අසරණ දරුවකුට පොතපත පරිත්‍යාග කිරීමෙන් වසර පුරා චිත්ත ශක්තිය වර්ධනය කරගත හැකිය. පවුලේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. මිල මුදල් ලැබීමට යහපත් වුවත් වියදම් වැඩි කාලයක් වන අතර, උසස් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කරගෙන යාමේ හැකියාවක්ද ඇතිවනු ඇත. ඉඩකඩම් දේපළ ලැබීමට යහපත් වන අතර යොදාගත් කටයුතු කීපයක්ම සාර්ථක ලෙස කරගෙන යාමටද හැකි වනු ඇත.

සිත – ජයග්‍රාහි වසරක්

කුජට අයත් සිත නැකතේ උපන් ඔබ අලංකාර විසිතුරු ඇඳුම් පැලඳුම්වලට වැඩිපුර මුදල් වියදම් කරයි. සතුරු කරදර ඉවත් වෙයි. ගෘහ ජීවිතයේ ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. වසර ඔබ ආරම්භ කළ යුත්තේ දහමට නැඹුරුවය. උදේ හෝ සවස බුදුන් වැඳ දෙවින්ට පින් දීමෙන් කරන කියන කටයුතුවලට ආශීර්වාද ලබා ගැනීමටත් අපල අවම කර ගැනීමටත් අවස්ථාව ලැබේ. කෙසේ වුවත් මේ වසර ඔබට ජයග්‍රාහී එකක්ම වනු නිසැකය. උත්සාහය, කැපවීම මත ඔබ වඩාත් ආදර්ශවත් පුද්ගලයකු බවට ද පත්වනු ඇත. අනවශ්‍ය බැඳීම්, අනියම් සබඳතාවලට හසුනොවී සිටීමට වග බලා ගන්න.

සා – දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථකත්වයට

රාහු ග්‍රහයාට අයත් නැකතක් වන සා නැකතින් උපන් ඔබගේ මෙම වසර ශුභපල අත්කර දෙන වසරක් බව පෙනේ. මේ උදාවූ නව වසර ඔබට ඉතා යහපත් වේ. ගෙදර දොර දියුණුව දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵලතාවයට පැමිණේ. එහෙත් කලබලකාරී බවින් මිදෙන්න. ආවේගශීලි අවස්ථාවලදී නිහඬ වන්න. ප්‍රාථමික අංශවල ඉගෙන ගන්නා දරුවනට ඉගෙනුම් වැඩවලට බාධා මතුවිය හැකි බැවින් ඒවාට ප්‍රතිකර්ම යොදන්න.

විසා – ඉඩකඩම් දේපළ හිමිකම

ඔබට සමාජයේ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිව කටයුතු කිරීමට ලැබෙනු ඇත. තම වැඩ කටයුතු සිතන පතන අයුරින් ඉටුකර ගැනීමට ලැබෙන අතර අවිවාහක අයට මංගල යෝග උදාවන යහපත් වසරක් වනු ඇත. ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත් වන අතර වසර අවසානය වන විට අසනීප නිසා ටික දිනක් හෝ එක තැනකට වී සිටීමටද සිදුවිය හැකිය. ආගම දහම කෙරෙහි ළැදි බවකින් යුතුව කටයුතු කරන අතර නිරත ගමන් බිමන්ද යෙදෙනු ඇත. අන් අයගේ දුකට පිහිට වීමෙන් සතුටක්ද ලබනු ඇත. දරුවන් බලාපො­‌ෙරාත්තු වන අයට වාසනාවන්ත දරුවන්ද ලැබෙනු ඇත. වරින් වර සෙම් අමාරු නිසා පීඩා ඇතිවන අතර ජලයෙන් ප්‍රවේසම් විය යුතු කාලයකි. මිතුරු ඇසුර වැඩි වෙයි.

අනුර – කාර්යබහුල වසරක්

නව දැනුම් සම්භාරයකින් යුතු ඔබ මේ වසරේදී අතිශය කාර්යබහුල අයකු බවට පත් වේ. කිසිවකුටත් අත නොපා තම ජීවිතය පවත්වාගෙන යා හැකි අතර, දුවා දරුවන්ට නිසි අධ්‍යාපනයක් සලසන පුද්ගලයකු ලෙස ද ගොඩනැඟේ. ඔබේ දියුණුව ස්ථිරව සැලසෙන වසරකි. ලැබීම් අතින් යහපත් වාසනාවන්ත වසරකි. හිතවතුන් සහ තමාගෙන් උදවු ලබාගන්නට එන අය දෙස අනුකම්පාසහගතව බලයි. මෙලොව පරලොව දෙකේ යහපත ගැනම සිතා පුණ්‍ය කටයුතුවල නියැළෙන බවක් දක්නට ඇත. දූ දරුවන්ට අධ්‍යාපනික ජයග්‍රහණ ද හිමි වේ.

