Home » බලාපොරොත්තු 108 ක් සපල වන මහා බලසම්පන්න කඩවර මන්ත්‍රය

බලාපොරොත්තු 108 ක් සපල වන මහා බලසම්පන්න කඩවර මන්ත්‍රය

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– හොඳ ප්‍රතිඵල සඳහා 1008 වර බැගින් රාත්‍රී 7 – 11 අතර භාවිත කරන්න
– භාවිතයට පෙර කළ යුතු වත් පිළිවෙත්

හොඳට නරකට දෙකටම එකසේ ප්‍රතිඵල ලබාදෙන මහා බලගතු කඩවර දෙවියන්ගේ ඉතාම රහස් ‘අති ප්‍රබල කඩවර මන්ත්‍රය’ මහා බලසම්පන්න එකකි. මෙම කඩවර මන්ත්‍රයෙන් පල ප්‍රයෝජන ගැනීමේදී ඉතාම තීක්ෂණ බුද්ධියෙන් යුතුව ක්‍රියා කළ යුතුය. එමෙන්ම අනිවාර්යෙන්ම මන්ත්‍ර සිද්ධිය අවශ්‍ය වේ. මෙම මන්ත්‍රය ක්‍රියාවෙහි යෙදවීමේදී දේවාල හෝ වෙනත් ස්ථාන (ආවරණය කරන ලද) සිදු නොකළ යුතුය.

මන්ත්‍රිකයා එසේත් නැතිනම් ඇඳුරාට සිල්වත් ගුණවත් සේම පංචශිලයෙහි පිහිටුවා ජීවත්වන අයකු මෙන්ම දේව භක්තිය තිබිය යුතු අයෙකි.

කඩවර මන්ත්‍රයෙන් මේ මන්ත්‍රයෙන් මිහිපිට පුද්ගල අවශ්‍යතා 108 ක් සඳහා පල ප්‍රයෝජන ගත හැකිය. සමාජ ගත මු මන්ත්‍ර පොත පතෙහි හෝ වෙනත් පුරාතන පුස්කොළ පොත පතෙහි පවා ඉතාම අල්ප වශයෙන් හෝ දැකීමට නැති තරම් වු ඉතාම අල්ප වශයෙන් දුර්ලභ එහෙත් අසීමිත ප්‍රතිඵල දෙන මෙම මන්ත්‍රය සිද්ධි කර ගැනීමේදී දින 09 ක් තමා පෙහෙවස්ව මුල සිට අගටත් අග සිට මුලටත් 1008 වර බැගින් රාත්‍රියේ 7 -11 ත් අතර භාවිත කිරීමේදී සිද්ධිය ලැබේ. අනතුරුව තමාට ඕනෑම කාර්යයක් සඳහා යොදා ගත හැකිය.

මෙහි ගුණ පල ප්‍රයෝජන සඳහන් කරන්නේ නම් හොඳට නරකට දෙකටම ප්‍රයෝජන ලැබෙන අතර උදාහරණ ලෙස සඳහන් කළහොත් තමන් නිර්දෝෂ නඩු හඹවලදී ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන බවට සහතිකය.

ඊට අමතරව ප්‍රමාද විවාහ කටයුතු, ප්‍රමාද දරුපල, ව්‍යාපාර වෙළඳාම්, ගොවිතැන් බත්, සතුරු කරදර, රැකියා ලැබීම, රැකියා දියුණුව, නවග්‍රහ අපල දුරුවීම, විභාග සඳහා භාර වීමට ආදී මෙකී නොකී කරුණු කාරණා 108 ක් සඳහා ඉතා සුදුසුය.

එය වසර 30 ක පූර්ණ අත්දැකීම් හා පලපුරුද්ද අනුව ඉතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය. එතරම්ම විශ්වාසයෙන් යුතුවම සහතික කරන්නේ ඉතාම වගකීමෙන්ය.

උන්වහන්සේට යහන් පහන් දීමේ දී බුලත් පුවක්, සඳුන් මී, පැණි, විලඳ, ලද පස්මල්, කැලෑ රත්මල්, සුවඳ සාම්බ්‍රාණි ආදී කොටගත් අංග සම්පූර්ණ යහන් මාලාවක් සකසා සුභ කටයුතු සඳහා පුර පක්ෂයටද අසුභ කටයුතු සඳහා අව පක්ෂයද තෝරා ගමාගේ පක්ෂියා රජ භෝජන අවස්ථාවක් අල්ලා සියල්ල ආරම්භ කිරීමේදී බලා සිටියදී ප්‍රතිඵල ඇස් පනාපිට ලැබෙනු ඇත.

අති ප්‍රබල කඩවර මන්ත්‍රය

ඕං සුරවනාරායනේ ශිනි සැර සත් කඩවර
වර වර මන්ත්‍ර කඩවර දිෂ්ටි ශරයුම් වර වර
කඩවර නමස්කාර වර වර සලිත සලිත
සර්ව කාරණා දිෂ්ටි ශර ශර වර වර හෘද සැර
සර්වාංශය වෙව්ලා වර මා කී දේ අසා
වර මා කිවා අසා වර වර දිෂ්ටි දිෂ්ටි වර
වෙව්ලා වර වර කඩවර වර වර
නමහඃ දිෂ්ටි වර වර තමඃ

මෙය අති ප්‍රබල කඩවර මන්ත්‍රයකි. ඉතා සරල එහෙත් ප්‍රතිපල ප්‍රබල දුර්ලභ මන්ත්‍රය අත්හදා බලා ප්‍රයෝජන ගැනීමට ඔබත් උත්සාහ කරන්න.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී කේ.එස්.එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division