Home » ධනාත්මක වෙනසක් වෙනුවෙන් ගුණසේකර පදනම එළි දැක්වේ

ධනාත්මක වෙනසක් වෙනුවෙන් ගුණසේකර පදනම එළි දැක්වේ

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ ධනාත්මක වෙනස්කම් ඇති කරමින් ධෛර්යය හා අධිෂ්ඨානය මඟින් පරීවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව ගුණසේකර පදනමේ සභාපති හා තරුණ ව්‍යාවසායක සනුත් ගුණසේකර පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඔහු කියා සිටියේ,

“වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ කැපවීම තුළින් පරිවර්තනීය බලපෑමක් ඇති කිරීමේ හැකියාව සහ අවශ්‍යතාව ඇති අයට ගුණසේකර පදනම උදව් කරනවා.

එය ශ්‍රී ලංකාවේ තරුණ නායකයින් එකමුතු කිරීමට උත්සාහ කරන, දේශපාලන නොවන පුණ්‍යායතනයක් වන “තරුණ සමගිය සහ ප්‍රජා සංවර්ධන මුලපිරීම” යන තේමාව යටතේ සවිමත් වී ඇති අතර, තරුණයින් අතර සහයෝගීතාව පෝෂණය කිරීම, යහපත් අනාගතයක් උදෙසා සාමූහිකව දායක වීමට ඔවුන් බලගැන්වෙනවා.

එසේම, විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ ජීවනෝපායන් ඇති කිරීමට සහාය වනවා. මාගේ පියාගෙන් සහ මාගේ මුත්තණු වන හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න ගුණසේකර මහතාගේ ද ආභාසය ලබා ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවයි. 1978 දී මහරගම ජනාධිපති විද්‍යාලය පිහිටුවීමෙන් ආදර්ශවත් වූ මාගේ සීයාගේ උරුමය ඉදිරියට ගෙන යාමේ මාගේ වගකීම අනුවයි…”

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division