දෙට – ආගමානුුකූල කටයුතුවලට කාලයක්

උදා වූ නව වසර තුළ ඔබට අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වේ. එහෙත් ඔබට ඒවා ජයග්‍රහණය කිරීම අපහසු නැත. අතපය තුවාල වීම් වන වසරක් බැවින් නිතර තම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. ආගමානුකූල කටයුතු සිදුකිරීම මානසික සුවයට සහන ගෙනදෙයි. පෙම් සබඳතා ඇතිකර ගැනීමෙන් අවුල් තත්ත්වයක් පැන නඟී. වසර අවසානයට පෙර නිවෙසේ ආගමික උත්සවයක් පවත්වයි. පොත්පත් කටයුතු කෙරෙහි උනන්දුවීම තමාට වාසිදායක වෙයි. හදිසි තීරණ ගැනීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කරන්න. උදෑසන මෝර පිරිත කීයවීම හෝ ශ්‍රවණය කිරීමත් පන්සිල් ගැනීමෙන් අනතුරුව සූර්ය දිව්‍ය රාජයාට ද පින් දීමත් මඟින් අපල සමනය කරගත හැකිය.

මුල – වන්දනා ගමන් හා දුර ගමන්

කේතු හිමි මුල නැකතින් උපන් ඔබට මෙම වසර ශුභා ශුභ මිශ්‍රපල අත්කර දෙන වසරක් වනු ඇත. ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සලසා දෙන අතර, වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙයි. නමුත් මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී. මුදල් ලැබීමට යහපත් වන අතර විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින්නේ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීමටද හැකිවනු ඇත. කම්මැළි අලස ගතියක් ඇතිවන අතර නිතර නිදිමත ගතියක්ද ඇති වේ. ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. ඒ නිසා සුබ වගේම අසුබ පලත් ලැබෙයි. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතියි. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේ. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය රැකගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළක වාසි හිමිවේ.

පුවසල- බුද්ධිය මෙහෙයවා කටයුතු කළයුතු කාලයක්

මිශ්‍රපල උදාකර දෙමින් ආරම්භ වන වසර තමාට තරමක පීඩා ගෙනදෙයි. යොදාගත් කටයුතු කිහිපයක් වෙනස් කර දමයි. දූ දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිත් පීඩා ඇති කර ගනී. හවුල් ව්‍යාපාර කටයුතුවලට එක් නොවන්න. කලට වේලාවට තමාගේ කටයුතු කර ගැනීමට අවස්ථාවක් නොලැබෙයි. බුද්ධියෙන් සිතා කටයුතු කිරීමට උනන්දු වන්න. මෙම වසර ඔබගේ කටයුතු තරමක් දුරට ඉෂ්ට කර ගැනීමට අවස්ථාව සැලසේ. නිතර නිතර ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීමෙන් රෝග තත්ත්වය උත්සන්න වෙයි. වසර මැදදී ගනු ලබන තීරණ හේතුවෙන් පදිංචියේ වෙනසක් වෙයි. පොත්පත් සම්බන්ධ කටයුත්තක් වෙනුවෙන් තමාට ගරු, නම්බු හිමිවෙයි. සමාජයේ පොදු කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යොදවයි. දුර බැහැර ගමන් පිළිබඳව දෙවරක් සිතා එක්වන්න. ගින්දර, ජලය නිසා අනතුරු ඇතිවන වසරකි. ස්නායු සම්බන්ධව මෙන්ම ඇස් සම්බන්ධ පීඩාකාරි තත්ත්වයක්ද ඇති කරයි. අන්‍යයන්ගේ දුකට පිහිටවන ගතියක් ඔබ තුළ පිහිටයි.

රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන හිමිවන අතර, තැන්පත් ධනයක් ද පවත්වා ගත හැකි වේ. පොත පතේ දැනුම වර්ධනය වේ.

උත්‍රසල- රසවත් ආහාර පාන ලැබේ

ස්වෝත්සාහයෙන් නැඟී සිටින ආදර්ශවත් චරිතයක් බවට පත්විය හැකි 2024 වසර ඔබේ ජයග්‍රාහී වසරයි. ඔබ යටතේ තවත් කිහිප දෙනෙකුට ජීවනෝපාය මාර්ග සකසා දීමට වුව ද හැකිවේ. රැකියාව සම්බන්ධ වැදගත් තීරණ ගන්නා වසරක් වෙනු ඇත. ප්‍රධානීන් සමඟ ගැටුම්වලට එක්වීමට යොමු නොවන්න. රසවත් ආහාර පාන නිතර ලැබෙන කාලසීමාවකි. ගෙදර දොර වැඩිහිටි පිරිස වැඩිවෙයි. ආගන්තුක සත්කාරයෙහි නිරතවීමට වැඩි කැමැත්තක් ඇති කරයි. වසර අවසානය මවට පියාට අපල ගෙන දෙයි. ඔබ ප්‍රබල චරිතයක් මෙන්ම ආදර්ශවත් පුද්ගලයකු ලෙස සමාජයේ පිළිගැනීමට සහ අවධානයට පාත්‍ර වේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ද නිවැරැදි මාවතකට අවතීර්ණ වීමේ වාසනාව සැලසේ.

සුවණ- ස්ව උත්සාහයෙන් දියුණුව

ඇස් රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්ය. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතියි. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වෙයි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා රැකගැනීම ඔබට හැකිවෙයි. පරම්පරාගත දේපළක වාසි හිමිවේ. පදිංචි ස්ථානයේ දියුණුව සැලසෙන, දූ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඵල වන වසරකි. නිරවුල් මනසකින් කටයුතු කළ හැකි වාතාවරණයක් සැකසෙන අතර, මේ වසරේදී ස්ව උත්සාහයෙන් නැඟී සිටීමට උනන්දු වන්න. හැකිතාක් මානුෂික ධර්මතා හඳුනාගෙන අන්‍යයන්ට උපකාර කරන්න. වැඩිහිටි දරුවන්ගේ කටයුතුවලින් විවේකයක් ලබයි. මුල් මාස කිහිපය අධ්‍යාපන ජයග්‍රහණයන් උදා කර ගනී. ගින්දර සම්බන්ධව කටයුතුවල යෙදෙන වෘත්තිකයන්ට පරිස්සම් විය යුතු වසරකි. තමාට වැදගත් නොවන අය හා වාද විවාදයට නොයන්න.

දෙනට-හදිසි මැණික් වාසනා

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතු කිහිපයක් සම්බන්ධව ඔබට වගකීම් දැරීමට සිදුවෙනු ඇත. වසර මැද කාලය උදා වන විට දෙමාපියන්ගේ කටයුතු කීපයක් වෙනුවෙන් පිට ප්‍රදේශයකට යාමට සිදුවේ. රජයට සම්බන්ධ තරග විභාග ආදියට පෙනී සිටී. වසර මැද කාලය තමාට හා දරුවන්ට පවුලෙන් ඈත් වී සිටීමට කරුණු කාරණා යෙදේ. වසංගත රෝග තත්ත්වයන්ට මුහුණ පායි. වසර අවසන් කාලය නේවාසිකව කාලය ගත කිරීමට සිදු වෙනු ඇත. පොළොව සම්බන්ධ කටයුතු කරන හා රැකියාවල නිරතවූවන්ට ලාභ ගෙනදෙයි. හදිසි මැණික් වාසනා මතු කරන වසරකි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන අයට වැඩි වාසි සැලසෙයි. පෙර වසරේ නිමාවට පත්කරගත නොහැකි වූ කටයුතු කීපයක් නිමාවට පත් වේ. රථවාහන සම්බන්ධ රැකියා කරන අයට වැඩි ලාභ අත්කර ගත හැකි වෙයි. වසර ආරම්භ වන්නේ ඔබට රජයේ උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමටයි.

සියාවස-ඉඩකඩම් ගේ දොර වාසනාව

ඉඩකඩම් හෝ ගෙවල් දොරවල් හිමිකර ගැනීමේ භාග්‍යයක් පවතී. ආත්ම ශක්තිය, කාර්යශූර බව යහ පැවැත්ම නිසා ඔබේ අනාගත සැලසුම් ක්‍රියාත්මක කර ගැනීම පහසු වේ. විදෙස් ගමන් ද සඵල වේ. බිරියගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායක වනු ඇත. මේ වසර තුළ ඔබ ඔබේ විය පැහැදම් ගැන සැලකිලිමත් විය යුතුය. අවශ්‍ය දෑ පමණක් තෝරා බේරා ගෙන හැකිතාක් බුද්ධිමත්ව මුදල් වියදම් කරන්න. එවිට මේ වසර ඔබට ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමට හැකියාව ඇත. අධ්‍යාපනය ලබන දූ දරුවන්ද නිතර ආගම දහමට යොමු වී කටයුතු කිරීමෙන් සුබපල ළඟාකර ගත හැකි වේ. විවිධ ජයග්‍රහණ අත්කර ගනී.

පුවපුටුප අනාගත සැලසුම් දිරියෙන් ශක්තියෙන්

මෙතෙක් කාලයක් සාර්ථකව පැවති යම් යම් කාරණාවලට බාධා එල්ල වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට අපල ඇත. ලැබීම් නොසිතූ ලෙස පහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට අසුබ දායක වනු ඇත. ඔබ දිරියෙන් ශක්තියෙන් හා මනා කළමනාකාරිත්වයකින් යුතුව අනාගත සැලසුම් ක්‍රියාත්මක කරයි. විරුද්ධවාදීන් සිටියේ නම් ඒ අය ද ඔබේ මිතුරන් බවට පත්වන කල දසාවකි. විවිධ ජයග්‍රහණ අත්කර ගනී. කිසිම විටෙක අන්‍යයන්ගේ උදවු උපකාර බලාපොරොත්තු නොවී මේ වසර සැලසුම්සහගතව කටයුතු කිරීම ඔබේ දියුණුවට හේතු වේ. ධනය සහ දේපළ හිමි වීමේ භාග්‍යය ද ලැබෙන මේ වසර ඔබේ ජීවිතයට සාර්ථකත්වය උදා කරයි. වැඩිහිටි සහෝදරයන්ගෙන් උපකාර හිමිවන කාලයකි. රථවාහන කටයුතු පිළිබඳව වැඩි කාලයක්, වේලාවක් ගත කිරීමට සිදුවෙනු ඇත. වසර අවසානය පොත්පත් ලිවීම පිළිබඳව අවධානය යොමු වෙයි.

උත්‍රපුටුප- රැකියාවේ ස්ථාන මාරු

ඉඩකඩම් දේපළ වැනි දෑ ලැබීමට යහපත් වන අතර වසර අවසානය වන විට අසනීප නිසා ටික දිනක් හෝ එක තැනකට වී සිටීමටද සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් උත්සාහයෙන් යුතුවම කටයුතු කරගෙන යාමට සිදුවන අතර රැකියා කටයුතුවල නිරත වන අයට ස්ථාන මාරු වැනි දෑ ඇතිවනු ඇත. විභාග ජය අත්වන කාලයකි. වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රැකියා ලාභ ගෙනදෙයි. වසර අවසානය උදා වන්නේ දෙමාපියන්ගේ කටයුතු කිහිපයක් සාර්ථක කර දෙමිනි. ගෘහ ජීවිතය සාමදානයෙන් පවත්වාගෙන යෑමට හැකි වාසනාවන්ත කාල පරිච්ඡේදයකි. හිතේ ස්ථිර ගතියක් ඇතිවනු ඇත. සමේ රෝග, උෂ්ණ රෝග වැනි අමාරු ඇති වීමටද ඉඩ තිබේ.

රේවතී- අපේක්ෂා මුදුන්පත් වන කාලයක්

යුතුකම් ඉටු කරමින් සාධාරණව තම ජීවිතය පවත්වාගෙන යන අතර, අන්‍යයන්ට ද උදවු උපකාර කරන්නට අවකාශ සැලසෙන කාලයකි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන ඉතා ගෞරවාන්විතව තම කටයුතු කර ගැනීමට වාසනාව ලැබෙන වසරකි. පසුගිය වසරේදී අතපසු වී තිබූ අභිමතාර්ථ මුඳුන් පමුණුවා ගැනීමට අවස්ථාව සැලසේ. එමනිසා වසර ආරම්භයේදීම නිසි සැලසුමක් ඇතිව සියලු කටයුතු ආරම්භ කරන්න. රැකියාවලින් උසස් වීම් හිමිවීමට භාග්‍යය තිබෙන අතර, නව රැකියා අවස්ථා ද හිමිවේ. 2024 වසර ඔබේ අපේක්ෂා මුඳුන්පත් කර ගැනීමට භාග්‍යය සලසන වසරකි. එබැවින් උනන්දුවෙන් කටයුතු කරන්න. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට දැනුමෙන් පරිපුර්ණ විය හැකි අවස්ථා සහ පහසුකම් ලැබෙන වසරකි. ආදායම් මාර්ග කිහිපයක්ම කරගෙන යාමට මාර්ගය සෑදෙන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයක් වනු ඇත. උෂ්ණ රෝග ලේ විෂවීම් නිසා වරින්වර පීඩා ගෙන දෙන කාලයක් වනු ඇත. මෙම වසර තරමක හිතේ චංචලසහගත බවකින් කටයුතු කරගෙන යාමට සිදුවන වසරක් වනු ඇත. මංගල යෝග උදාවන කාලයක් බැවින් විවාහ වීමට බලාපොරොත්තු වන අයගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වන කාලයකි. ආහාර නොදිරවීමේ රෝග සෙම් අමාරු ආදියෙන් පීඩා ඇතිවන කාලයයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division